IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


කොරෝනා නිසා දයාසිරිටත් මැතිවරණය එපාවෙයි

(හේමලතා ඩී හේවගේ)                                        

මැතිවරණය සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය තමයි  ජනතාවගේ සෞඛ්‍ය තත්වය .කොරෝනා වසන්ගතය නිසා ජනතාව බියකින් ඉන්නේ. ඒවගේ අවස්ථාවක මැතිවරණයක් තියලා කොහොමද ජනතාව දැනුවත් කරන්නේ ‘යැයි ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
 
ඒ මහතා මෙසේ පැවසූවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන 125 ක් සඳහා විෂබීජ හරන දියර ලබාදීමේ වැඩසටහනේ ප්‍රථම අධියර පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂයෙන් ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිණි.
 
එහිදී හිටපු අමාත්‍යවරයා මෙසේද පැවසීය    
                   
‘ අපි කියන්නේ සමස්ථ විදිහට රටේ සෞඛ්‍ය තත්වය සුරක්ෂිත කරලා. ජනතාවට බයක්,  සැකක්,  නැතුව එළියට බැහැලා වැඩක් කරන්න පුඵවන් තත්වයකට ජනජීවිතය පත්වුනාට පස්සේ මැතිවරණයක් පැවැත්වූවාට අපේ විරෝධතාවයක් නැහැ.

හදිසි මැතිවරණයක්  තුල ජනතාව විශාල පීඩනයකට පත්වෙනවා. අපි ඒකට කැමති නැහැ කියන කාරනය තමයි මෙතනදි වැදගත් වෙන්නේ.
 
 මෙහිදී පන්නල පොලිසියල  පන්නල ප්‍රාදේශී ලේකම් කාර්යාලය  සෞඛ්‍ය  වෛද්‍ය ණිළධාරී කාර්යාලය යන ආයතන වෙත විෂබීජ හරණ දියර සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් සඳහා ආරක්ෂිත ඇඳුම්කට්ටල් ද පරිත්‍යාග කරනු ලැබූහ.


                                



අදහස් (16)

කොරෝනා නිසා දයාසිරිටත් මැතිවරණය එපාවෙයි

Prasad Tuesday, 05 May 2020 11:15 AM

ඔබතුමා ඔය වගේ කතා කියන්න දෙයියා... ඊයෙ අරලිය මැදුරෙදී ඔයා කියන්න තිබුණනේ...

:       14       829

RaveendraTuesday, 05 May 2020 12:26 PM

ඔබවිසින් මෙම පින්ගුත්තරයන් 225 න් එක පින්ගුත්තරයෙක් වන දයාසිරි නමැති මහජන නියෝජිතයාට කිනම් පදනමක් යටතේ , කුමක් අරභයා " ඔබතුමා " නමැති වැදගත් වචනය බාවිතා කලේද යන්න දැනගනුමට කැමැත්තෙමු. දියවන්නාවෙ 225 එම වැදගත් වචනය සදහා කිසිදු සුදුසුකම් සපුරා නොමැති බව අප නැවත වරක් සියලුම ලාංකිකයන්ට මතක් කරන්නෙමු. අප සැම අපගේ මව්බසේ වැදගත් වචනවලට පරිබව කිරීමෙන් වැලකි සිටීමට අදිටන් කරගමු. බල්ලන්ට බල්ලා කීමට බිය නොවෙමු. එමෙන්ම මනසින් උසස් වැදගත් මිනිසුන්ට ගරුකිරීමට නිහතමානි වෙමු. ඒ සදහා කිසිදු පක්ෂයක් අදාළ නැත.

:       8       1282

Panduwasnuwara Tuesday, 05 May 2020 11:47 AM

කොහොමත් ගෙදර යන්න වෙනවා ඔයාට...

