IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


කො⁣රෝනා ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු ආදාහනයට එරෙහිව රිෂාඩ්ගෙන් පෙත්සමක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

කෝවිඩ් 19 වයිරසය  ආසාදනය වී මරණයට පත්වන මුස්ලිම් ජාතිකයින්ගේ  සිරුරු ආදාහනය  කිරීම ඉස්ලාමීය  දහමට සහ ඉගැන්වීම පටහැනි  බවට පවසමින් හිටපු අමාත්‍ය සහ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රිෂාද් බදියුදීන් සහ එම පක්ෂයේ හිටපු  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු  අද (14) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ   මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබුහ.

කෝවිඩ්  වසංගත යට ගොදුරු වී මියගිය අයගේ සිරුරු ආදාහනය  කළ යුතු බව ට රෙගුලාසි  පනවමින්  නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ද මෙම පෙත්සම මගින් ඉල්ලා ඇත.

එස්.අමීර් අලි,ඒ.එම්. මහරූප්,හුසේන්  අහමඩ්  බහිලා මෙහි  සෙසු  පෙත්සම් කරුවෝ වෙති.

සෞඛ්‍ය  ඇමැතිනීතී පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ , සෞඛ්‍ය  අමාත්‍යංශ ලේකම්  භද්‍රානී ජයවර්ධන ,සහ නීතිපති  මෙහි වගඋත්තර කරුවෝ වෙති.

කෝවිඩ් වසංගතයට ගොදුරු වී  මියගිය අයගේ  සිරුරු සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය  පිළිබඳ  සදහන් කරමින්  ඉකුත් අප්‍රේල් 11වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව පෙත්සම්කරුවන් කියා සිටිති.

එහිදි " a " දරන රෙගුලාසි යට අනුව  එම සිරුරු ආදාහනය කළ යුතු යැයිද පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.එහෙත්  ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති  මාර්ගෝපදේශ  මාලාව  අනුව එම සිරුරු ආදාහනය  කිරීම හෝ මිහිදන් කිරීමට  හැකි බවද ඔවූහු සිය පෙත්සමින් කියා සිටිති.

එසේ තිබියදී  මෙරට සිදුවන  මරණ සම්බන්ධයෙන්  කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ ගැසට් නිවේදනයක් නිකුත් කර  එම සිරුරු ආදාහනය කළ යුතු බව ට රෙගුලාසි  පැනවීම  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්  බව පෙත්සම්කරුවන් කියා සිටිති.

සෙසු රටවල එසේ මියගිය අයගේ සිරුරු ආදාහනය මෙන්ම භූමදාන  කරන බවද පෙත්සම් කරුවන් කියා සිටිති.

ඉස්ලාම් දහම අදහන මුස්ලිම් ජාතිකයන් එම දහමට අනුව  මිහිදන්  කල යුතුය. එහෙත්  ඊට පටහැනිව යමින්  මියගිය  අයගේ සිරුරු ආදාහනය කල බවද එය අයිතිවාසිකම්  උල්ලංඝණය කිරීමක්  බවද පෙත්සම්කරුවෝ වැඩිදුරටත් කියා සිටිති.

එබැවින් මෙම  රෙගුලාසි පනවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය  කියාත්මක වීම අත්හිටුවන    අතුරු  තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස  පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිති. 



අදහස් (54)

කො⁣රෝනා ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු ආදාහනයට එරෙහිව රිෂාඩ්ගෙන් පෙත්සමක්

upali Thursday, 14 May 2020 01:50 PM

දැන් ඉතින් චන්දෙ ගොඩ...!!!

:       11       112

Shafi Thursday, 14 May 2020 01:54 PM

මෙය මීට පෙර කල යුතුව තිබුණා. ප්‍රමාදවී හෝ සිදු කිරීම ගැන සතුටු වෙනවා. දින කිහිපයකට පෙර කිතුණු සහෝදරයන් දෙපලකුත් මෙවැනිම මූලික අයිතිවාසිකම් පෙත්සම් මෙම කරුණ සම්බන්දයෙන්ම මානව හිමිකම් කොමිසමට යොමු කර තිබුණා .

