IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


කොරෝනා පාලනයට ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග ගැන රනිල්ගේ ප්‍රසාදය

නව කොරෝනා වයිරසයට එරෙහිව ශ්‍රී ලංකා ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග සාර්ථක යැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
 
ඉන්දියාවේ ‘වියෝන්’ පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ බව සඳහන් කළේය.

සෞඛ්‍ය සේවකයන්, යුද හමුදාව හා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ විශිෂ්ට සේවයක් ඉටු කරමින් සිටින බව කී හිටපු අග්‍රාමාත්‍යවරයා පෞද්ගලික අංශය සහ රටේ ජනතාව ඊට සහාය දක්වමින් සිටින බව ද කීවේය.
 
කෙසේ නමුත් උපකරණ ගෙන ඒමේදී ආණ්ඩුව අතින් ප්‍රමාදයක් වූයේ යැයි ද රනිල් වික්‍රමසිංහ මහතා කීය. පරීක්ෂණ කට්ටල, මුඛ ආවරණ සහ ස්වසන සංවාතන යන්ත්‍ර (වෙන්ටිලේටර්ස්) ගෙන ඒමේදී ආණ්ඩුව අතින් ප්‍රමාදයක් වූ බවත් ඒවා ජනවාරි මාසයේදී ගෙන්වීමට තිබූ බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
 
මේ වනවිට ඒවා ප්‍රමාණවත් පරිදි ලැබී ඇතැයි කී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඇඳිරි නීතිය ඇතුළු දැනට පනවා ඇති සීමා අර්ධ වශයෙන් හෝ ඉවත් කළ යැයි ද යැයි ද කීවේය. ඒ සඳහා ජර්මනිය සහ දකුණු කොරියාව මෙන් පරීක්ෂා කිරීම් (‘කොවිඩ්-19 පරීක්ෂා කිරීම්) කළ යුතු ද ඔහු කීය.
 
දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලෝකය මුහුණ දෙන විශාලතම අභියෝගය මෙය යැයි රනිල් වික්‍රමසිංහ මහතා මෙම සම්මුඛ සාකච්ඡාවේදී කීවේය.
 
‘‘දෙවැනි ලෝක යුද්ධය හෝ වෙනත් ඕනෑම යුද්ධයක් හෝ වේවා, අයි.එස්.අයි.එස්. සංවිධානය හෝ වේවා සතුරා කවුදැයි අපි දන්නවා. එහෙත් මේ වසංගතයේ සතුරා කවුදැයි අපි දන්නේ නැහැ’’ යැයි ද හෙතෙම කීය.
 
ගෝලීයකරණය උඩුපැත්ත අප දැක ඇතැයි ඩුබායි නුවර පැවැති ‘වියෝන් ගෝලීය සමුළුව – 2020’ දී තමා සඳහන් කළ බව කී වික්‍රමසිංහ මහතා දැන් අප එහි යටපැත්ත දකිමින් සිටින බව ද කීවේය. එය එතරම් වේගයෙන් පැමිණෙනු ඇතැයි කිසිවකුත් අපේක්ෂා නොකළ බව ඔහු පැවැසීය.
කොරෝනා වසංගතය හේතුවෙන් ලොව සියලු ආර්ථික දුර්වල වෙමින් තිබෙන බව ද වික්‍රමසිංහ මහතා කීවේය.

‘‘අපි ඉන්නේ ඉතා දුෂ්කර ගෝලීය තත්ත්වයක. අපට කිසිදු ගෝලීය නායකත්වයක් නැහැ. එය අනෙක් ප්‍රශ්නය’’ යැයි ද හිටපු අග්‍රාමාත්‍යවරයා පෙන්වාදුන්නේය.
 
ලෝක නායකයන් මෙන්ම ජාත්‍යන්තර ආයතන සාමූහිකව අසාර්ථක වී ඇතැයි ඔහු කීවේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ පෙරට පැමිණ ලෝක අර්බුදයක් අවස්ථාවේදී නායකයත්වය දිය යුතු නමුත් මේ අවස්ථාවේදී එය සිදු නොවන බවත් හෙතෙම කීවේය.
 
