යුරෝපය මේ වනවිට කොරෝනා වයිරසයේ කේන්ද්‍රස්ථානය බවට පත්වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. චීනයේදී වයිරසය ව්‍යාප්තියේ උච්චතම අවස්ථාවේ වාර්තා වූවාටත් වඩා වැඩි රෝගීන් ප්‍රමාණයක් ලෝකයේ සෙසු රටවලින් දිනපතා වාර්තා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් අද පැවසුවේ කොවිඩ් -19 වෛරසය හේතුවෙන් ගෝලීයව මරණ 5,000 කට වැඩි ප්‍රමාණයක් වාර්තා වීම 'ඛේදජනක සිද්ධියක්' බවයි.
“යුරෝපය දැන් වසංගතයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබෙනවා“ යයි ජිනීවාහි මාධ්‍යවේදීන් අමතමින් ටෙඩ්‍රොස් අද (14 වැනිදා) පැවසීය
පසුගිය සඳුදා සිට යුරෝපයේ වාර්තා වූ රෝගීන් ගණන 16,000 කින් පමණ ඉහළ ගොස් ඇත. එය සාමාන්‍යයෙන් දිනකට 4,000 ක පමණ වැඩිවීමකි.
පෙබරවාරි මස මුල චීනයේ අර්බුදයේ උච්චතම අවස්ථාවේදී, දිනකට වාර්තා වූයේ රෝගීන් 3,000 ක පමණ සංඛ්‍යාවකි.
ප්‍රංශයේ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් දැඩි දේශසීමා පාලනයක් පැනවූ අතර රෝහල් ධාරිතාව විශාල ලෙස ඉහළ නංවන බව පවසා තිබේ. ඉතාලියේ සහ පෝලන්තයේ කූඩාරම්වල තාවකාලික ඇඳන් මත සිටින රෝගීන් සමග වෛද්‍යවරු දිවා, රෑ නොබලා වැඩ කරමින් සිටින බවද මාධ්‍ය වාර්තා කර ඇත.
යුරෝපයේ වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 1200 කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ. එය ඉතාලිය තුළ පමණක් 1000 ඉක්මවයි.
ස්පාඤ්ඤය සහ බල්ගේරියාව යන රටවල් දෙකම වයිරසය සම්බන්ධව හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.
ස්පාඤ්ඤයේ මරණ සංඛ්‍යාව 120 දක්වා ළඟා වීමත් සමඟ පොලිසිය අද (14) බාර්සිලෝනා නගරයට පිවිසෙන මාර්ග හතරක් අවහිර කිරීමට පියවර ගත්තේය.
- 085
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
කොරෝනා පැතිරීමේ කේන්ද්‍රස්ථානය යුරෝපයට