:       3317       174

නික්ල්ස්Thursday, 14 May 2020 05:56 PM

ඔබ ඔය ගියා කියන කතෝලික දෙදෙනාගේ සහ මීසම දන්වනවා නම් ගොඩාක් හොදයි. උඔලාගේ යටි අරමුණුවලට කතෝලිකයින් හෝ ක්‍රිස්තියානින් ගාව ගන්න එපා. අපි මේ රටෙි නීතියට ගරු කර ජීවත් වෙන පිරිසක්...

:       236       1230

jayasekaraFriday, 15 May 2020 05:09 AM

අනේ මෙ අයගේ මහා කරුණාව කතෝලිකයන් ගැන... එතකොට බෝම්බ පුපුරවල කතෝලික සහෝදරයන් ඝාතනය කරනකොට කොහෙද දන්නේ නැහැ කරුණාව තිබ්බේ...?

:       0       0

Samitha Senaka Aluthgamage.Friday, 15 May 2020 02:38 AM

මේ ශාෆි, ලංකාවේ බොහෝ කිතුනුවන්, කතෝලිකයන් සිංහලුන්. ඒ අය ඔයාලා වගේ අන්තවාදී ලෙස සිතන අය නොවෙයි. අනික තමන්ගේ වැඩේට වාසි ගන්න ඕනවෙනකොට කිතුනු සොයුරන්. ඔය සහෝදරකම ඇත්තටම තිබුනා නම්, සහරාන් අරවගේ ව්‍යසනයක් කරාවිද ? නිකං රැවටිලි එපා. අපි දන්නවා අර තොප්පිය හැරෙන පැත්තට කියලා.

:       0       17

BamunuarachchiFriday, 15 May 2020 02:45 AM

නිරෝධායන නීති ආගමික නීතිවලට වඩා බලවත්. මේ නිජ භුමියේ කොරෝනා කාරයින් වළදමන්න එපා කියා සිංහලයින් උද්ගෝෂණය කලයුතුයි.

:       0       0

jayasekaraFriday, 15 May 2020 05:13 AM

එතකොට නුඹලගෙ උන් පාස්කු ප්‍රහාරෙන් බඩේ බෝම්බ එල්ලගෙන අහිංසක කතෝලික මිනිස්සු මරාගෙන මැරිලා පිච්චිලා අලුවෙලා ගියාට කමක් නැහැ .... ඒවා හොදද?... බොරු මල විකාර...

:       0       0

Ananda Thursday, 14 May 2020 01:56 PM

රටෙ තියෙන ලොකුම ප‍්‍රශ්නයක් උසාවියට ගෙනිච්චි එක හොදයි මහත්තයෝ... අපිට බලාගන්න පුළුවන් අධිකරණයේ තීරණය....

:       3       560

jagath Thursday, 14 May 2020 01:59 PM

ඔබතුමා කරුණාකරලා භූමදානය කරන රටක පදිංචිවෙන්න... ඔබතුමා වගේම මමත් කැමැති මෙ බෞද්ධ රාජ්‍යයේ ඔබ වැනා දරුණු සිත් ඇත්තන් ආදාහනය හෝ භූමදානය හෝ කරනවටවත්...

:       59       607

රිසානා පෙරේරා Thursday, 14 May 2020 11:17 PM

ඔබ වැනි මිනිස් අයිතිවාසිකම් ගැන නොදන්නා දූපත් මන්ද මානසිකත්වයෙන් සිටින අයගෙන් බලාපොරොත්තු විය හැකි වන්නේ ඔවැනි පිළිතුරු පමණි.

:       0       0

PrasadFriday, 15 May 2020 02:22 AM

ඔබ බෞද්ධයෙක්ද.? බුදු දහමේ ඔබ කියන දේවල් නැහැනේ.

:       0       0

RaveendraFriday, 15 May 2020 04:49 AM

කොහේ ඉන්න "තුමෙක්ද "? වල් බල්ලන්ට ඌරන්ට, හිවලුන්ට තුමා යන වැදගත් වචනය බාවිතා කිරීමෙන් වලකින ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නෙමු. රිෂාඩ් කියන්නෙත් දියවන්නාව පට්ටියේ ඉන්නා තවත් එක් අයෙක් පමණක් බව අමතක නොකරන්න. ආගම පටලවාගෙන රට ගිනි තැබීමට මානබලන ගම් ඌරෙකි...