දෙවැනි ලෝක යුද්ධය අවස්ථාවේදීත් 2008 වසරේ දී ආර්ථිකය පිරිහීමට ලක්වූ අවස්ථාවේදීත් දේශගුණික විපර්යාස සම්බන්ධයෙනුත් ලෝක නායකත්වයක් දක්නට ලැබුණු බව උදාහරණ පෙන්වාදෙමින් හිටපු අග්‍රාමාත්‍යවරයා කීය.
 
‘‘මේක ගෝලීය වසංගතයක්. ජාතික ප්‍රශ්නයක් නෙමෙයි. ගෝලීය වසංගතයකට අවශ්‍ය වෙන්නේ ගෝලීය ප්‍රතිචාරයක්’’ යැයි ද හෙතෙම පෙන්වාදුන්නේය.
 
ණය සම්බන්ධයෙන් චීනය සහ අනෙකුත් රටවල් ප්‍රතිපත්ති තීරණයක් ගත යුතු යැයි ණය සහන සම්බන්ධයෙන් විමසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් වික්‍රමසිංහ මහතා කීවේය.
 
‘‘අපට චීනයෙන් අහන්න පුළුවන්. චීනය හෝ වෙනත් රටක් වුණත් ඒ සම්බන්ධයෙන් ඔවුන් ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු’’ යැයි හෙතෙම කීය.
 
පාකිස්තානය චීනයෙන් ණය සහන ඉල්ලා ඇති බව සඳහන් කරමින් ‘වියෝන්’ පුවත් සේවය මාධ්‍යවේදිනිය එලෙස ණය සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍යවරයාගෙන් විමසූවාය.
 
‘‘අපේ ණයවලින් සියයට 50ක් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලින් තමයි අපි ගන්නේ. එය තමයි අපේ ප්‍රශ්නය. ඉදිරි මාස කිහිපයේදීම අපි ඩොලර් බිලියන ගණනක් ගෙවන්න ඕනෑ. අපි එය අපේ සංචිතවලින් ගත්තොත් අපේ සංචිත පහළ යනවා. අලුත් මුදලක් කොහෙන්වත් එනවා පේන්නත් නැහැ. කලින් නම් අපි එය කළමනාකරණය කර ගත්තා. 

අපි දැන් ඉන්නේ ණය ගෙවීමේ මාර්ගයේ. රජය මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරමින් ඉන්නවා. ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය පරිදි ආදායම් මට්ටම් ඉහළ නංවා තිබෙනවා. එහෙත් එය ඉතා දුෂ්කර වේවි. අපි ඉන්නේ ලොකු අවුලක. මේ අවුරුද්දේ විතරක් නෙමෙයි ලබන අවුරුද්දෙත් මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙනවා. ණය දෙන රටවල් ණයගත්තු රටවලට සහනයක් දෙන්න ඕනෑ’’ යැයි ද හිටපු අග්‍රාමාත්‍යවරයා කීවේය.

ඇඳිරි නීතිය පනවා ඇති මේ කාලයේදී විවේකී මොහොතේ කරන්නේ කුමක්දැයි විමසූ විට තමන් හින්දි චිත්‍රපට නරඹමින් සිටින්නේ යැයි ද රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍යවේදිනියට කීවේය. තමන්ට නැරැඹීම සඳහා හින්දි චිත්‍රපට නිර්දේශ කරන්නැයි ද රනිල් වික්‍රමසිංහ මහතා එහිදි ඇයගෙන් ඉල්ලීමක් ද කළාය.
 
055  
 

සබැඳි

 

 



අදහස් (19)

කොරෝනා පාලනයට ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග ගැන රනිල්ගේ ප්‍රසාදය

හරේන් Thursday, 16 April 2020 11:20 AM

අරුන්දෑ විපක්ෂෙ හිටිය නං ස්ටේජ් එක උඩට නැගල අපෙන් අහනව ''දැන් ෂැපද...?'' කියල...

:       785       938

රවින් Thursday, 16 April 2020 11:27 AM

ආවඩා !!... ආයුබෝවේවා...!!!