:       4       129

Raveendra Tuesday, 05 May 2020 11:59 AM

අවංකව වැඩකරන මිනිසුන් නළුවන් සේ රැගිමක් නොකරන අතර නිශ්ශබ්දව තම වගකීම තම යුතුකම ඉටු කරයි.. බැලු බැල්මට පාට පමණක් වෙනස්වී ඇති 225ම සිරිත් විරිත් ගතිපැවතුම් වලින් කිසිදු වෙනසක නැත. මෙය එයට තවත් කදිම උදාහරණයකි. ප්‍රසිද්ධියට කෑදර හැත්ත. රජයේ සේවකයන්ගේ රට වෙනුවෙන් වැඩකිරීමට තිබෙන වටිනා කාලය කාදමමින් චායරුප වලට කාලකන්නි මුණු ටික දාගෙන ඉන්නා අපුරුව... මේ ගොන් පාර්ට් රටේ මුල් පුරවැසියාට නොපෙනෙන්නේ මන්ද?

:       3       696

අතුල Tuesday, 05 May 2020 12:00 PM

ඉස්සර හිටපු අග්‍රාමත්‍ය සහ ගාල්ලෙ හිටපු මංත්‍රී දිවංගත විජයානන්ද දහනායක මහත්තයට කිව්වෙ "වවුල" කියලා. මොකද ඒ පැත්තෙන් මේ පැත්තට, මේ පැත්තෙන් ඒ පැත්තට පැනපු කෙනෙක් නිසා. ඒත් ඒ "උත්තමයා" කවදාවත් තමන්ගේ වාසිය වෙනුවෙන් නොවෙයි, තමන්ගේ ආසනයේ ජනතාවට සේවය කරන්න තමයි එහෙම කලේ. එතුමා මැරෙන කල්ම ජීවත් උනේ "රිච්මන්ඩ් කන්ද පාරේ" තිබුනු කුඩා නිවසේ. නමුත් දයාසිරි කියන්නේ චන්ද්‍රිකාගෙ ඉඳන් මේ දක්වාම හොරකම, වංචාව වෙනුවෙන් පක්ශය මාරු කරපු කෙනෙක්....

:       2       342

saki Tuesday, 05 May 2020 12:03 PM

දූරදර්ශී කියමනක්. අපි සැවොම පෙළගැසෙමු...

:       194       38

Raveendra Tuesday, 05 May 2020 12:16 PM

අප ප්‍රසිද්ධියේම සියලුම පුවත්පත් වලින් කාරුණික ඉල්ලීම කිරීමට කැමැත්තෙමු. මෙම අදහස් වැරදි ලෙසද වටහා නොගන්නා ලෙසද සියල්ලන්ගෙන්ම ඉල්ලා සිටින්නෙමු. දියවන්න ඔය පටිටියේ ඉන්නා 225ම කිසිදු චායරුපයක් මොනයම්ම හේතුවක් නිසාවත් පුවත්පත්වල පළකිරීමෙන් වලකින ලෙස අප නැවතත් සියලුම පුවත්පත්වලින් ඉල්ලා සිටින්නෙමු. මක්නිසාදයත් අවංකව සදහන් කරන්නේ නම් මෙම මුසල මුණු දකිනවිට අපගේ ශරීරවල නැති රුධිර පීඩනයත් අධික වෙන අතර ඇති මහත්වූ ද්වේශ අදහස් අපගේ මනසට ඇතුළුවීමෙන් ඇතිවන්නේ ඉතාමත් අපහසුතාවයන් වලටය. එසේ සිදුවන්නේ මෙම කාලකන්නි 225 ම තමන් උපන් රට දවසින් දවස කාබාසිනියා කල සහ තවමත් එලෙස කාබාසිනියා කරමින් සිටින බැවිනි. අප දුක්මහන්සි වී ලේ කදුළු දහදිය හෙලා අපගේ මව් රටට එවන විදේශ මුදල් වලින් මෙම 225 ම සුර සැප විදින එක ඉතාමත්ම සෝචනීය මෙන්ම කනගාටුවකි.