:       0       0

Samitha Senaka Aluthgamage. Thursday, 14 May 2020 02:01 PM

මෙ අයට මුස්ලිම් නීතිය අනුව වැඩ කරන්න අවශ්‍යම නම් මිනී ටිකත් අරගෙන අරාබි රටකට යන්න පුළුවන්නේ.. අනික අපේ පොළවෙ කොරෝනා මිනී වැළලුවාම ජල ගැලීමකදී වයිරස් ජාලයට අප්පව බෙරගන්න ඒගොල්ලන්ගේ දෙවියන්ටවත් බැහැ.. කොරෝනා හැදිලා කවුරු මළත් පොදු යහපත සලකා වෛරසය විනාශ විනාශ වීමට අධික උෂ්ණත්වයකදී දැවිය යුතුමයි. මැරුණාම කුණුවෙන මිනියටත් මෙ මිනිස්සුන්ට තියෙන්නේ පුදුම ආශාවක්...

:       146       1046

සෙනෙවිරත්න Thursday, 14 May 2020 02:03 PM

මගේ අදහස මොහුට සාධාරනයක් ඉටුවිය යුතු බවයි. මෙහීදි මතුකල තර්ක අනුව කොළඹ කනත්ත අසල පානීය ලිං, නාන ලිං තිබිය යුතුයි. එවැන්නක තිබෙනවාද අපි නම් නොදනිමු. කොවිඩ් වයිරසය එවැනි මාධ්‍යක වර්ධනය වේ නම් තත්ත්වය මීට වඩා දරුණු විය යුතුය. මුස්ලිම් මල සිරුර ආදාහනය සිංහල ජනයා සතුටු කිරීමට හිතට විරුද්ධව රජය ගත් පියවරකි.

:       765       188

මොහොමඩ් රමීස්Thursday, 14 May 2020 11:22 PM

අන්‍ය ආගමිකයන්ටත් තම තමන්ගේ විශ්වාසය අනුව අවසන් ගමන් යාමට ඇති අයිතිය වටහා ගත් ඔබේ අදහසට ගරු කරමි.

:       0       0

chapaFriday, 15 May 2020 03:00 AM

තමුන්ගේ වත්තේ ඉඩ තියේ නම් ඔවා යට කරන්න පුළුවන්..

:       0       0

චන්දනWednesday, 20 May 2020 07:11 PM

බොරැල්ල කනත්තද ඇතුළුව කොළඹ දිස්ත්‍රික්කයේ සමුද්‍රාසන්න කලාපයේ ඇත්තේ වැලි මිශ්‍ර බුරුල් පසකි. බොරැල්ල කනත්ත පෙනෙන තෙක් මානයකින් ඇල මාර්ගයක් ඇති බැවින් භූගත ජලය පොළොව මට්ටමට ඉතා ආසන්නයෙන් ඇත. භූගත ජල මාර්ග සැතපුම් ගණන් ඈතට විහිදී යයි. සැතපුම් ගණන් කෙසේ වෙතත් සැතපුමකට ආසන්නයෙන් ඇති රාජගිරිය, මොරගස්මුල්ල ප්‍රදේශ වල අදටත් පානීය ජලය ලබා ගන්නා පිරිසිදු පැහැදිලි ජලය ඇති ලිං අදටත් තිබේ. ලංකාවේ ඇත්තේ බොරැල්ල කනත්ත පමණක් නොවන අතර බොරැල්ල කනත්ත දහස් ගණනකින් එකක් පමණි. ලංකාවේ වියළි කලාපයේ පවා භූගත ජලය නොඅඩුව ඇත. අධික උෂ්ණත්වයක් නොමැති තෙත ස්වභාවය බැක්ටීරියා වෛරස් මෙන්ම ඕනෑම ජීවියකුගේ පැවැත්මට බලපාන සාධකයකි. කොවිඩ් කෙල සොටු මාර්ගයෙන් පැතිරෙන්නේත්, එය උගුර නාසය පෙනහැල්ල ඇසුරු කරගෙන වර්ධනය පහසු වන්නේත් එබැවිනි. නොදන්නා හේතු බොහොමයකට වඩා දන්නා එක් හේතුවක් වටිනේය. අපේ ස්වභාවික සම්පත් රැක ගැනීම අපගේ වගකීමකි.