:       57       126

Buddika Thursday, 16 April 2020 11:34 AM

දැන් නම් ආණ්ඩුව හරිම හොදයි.. නේද? එජාපය කාලා විනාශ කළේ රනිල් සහ ගෝලයින් ටික... දැන් යන එන මං නැති නිසා ආණ්ඩුවට කඩෙ යන්නේ රෙදි ඇදගෙනද? අවුරුදු 26ක් එජාප ආණ්ඩුවක් පිහිටුවන්න බැරිව විලිලැජ්ජා නැද්ද තවත් නායකත්වයේ ඉන්න.

:       787       262

shobhaThursday, 16 April 2020 12:59 PM

දැන්වත් සජිත් පුතාට කඩේ යන එක නවත්වලා මේ මගුල් කොරෝනාව නවත්වන්න උදවු කරන්න.

:       1       0

LIYANAGE Thursday, 16 April 2020 06:43 PM

මේවනවිට බුද්දික එජාපයේ සාමාජිකයකු නොවේ. පක්ෂයෙන් ඉවත්ව සජිත් සමග වෙන පක්ෂයක් සදා ගැනීමෙන් පසු කලයුත්තේ ඔබගේ අලුත් පක්ෂය ගැන කරුණු දක්වනවා මිස වෙනත් පක්ෂ ගැන කතා කිරීම නොවේ.

:       0       61

Bamunuarachchi Thursday, 16 April 2020 12:34 PM

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට මේ දිනවල නිහඩ පිළිවෙතක් අනුගමනය කරමින් එක්සත් ජාතික පක්ෂය සක්තිමත් කරමින් සිටි. පක්ෂයට වින කරමින් සිටි සජිත් ඇතුළු අවස්ථාවාදීන් පිරිස පක්ෂයෙන් පිටව ගොස් ඇත. ඔවුන් කිසිවකු නැවත පක්ෂයට නොගන්න බව කිව යුතුවේ. මේවන විට රට වැටි ඇති ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට රාජපක්ෂලාට, සජිත් ප්‍රේමදසලට හැකිද කියා මේවන විට ජනතව ප්‍රශ්‍න කරමින් සිටි. මේ අවස්ථවේ රටට වැදගත්වන්නේ කටින් වැඩකරන නායකයන් නොව මොලෙන් වැඩකරන නායකයන් බව ජනතාව හොදින් දනී. එසේ නොවන්නට ජනතාවට අනාගතයක් නොමැති බව ඔවුන් තේරුම් ගෙන තිබේ. දේශීය ආර්ථිකයකින් රට ගොඩනැගීමට හැකි බව කියන්නේ ගෝලීය ආර්ථිකය පිලිබදව නිසි අවබෝදයක් නොමැති ජනතාව මුලා කරන දේශපාලකයන් වේ.

:       0       1

mahakande vijithasiri Thursday, 16 April 2020 12:36 PM

මෙයාලා ආණ්ඩු කලා නම් මෙලහකට කොරෝනා මිනී කඳු වලලනවා

:       44       0

athuraFriday, 17 April 2020 03:20 PM

රජ වහල්ලු කියන්නෙම ඔවුන්ගේ ලොක්කෝ කියන දේම තමයි.

:       0       1

sanath Thursday, 16 April 2020 12:44 PM

සාමාන්‍යයෙන් ගෝලීය නායකත්වය ගන්නේ ඇමරිකාව වුනත් ඩොනල්ඩ් ට්‍රම්ප් කරන්නේ මුළු ලෝකයම අවුල් කරන එක. ට්‍රම්ප් වැඩකට නැති කෙනෙක් කියලා ඔප්පු කරලා ඉවරයි. මේ වෙලාවේ බිල් ක්ලින්ටන් හරි ඔබාමා හරි හිටියනම් ඇමරිකාව වැටෙන්නෙත් නැහැ ලෝකය මෙහෙම ගිනි ගන්නෙත් නැහැ.

:       0       0

නුවන් Thursday, 16 April 2020 12:54 PM

මේ කතා කලේ වික්‍රමසිංහ මහතාගේ හෘද සාක්ශියයි.