:       0       91

Wca Tuesday, 05 May 2020 12:59 PM

දැන් ඔහොම හිතන්න තිබුණා 225ම එකට එකතුවෙලා වැඩකරානම්.....දැන් එක එකාට නෑ මරාගන්නවා. ඊට පස්සේ ව්‍යවස්ථා අර්බුදයක් කියලා මැරෙන්න හදනවා. මනාප වලට පෙරේතකමට....

:       0       43

Prabha Tuesday, 05 May 2020 01:16 PM

225 ම එපා කිව්වට චන්දයක් තිබ්බ ගමන් මේ හොරු ඔක්කොම ආපහු පාර්ලිමේන්තුව ඇතුලෙනේ.

:       0       451

AjithD.LTuesday, 05 May 2020 03:26 PM

ඔන්න නියම නිදහස් අදහස් , සමහර අය දිග කමෙන්ට් එක.... ඒත් ඵලදායී මදිවට ටයිප් කරන්න ගිය කාලය...

:       0       0

සෙනෙවිරත්න Tuesday, 05 May 2020 06:08 PM

225 ම හොරු කියන බහුතරයක් ඒ 225 ම තෝරලා එවනවා. කිසි හිරිකිතයක් නැතිව.

:       0       1

PereraWednesday, 06 May 2020 06:54 AM

එහෙම වෙන්නේ ලංකාවේ ඉන්නේ උගත් බුද්ධිමත් ජනතාවක් නිසානේ.

:       0       2

chandima Tuesday, 05 May 2020 08:56 PM

එපාවෙන්නේ නැද්ද? විවෘත කිරීමක් ඇත්තෙම නැහැ. මේවගේ මුඛවාඩමක් විශබීජනාශක වතුර ගැලුමක් බෙදන එකක් ඇරෙන්න කිසිම දෙයක් බෙදන්න සල්ලිත් නැහැ. මේ තන්වල් ඉස්සරවගේ බෙර ගැහිලි නැට්ටුවෝ කොඩිවැල් එහෙමත් නෑ. ඒ ඔක්කොමත් හරි පොරකක පොටෝගහන්න පත්තර වලිනුත් නැහැ. මෙව්වට එන්නත් ලැජ්ජාවේ බැහැ. මේකනම් පුරුවේ පවක්ද මන්ද, දැන් එපාවෙලා ඉන්නේ.

:       0       0

abaran Wednesday, 06 May 2020 01:14 AM

හැමෝම මුඛ ආවරණ නියමාකාරව දමාගෙන ඉන්න අතරේ එක අයකු එය වැරදියට යටි තල්ලේ දමාගෙන ඉන්නේ මූණ පෙන්නන්ට වෙන්ට ඇති...

:       0       1

Pradeep Wednesday, 06 May 2020 02:41 AM

මන්ත්‍රීතුමා හරිම ආදර්ශමත් විදියට "මාස්ක්" එක පැළඳගෙන ඉන්නවා. නිකට තමයි වහ ගන්න ඕන..

:       0       9

Samitha Senaka aluthgamage. Wednesday, 06 May 2020 07:41 AM

මේ අයට කොහොමත් ඡන්දෙ එපාවෙලා තමයි තිබුනේ. ඔය කණ්ඩායමටම තිබුනේ ඉතා අඩු ඡන්ද ප්‍රතිශතයක්. දැන් කොරෝනාගේ පිටින් වැඩේ යවන්න දඟලන්නේ. අපි රැවටෙයි ඕවට ...

:       0       45

ඔබේ අදහස් එවන්න

 

 

දියත

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න ව්‍යාජ ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 24 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 31 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 154 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


නාමල් රාජපක්ෂට සිතාසි
2025 පෙබරවාරි මස 05 267 0

රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට


අරාබි රටේ ලාංකික කෑම විකුණන්න අලුත් වැඩක්
2025 පෙබරවාරි මස 05 171 0

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව


ලුණු මිල වැඩි වෙයි
2025 පෙබරවාරි මස 05 299 0

ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site