:       0       0

අසේල Thursday, 14 May 2020 02:30 PM

එහෙනම් බෞද්ධයන් වන අපිටත් එම චාරිත‍්‍රවලට අනුව අවසන් කටයුතු කිරීමට අවශ්‍යයි. ඇයි උඹලාට විතරක්..?

:       13       168

Ruhunu Thursday, 14 May 2020 02:33 PM

එහෙනම් ඉතින් මුස්ලිම් රටකට ගිහිල්ලා මියයන්න කියමු...

:       20       189

Athula Thursday, 14 May 2020 03:16 PM

ලෝකයේ අනිත් ආගම්වලට අනුව ආදාහනය තහනම් කරපු වෙනත් ලබ්ධින් තිබෙද? මා දන්නා පරිදි කතෝලික, ක්‍රිස්තියානි යන ආගම්වල එවැනි මතයක් තිබුනත් දැන් එය අවබෝධයෙන් බැහැර කර ඇත...

:       6       97

SumithFriday, 15 May 2020 05:16 AM

මමත් කතෝලිකයෙක් තමයි... අපිත් විරුද්ධයි ආදාහනය කරනවාට... ලෝක සෞක්‍ය සංවිධානය කොපමණ පැහැදිලි කරත් අපේ රටේ මේවා කරන්නේ නැහැ . මුළු ලෝකෙම භූමදානය කරනවා අපේ විතරක් ආදාහනය කරනවා. හේතුව කියන්නේ ජාල මුලාශ්‍රයන්ලු. එහෙනම් අපි ලෙඩ හැදුනු අය අත් හෝදනකොට ඒ වතුර යන්නේ අහසටද දන්නේ නැහැ. හැමදාම මෝඩ විදිහට තමයි හිතන්නේ . ලෝකෙත් එක්ක ඉදිරියට යන්න දන්නේ නැහැ . මහා ලොකුවට අපේ කියවීමේ අඩුවක් නම් නැහැ....

:       0       0

Ahmed Thursday, 14 May 2020 03:19 PM

තමන්ට අවශ්‍ය විදිහට ජීවත් විය හැකියි මැද පෙරදිග ගියොත්...

:       33       233

බෙන් 10 Thursday, 14 May 2020 03:19 PM

වලලන්න බැරිනම් ඔනෑ දෙයක් කරගන්න...

:       0       12

Jerard Thursday, 14 May 2020 03:30 PM

අපිට විෂබීජ සහිත මළමිනීවලින් එන කුණුවතුර පොවලා ලෙඩකරන්න හදනවාට අපිත් පෙත්සම් ගහමු... ඒවා හොදයි මෙ අයට...

:       2       128

binkunndaa Thursday, 14 May 2020 03:38 PM

මෙයාලගේ ශුද්ධ පොතේ ලියලා තියෙන්නේ වසංගත කියා දෙයක් නැති බවයි, ඒ වගේම පොතේ අහනවා ඉස්සෙල්ලාම ආවෙ කාටද කියලා.? එසේනම් එක වසංගතයක් නොවෙ...

:       11       138

hamsa senadheeraFriday, 15 May 2020 05:20 AM

මහ්තයෝ බොරු කියවන්න එපා. නබි තුමා ජීවත්වෙන අවධියේ වසංගතයක් ආව. ඒ වගේම දෙවන කලීෆා තුමාගේ කාලයේ සිරියාවේ වසංගතයක් ආව. නබි තුමා කිව්වේ වසංගතය තිබෙන ප්‍රදේශවලට අතුල්වෙන්නත් එපා ඒ ප්‍රදේශවලින් අනිත් පෙදෙස්වලට යන්නත් එපා කියල . දන්නේ නැත්නම් අහගන්න. හැමදේම අපේ තමයි හරි කියන ලින් ගෙම්බෝ වගේ ඉන්න එපා . අනිත් අයගේ පොත් කියවන්න ආගම් හොදින් පරිශීලනය කරන්න.