:       0       1

akila Thursday, 16 April 2020 01:13 PM

රනිල් මහත්තයගේ අවංක නිහතමානීකම මේ පෙන්නන්නේ.

:       0       1

Sarath R - USA Thursday, 16 April 2020 02:00 PM

මහින්ද දැන් සැපද කියා ඇහුවේ දුන්න පොරොන්දු ඉටු නොකළ වෙලාවට මිස රට විපත්වලට මුහුණ දුන් අවස්ථාවල නොවෙයි. ඒ මනුස්සය නොහිටින්න අද සිංහලයෝ ප්‍රබාගේ වලන් හෝදනවා. රනිල් වුවත් ගෝඨා, මහින්ද තේරුම් ගත්ත පුද්ත්ගලයෙක්. එම නිසයි ඔහු හොදදේ අගය කරන්නේ...

:       40       52

athuraFriday, 17 April 2020 05:47 AM

කඩේ යන වහලෙක්ම තමයි මොකද ජීවත් වෙන්නේ ඇමරිකාවෙනේ.

:       0       17

de silva Thursday, 16 April 2020 02:29 PM

ඔන්න සුත්තර පුන්චට මොලේ පෑදුණා.., රොන් ටෝක් දුන්නොත් අර මහා බැංකු ප්‍රශ්නය එහෙම උඩ එන්න පුළුවන්..., මෙදාපාර අනිවාර්යයෙන්ම විපක්ෂ නායකකමටත් කෙල වෙනවා. අනේ පවු...!!!

:       52       160

Raveendra Thursday, 16 April 2020 03:09 PM

අම්මපා... අපේ මේ සුත්තර පුංචා නේද හැබෑට...කොහෙද හැංගිලා හිටියේ ? හිතුවද වෛරසයට මොලේ නැහැ කියල මිහරකුන්ට හානියක් කරන්න තරම්.. හා හා ඒක තමයි පට්ටියේ මීහරක් 225 ම පට්ටියට දාන තණකොළ පිනට ගිලින්නවත් එන්නේ නැත්තේ...

:       79       22

ass charyaFriday, 17 April 2020 05:48 AM

මෙහෙම කෙනෙක්ට උපහාසයෙන් කතාකරන රවින්ද්‍ර මහත්මයට තියන සුදුසු කම් ටික දැම්ම නම් අපිටත් දැනගන්න.

:       1       4

RaveendraFriday, 17 April 2020 06:46 AM

මට තිබෙන එකම සුදුසුකම අවංකව උපන් රටට මගේ යුතුකම් ඉටුකරමින් බල්ලාට බල්ලා කීමට බිය නොවීමත් මහත්මා ගතිගුණ වලින් හෙබි බුද්ධිමතාට නිහතමානිව නිර්ලොබිව ගරුකිරීම යන සුදුසුකමය. මට තිබෙන අතිරේක සුදුසුකම වන්නේ මගේ රටට හොද දෙයක් කරේ කව්ද " ඔහු හෝ ඇය කිනම් පක්ෂයක ගොට්ටෙක් උවත් " මා එය ඉහලින්ම අගය කරන්නෙමු.

:       4       22

ass charayaSaturday, 18 April 2020 04:53 AM

ඕවා සුදුසුකම්ද මහත්මයා? ඔයා කරන්නේ පාර්ලිමේන්තුවට බැන බැන එක පක්ෂයක් ප්‍රවර්ධනය කරන එක. මම එහෙම කියන්නේ ඔබතුමා මෙතෙක් කල් අගය කරන්නෙම රටේ ප්‍රධානියා විතරක් නිසයි.

:       0       2

Bamunuarachchi Monday, 20 April 2020 05:13 AM

රනිල් මහතා ඇමරිකන් විදිහට වැඩකොරන්න ගියානම් මේ වෙනකොට අපිට ප්‍රශ්නයක් වෙලා නේද? මේක ගෝඨාභය ක්‍රමය මීට පසු මේ රටේ සියලුම වැඩ වෙන්නේ රාජපක්ෂ ක්‍රමයට නොවෙයි ගෝඨාභය ක්‍රමයට....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2355 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1260 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2891 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 1031 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 816 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 1016 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 88 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 769 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site