(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
කොරෝනා වයිරසය වසංගත තත්වයක් ව පවතින මේ කාලයේදී පුද්ගලයකුට හෘදයාබාධායක රෝග ලක්ෂණ මතුවූයේ නම්, අනුගමනය කළ යුතු උපදෙස් කිහිපයක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය විසින් මහජනයාට දැනුම් දී තිබේ.
වෛද්‍ය උපදෙස් ඇතුළත් නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය මේ බව කියාසිටී.
විනාඩි 10ක් හෝ 20ක් පවතින පපුවේ කැක්කුම, පපුවේ තද ගතිය, පපුව හිරවෙන ස්වභාවය සහ පපුවේ අපහසුතාව හෘදයාබාධයක ලක්ෂණ බව හඳුනාගත යුතු බව එම කාර්යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
එම ලක්ෂණ ඇති වූ පුද්ගලයකු වේ නම්, ඇස්ප්‍රින් පෙත්තක් හපා කෑම මූලික පියවර වශයෙන් ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය දැනුම්දෙයි.
වහාම ළඟම ඇති රෝහල වෙත යාම හෝ සුවසැරිය ගිලන් රථ සේවාව සඳහා 1990 ඇමතිය යුතුය.
උණ, උගුරේ වේදනාව ඇත්නම් රෝහල තුළදී අදාළ වෛද්‍යවරයා හමුවී ඔහුට ඒ බව පවසන ලෙසද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය වැඩිදුරටත් පවසයි.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කොරෝනා කාලයේ හෘදයාබාධයකදී ගත යුතු පියවර ගැන උපදෙස්
Kasun Sunday, 29 March 2020 07:17 AM
දැන්නම් ඉතින් කන්න නැතුවා තමයි මැරෙන්න වෙන්නේ.
PradeepSunday, 29 March 2020 07:59 AM
හඳ පෙන්වද්දී ඇඟිල්ල දිහා බලන්න එපා. මේ කියලා තියන දෙය තේරුම්ගෙන එවන් අවස්ථාවක ඒ විදියට හැසිරෙන්න. නොදන්නා අය දැනුවත් කරන්න.
de silva Sunday, 29 March 2020 07:56 AM
කොරෝනා කෙසේවෙතත් පවතින තත්වය මත ප්‍රතිකාර කිරීම ප්‍රමාදවීම මත විශාල සංඛ්‍යාවක් වෙනත් රෝග වලින් මියයනවා .... නැතිනම් සදාකාලික රෝගීන් බවට පත් වෙනවා.
MOHOMED Sunday, 29 March 2020 08:08 AM
සුව සැරිය එපා කිව්වත් අද සුව සැරිය නැතුවම බැහැ.
Kumar Sunday, 29 March 2020 03:34 PM
ලංකාවේ හෘදයාබාධයක් ඇතිවේගන එනවිට කරන්න කියල තිබෙන දෙයම තමා ඇමෙරිකාවෙත් කියන්නෙ. එවැනි රෝගයක් තිබෙන කෙනෙක් ඇස්ප්‍රින් පෙත්තක් සැමවිටම තමා ළඟ තබාගන්න ඕනෙ. නිවේදෙනයේ සදහන් පරිදි වේදනාවක් ඇතිවුන අවස්ථාවක එම පෙත්ත මුකයතුල දියවෙනතෙක් හපා ගිලින්න. දියවෙන්තෙක් ගිලින්න එපා කියනවා. එසේ කියන්නෙ තම මුකය තුලිනුත් තමාගේ රුධිරයට ඇස්ප්‍රින් එක්වී ලේ කැට ඇතිවීම සුළු මොහොතකින් නතරකරන නිසා...