:       0       0

Binkunndaa Thursday, 14 May 2020 03:53 PM

කොහොමද එතකොට අර අයිසිස් කාරයෝ පණපිටින් මුස්ලිම් මිනිසුන්ව පණපිටින් පුච්චන්නේ...? ජෝර්දාන මුස්ලිම් ගුවන් නියමුවාට මුලු ලොවම බලා සිටියදී කළ දේ දන්නවනේ...

:       0       317

lalithm Thursday, 14 May 2020 04:43 PM

මොලේ හොද නැති කෙනෙක්... මෙ වගේ අය තමයි ලෙඩ පතුරවන්නේ..

:       45       215

Anton Austria Thursday, 14 May 2020 05:09 PM

බදියුදීන්ටත් එසේ කරන්න කැමති අය ලයික් දාන්න. මාත් කැමති ඔබත් කැමතිද ?

:       96       373

අශෝක් Thursday, 14 May 2020 05:39 PM

මෙයාලා ආයිත් වතාවක් ඉල්ලන් කන්න යන්නේ..

:       46       165

සමන්ත Thursday, 14 May 2020 05:48 PM

මෙයාට අමතකයි පාස්කු බෝම්බ පුපුරාගෙන මැරුනු ඌරන් ටික පිච්චිලා මැරුනා කියලා. නැති ප්‍රශ්න ඇති කරන්න මේ මිනිස්සු දක්ෂයි. යම් විදිහක උසාවිය ඔවුනට පක්ෂව තීන්දුවක් දුනහොත් කොරෝනා රෝගයෙන් මිය යන මිනිස්සුව භූමිදානය කරන්න තමන්ගේ ප්‍රදේශවල කනතු වල ඉඩ නොදෙන්න. එවිට නිකන්ම ආදාහනය වෙයි නැත්නම්. මේ ඌරන්ගේ ගෙවල් වලට ගිහින් දෙයි..

:       263       736

සරත් ද සිල්වා Thursday, 14 May 2020 06:38 PM

මුළු විල්පත්තුවම විනාශ කළාට හරි නම් ඵල්ලන්න ඕනේ.. හැබැයි 225ම හොරු හින්දා මුන්ට නඩුත් නැහැ...., නිසියාකාර නීති නොමැති නිසා හෝ පත්වන ආණ්ඩුවල දේශපාළුවන්ගේ පිහිටෙන් අද ඵළියෙ ඉන්නවා මදිවට කෝචොක් දාන්නත් පටන් අරන්....!!!

:       13       239

SumaneFriday, 15 May 2020 05:33 AM

විල්පත්තුව දැන් කපන්නේ නම් අපේ ලොකු මහත්වරු තමයි ඒ ගොල්ලොන්ව අත් හරිමු .

:       0       0

chandima Thursday, 14 May 2020 07:00 PM

මට නම් මේ වැඩේ ටිකක් අපබ‍්‍රංශයි... මළාට පස්සේ ඒ පුද්ගලයා දිව්‍ය ලෝකේ හරි ස්වර්ගේ හරි නැතිනම් භුතාත්මයකට නොගිහින් තවත් ඒ සරිරේ ඇතුලෙම ඉන්නවද? නැතිනම් මැරුණට පස්සේ කරනදේ ගැන මෙතරම් දුක් වෙන්නේ මොකද?

:       6       212

LansaFriday, 15 May 2020 05:32 AM

ඒ මිනිස්සු අපි වගේ මල මිනිය එම්බාම් කරලා විකෘති කරන්නේ නැහැ. මැරිලා පැය 24 න භූමදානය කරනවා. අපේ වගේ දවස 7 10 තියාගෙන මල මිනිය කරවල කරන්නේ නැහැ . ඉතාම චාම් විදිහට සුදු රෙදි කඩක් පමණක් යොදාගන්නවා. ඒ මිනිස්සු තමන්ගේ දේහයන් ගිනි තියලා විනාශ කරන්නේ නැහැ. වැදගත් විදිහට වල දාල එය ස්වාභව ධර්මයට අනුව විනාශවෙලා යන්න දෙනවා. නැතුව මැරුණු මිනියට ටයි කොට අන්දලා ඔරලෝසු දාලා පදක්කම් ගහලා ලක්ෂ ගණන් නාස්ති කරලා පෙට්ටි හදල පුචන්නේ නැහැ .

:       0       66

jabir Thursday, 14 May 2020 07:25 PM

අපිව නැතිව ආණ්ඩු පිහිටුවන්න දැනට බහුතර ඉන්දියානු ආක්‍රමණිකයන්ට බැහැ... ඔබලාගේ නායකයන් අපිට රටේ මුල්තැන දෙන්න පසුබට වන්නේ නැහැ... බලය සඳහා... එනමුත් අපේ ආගමේ නියමයන්ට රටේ පුරවැසියන් ගරු කල යුතුව තිබෙනවා. ප්‍රදාන නගර බොහොමයක බහුතරය අපේ ප්‍රාදේශීය දේසපාලනය අප විසින් හසුරුවනවා.. එම තැන්වල කුඩු ස්කාගාර මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් නැහැ... සාධාරණව සිදුවෙනවා නමුත් අපේ අවශ්‍යතාවන් සඳහා අපේ ජනයාගේ ව්‍යාප්තියත්, පාලනයත්, බලයත් අවශ්‍ය වෙනවා...

:       1101       57

ShaminFriday, 15 May 2020 06:23 AM

සමස්ත මුස්ලිම් ජනතාවටම කෙළවෙන්නේ මේ වගේ අය නිසා.

:       0       120

ranjith Thursday, 14 May 2020 10:52 PM

චන්ද වලට කෑදර කමට බලයට එන ප‍්‍රධාන පක්ෂ මෙ වගේ මිනිස්සු ඉදිරියට දාගෙන කරගත්තු වැඩක්...

:       0       0

Indhika Thursday, 14 May 2020 11:38 PM

මුස්ලිම් ආගමේ තියෙනවා නේද අනිත් ආගම් වල අය මරන්න කියල. ඔයාල එකටත් අවසර ඉල්ලනවා ඔහොම ගියොත්. අපිට එකටත් නීතියෙන් අවසර ගන්න වෙයි වගේ නේද?

:       0       0

Akila Friday, 15 May 2020 01:32 AM

6 වන සියවසේ විදිහට ජිවත් වෙන්න ගියහම ඔහොම තමයි , මැරුණම එම ජිවියට තිබුන ශරිරය හා කිසිම සම්බන්ද කමක් නැහැ කියල හිතන්න හැකියාවක් නැහැ.

:       0       0

Samitha Senaka Aluthgamage. Friday, 15 May 2020 03:53 AM

මෙ අයගේ ආගම තියෙන්නේ අරාබියේ.. ඒ නිසා මේ රටට වඩා කැමැති අරාබියට තමා. ඒ නිසා මේ රටයි, ඔක්කොම මිනිස්සුයි මක බෑ වුණත් එයාලට මොකද?

:       36       115

චමින්ද ජයනාත් ජයසූරිය Friday, 15 May 2020 04:44 AM

අවසානෙට බලද්දි අරකියන අයි එස් කාරයන්ගෙන්වත්... ඇෆ්ගනිස්ථානෙ තලෙයිබාන් කාරයන්ගෙන්වත්....මේ ගොල්ලන්ගෙවත් කිසිම වෙනසක් නෑ නේද....? තමන්ගෙ උවමනාව ඉටුවෙනවනම් මිනී කදු පිටින් ගොඩ ගැහුනත් මොකද නේද....?

:       19       179

rocky Friday, 15 May 2020 04:46 AM

එක එකාගේ ආගම් අනුව රටේ පොදු නීති සකස් කරන්න පුලුවන්ද? ජයිනාගම්කාරයෙකුට හෙළුවෙන් බස් එකේ යන්න ඉඩදෙන්නත් සිද්ධවෙයි නේ! මේ තක්කඩියා දැන් ගානට වැඩියි.

:       0       0

Rohana Friday, 15 May 2020 05:01 AM

කෙනෙක් මියගිය පසු එහි කිසිම ගත යුත්තක් නැහැ. අවසන් කටයුතු කරන ක්‍රමයත් වැදගත් නැහැ. නමුත් කොරෝන මරණ භූම දානය නිසා ජල මූලාශ්‍ර අපවිත්‍ර වී එම ජලය පරිහරණය කරන මිනිසුන්ට කොරෝන වලටත් වැඩ භයානක ලෙඩ ඇතිවෙන්න පුළුවන්. එමනිසා මෙහිදී ආදාහනය වඩා සෞඛ්‍ය අරක්ෂිතෛ.

:       0       0

Asanga Friday, 15 May 2020 05:06 AM

මෙයා නොකිව්වට ආගම්වාදය පැතිරුණු ත‍්‍රස්තවාදියෙක්...

:       0       0

Mahesh Friday, 15 May 2020 05:24 AM

මම දන්නා තරමින් මුස්ලිම් මිනිස්සු තමයි නියම විදිහට භූමදානය කටයුතු කරන්නේ මරණයට පත් වෙලා පැය 24 යන්න කලින් භූමදානය කරනවා . මැරුණු පුද්ගලයා ධනවතෙක් වුණත දුප්පතෙක් වුනත් එකම සැලකීම. සුදු රෙදි කඩකින් ඔතල ලී පෙට්ටියක් දාල පස් වලින් වහනවා. හොදම උදහරණය තමයි සෞදියේ රජු මැරුණු වෙලාවේ සුදු රෙදි කඩක ඔතල ඉතා චාම් විදිහට භූමදානය කළා. එකට අපේ ඒවා දවස ගානක් තිස්සේ තියාගෙන ඉන්නවා. පෙට්ටියට විතරක් ලක්ෂ ගණන් ඇදුම් අන්දවලා මිනිය එම්බාම් එකරලා විකෘර්ති වෙලා . අපේ වැරදි තියාගෙ අනුන්ට දොස් කියවා.

:       0       18

Vishva Friday, 15 May 2020 05:27 AM

මැරිලා පැය 24න් ඇතුලත භූමදානය කරන්නේ මුස්ලිම් මිනිස්සු විතරයි . සුදු රෙදි කඩක් පමණයි අයිති වෙන්නේ . අපේ දහමේ තියෙන අනිත්‍ය අපිට වඩා හොදින් ඒ මිනිස්සු කරනවා.

:       0       16

MD Friday, 15 May 2020 05:54 AM

රටම ගිනිගන්න වෙලාවෙ මෙයා සුරුට්ටු පත්තු කරන්න හදන්නේ.. පරදේශක්කාරයෝ රටෙ මිනිස්සුන්ට දැන් තියෙන ලොකුම ප‍්‍රශ්නය ඔකද? අපි සිංහලයො වශයෙන් ජාති බෙද නැතිව හැම ජාතියකටම උදව් කරගෙන ඉන්න වෙලාවෙ මෙයාලා ජාතීන් අතර බෙද ඇතිකරලා චන්ද වාසි ගන්නවා. සියලු ජාතීන් මෙවා හොදින් තේරුම් ගන්න...

:       0       0

jayampathi Friday, 15 May 2020 06:12 AM

අපි මෙතන මොන අදහස් පල කළත් විල්පත්තුවේ කැලෑ කපලා ජනාවාස ඉදිකරන්න අවසර දුන්නේ කව්ද කියලා කව්රුත් දන්නවා. ඉතින් නීතිරීති මොනවා වුනත් මොහු පොහොට්ටුවට එකතු වුනොත්නම් ඔය ආදාහන නිති ගැසට්ටුව නිකම්ම වෙනස්වෙයි. එදා රැස්වීමෙන් පස්සෙ සමබන්ධන් හා සුමන්තිරන් මහත්තුරුත් හොද දෙමළ නායකයෝ දෙපලක් කියලා ගම්මන්පිළ මහත්තයා කියන්නේ. ඉතින් ඔහොම තමයි අපෙ රට.

:       2       15

mangala Friday, 15 May 2020 06:32 AM

මෙතන අදහස් දාලා තියන සමහරකට තේරෙන්නේ නැති දෙයක් තියනවා. මේක තමා මුල් අවස්ථාවේ තියන වයිරස් එකක්. තාම හරියට මේක ගැන දන්නේ නැහැ. ඒ නිසා තමයි සෞඛ්‍ය අංශ තීරණය කළේ. මේක පුච්චන්න, එක මේ සහරක්ක්ට තේරෙනවද මන්ද? ඒ ගොල්ලෝ කියන්නේ සින්හලයව සතුටු කරන්න කරාලු. උන් හිතන්නේ මේ සින්හලයව එහෙම කරන්න පුළුවන් කියලා. අනෙක මේක සිංහල, දෙමළ, ක්‍රිස්තියානි, මුස්ලිම් හැමෝටම අදාළයි.

:       0       4

Anton Austria Friday, 15 May 2020 08:54 AM

නුඹලා ආදාහනය ට විරුද්ධ වෙලා අධිකරණයට යනවා වගේ අපේ සිංහලයො නිකන් ඉන්නේ නෑ.. අපිත් යනවා විෂබීජ ඇති මළ මිනී වළලලා අපිට ලෙඩ හදලා මරන්න යනවා කියලා... අපි එකට විරුද්ධයි කියලා.

:       0       0

වර්නන් Friday, 15 May 2020 09:56 AM

මුස්ලිම් නීතිය ආදී කාලයේ තිබුණු තත්වය අනුව සැදුනු ඒවාය. එම කාලයේ ආදාහනාගාර තිබුනේ නැත. ඕනම ආගමක මුලික සිද්ධාන්ත අනුව ක්‍රියාකරන්න. අනෙකුත් ගති පැවතුම්, සිරිත් විරිත් කාලයට අනුව ගලපා ගන්න. සිරිත් විරිත් ආගම නොවේය.

:       0       0

Nandalal DE SILVA - France Friday, 15 May 2020 05:50 PM

ලෝක වසංගතයක් වෙලා තිබෙන කොවිඩ්-19 රෝගයෙන් මැරෙන අය භූමිදාන කිරීම නිසා පාරිසරික ව්‍යසනයක් වෙනවා මදිවාට එම සිරුරු වල තිබෙන විෂබීජ සෑහෙන කාලයක් පොලොව මතුපිට සහ අභ්‍යන්තරයේ සැරිසරන බව විද්වතුන්ගේ මතයයි ! දේශපාලන වාසි තකා මේ රෝගයෙන් මැරුණ අයගේ මළමිනී වැළලීමේ අනුවණ තර්ක පිළිගැනීමට උඩ සිටින අයවත් සූදානම්ද කියා මේ බක පණ්ඩිතයන් මොහොතකටවත් හිතුවාද ? මෙවැනි මිනි වලලන්න ඕනෑම නම් අධිකරණයට නොගොහින් ධනපති මුන්ට කරන්න දෙයක් ඉතිරිවී තිබෙනවා : "මුස්ලිම් මිනී ගුවන් සේවය" කියා එකක් අටවාගෙන මැරෙන ඔක්කොම ඒකෙ දමාගෙන අරාබි රටකට බස්සා එහේ වල දැම්මොත් අපේ රටේ භූගත පිරිසිදු බව තවදුරටත් රැකගැනීමට පුළුවන... රජය මේ මොහොතේ අවස්ථාවාදීන්ට අනවශ්‍ය දේශපාලන පහසුකම් දීමෙන් වැළකිය යුතුය. එවැනි පහසුකම් රජය දුන්නොත් අනාගත දරු පරපුර රාජපක්ෂ වරුන්ට සාප කරනු ඇත. රටපුරා දේවාලවල පොල්ගසා දේව කන්නලව් කරනු ඇත.

:       0       10

de silva Saturday, 16 May 2020 01:13 PM

මියගියාට පස්සේ පිච්චුවත්, වැලලුවත් ඇති වෙනස කුමක්ද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 0 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 113 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


නාමල් රාජපක්ෂට සිතාසි
2025 පෙබරවාරි මස 05 198 0

රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට


අරාබි රටේ ලාංකික කෑම විකුණන්න අලුත් වැඩක්
2025 පෙබරවාරි මස 05 141 0

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව


ලුණු මිල වැඩි වෙයි
2025 පෙබරවාරි මස 05 259 0

ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.


වී ගන්න කෝටි 500ක් වෙන්කරයි
2025 පෙබරවාරි මස 05 122 0

වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site