IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


කොරෝනා පාලනයට ශ්‍රී ලංකාව නිවැරදි මාර්ගයේ ගමන් කරනවා

නව කොරෝනා වයිරසය හෙවත් කොවිඩ්-19’ ගෝලීය වසංගතය පාලනය කිරීමේදී ශ්‍රී ලංකාව නිවැරැදි මාර්ගයේ ගමන් කරමින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලය සඳහන් කරයි.
 
කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම, ආසාදිතයන් හමු වූ සහ ඇසුරු කළ, නිරාවරණය වූ පිරිස් හඳුනාගැනීම, හුදෙකලා කිරීම සහ ප්‍රතිකාර කිරීම යන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව නිවැරැදි ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව එම කාර්යාලය පෙන්වාදෙයි.
 
‘කොවිඩ්-19’ ආසාදිතයන් ඇසුරු කළ පුද්ගලයන් පරීක්ෂා වැඩි කිරීමෙන් තවදුරටත් කොවිඩ් ආසාදිතයන් හඳුනාගැනීමත් ඒවා නිවැරැදි ලෙස වාර්තා කිරීමත් පසුගිය දින කිහිපයේදී දක්නට ලැබුණු බව ද එම කාර්යාලය සඳහන් කරයි.
 
කෙසේ නමුත් ඉදිරිපෙළ සිටින සෞඛ්‍ය සහ සෞඛ්‍ය නොවන කාර්යමණ්ඩල සහ සේවකයන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දිය යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලය පෙන්වාදෙයි.
 
ඔවුන්ට ප්‍රමාණවත් පරිදි පෞද්ගලික ආරක්ෂණ උපකරණ ලබාදිය යුතු බවත් හදිසියේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව වැඩි වුවහොත් ඔවුන්ට ලබාදීම සඳහා පෞද්ගලික ආරක්ෂණ උපකරණ වෙන් කර තැබීම සුරක්ෂිත කළ යුතු බවත් එම කාර්යලය තවදුරටත් සඳහන් කරයි.
 
055 



අදහස් (16)

කොරෝනා පාලනයට ශ්‍රී ලංකාව නිවැරදි මාර්ගයේ ගමන් කරනවා

Samitha Senaka Aluthgamage. Sunday, 10 May 2020 12:21 PM

කොරෝනා රෝගියෙකුට හාදු දුන් සෞඛ්‍යය ගැන නොදත් ඇමතිනිය ඉවත්කොට රමේෂ් පතිරණ වැනි වෛද්‍යවරයෙකුට සෞඛ්‍ය ඇමතිකම දීම, වෘත්තීය සමිති දොස්තරලාගේ බාල උපදේශ වෙනුවට වෛද්‍ය ශාස්ත්‍රය මැනවින් දත් මහඇදුරන්ගේ උපදෙස් පිළිපැදීම ආදියත් කරන ලෙස කීවා නම් WHO එක අම්මපා මරේ මරු... ඒත්, අනේ ඕනෑම ටික ඒ අයට අමතක වෙලානේ... මොනවා කරන්නද ඉතින්? අපේම නරක වෙලාව...

:       0       0

bandara Sunday, 10 May 2020 12:35 PM

ඔයාලා කීවට කාටද ඕවා විශ්වාස කරන්න පුළුවන්. ජේවීපී එකයි.. විපක්ෂයයි ඔන්න කීවොත් පිළිගන්න පුළුවන්...

:       0       0

මුණසිංහ Sunday, 10 May 2020 12:56 PM

මේ වගේ නිව්ස් නොපෙනෙන අයත් ලංකාවේ ඉන්නවා.

:       0       0

නුවන්සර Sunday, 10 May 2020 01:17 PM

සෞඛ්‍ය අංශ දිරිමත් වෙන හොඳ අගය කිරීමක්. අප රටට නිදහස ලැබුණු පසු සෞඛ්‍ය සේවය දිනෙන් දින ඉදිරියට ගියා මිස කෙදිනකවත් පසුගාමී වී නැහැ. තවද නිදහස් සෞඛ්‍ය සේවයේ වටිනාකම වඩාත් හොඳින් දැනෙන කාලයකි...

:       0       0

මැක්ස් Sunday, 10 May 2020 04:01 PM

ආණ්ඩුවට ගහන්න බලා ඉන්න අයට දුක්ඛදායක පුවතක්.

:       46       189

JYATH Sunday, 10 May 2020 04:07 PM

මේක පිලි නොගන්න - ඒ තරමට කුහක හරක් රැලක් අපේ රටේ ඉන්නවා. එංගලන්තේ ලාංකිකයෝ ලක්ෂ 5 ක් ඉන්නවා කියන්නේ ඔයින් 28 ක් මැරිලා... මෙහෙ 2.2 මිඉලියන ඉඳලත් දැනට මැරිලා තියෙන්නේ 9 යි ඉතින් තවත් මොන බයිලා කතාද?

:       131       224

සමන්ත Sunday, 10 May 2020 05:21 PM

කොළඹ කාර්යාලයටත් අල්ලස් දීලද මේ කියවන්නේ? අර ගොඩහේවා සම්මානය වගේ. මේක ඇත්ත නෙමෙයි. ඇත්තටම ලංකාවට තවම හරියට කොරෝනා අවිල්ලවත් නෑ . අපේ රටේ රෝගීන් උපරිමයට, එනම් peak එකට ගිහින්වත් නෑ. අපගේ රට දුපතක් නිසයි මේ තත්වයෙන් වත් රැකිලා තියෙන්නේ. එකෙන් අදහස් වෙන් නෑ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සහ ආරක්ෂක හමුදාවල කාර්ය භාරයේ අඩුවක්. එයාලා කරන්නේ එයාලගේ උපරිමය. අපි මේ යන ගමනෙන් අර වක්‍රය තවම සමතලා වෙලා නෑ. ඒ නිසා පම්පෝරි ගහන්න මෙතන කිසි දෙයක් නෑ . උතුරු ඇමෙරිකාවේ, රුසියාවේ සහ යුරෝපයේ තවමත් දවසකට දහස් ගානක් අසාධිතයන් හම්බවෙනවා. අපි වගේ මට්ටමේ තව රටවල් ලෝකේ ඉන්නවා. ඒවා තියෙන්නේ අප්‍රිකාවේ මාලි,ගිනි බිසව්, කෙන්යාව වගේ රටවල් සහ කොස්ට රිකා, ලෙබනන්, මාල දිවයින වගේ රටවල් බහුලයි. ඒ මිනිස්සු මේ වගේ ලොවෙත් නැති වැඩ කරලා නෙමේ ඒවා ඒ තත්වෙන් තියාගෙන ඉන්නේ. ඒක තමයි හැටි.හැම දේම අරයා නිසා තමයි, මෙයා නිසා තමයි කියලා ලොකු පම්පෝරි ගහලා අනාගන්නෙත් නැතුව ඇති. ඔව්වා හොඳයි බයියන්ටම.

:       733       66

මුණසිංහMonday, 11 May 2020 02:33 AM

ට්‍රම්ප්ගේ උපදේශකයෙක්!

:       0       1

බණ්ඩා Monday, 11 May 2020 07:17 PM

ඇයි පහුගිය කාලේ දැඟලුවේ ට්‍රම්ප් අප්පොච්චි කියා කියා ඒක වෙන්නැති නේද ? එක ගැන නේද ඔය කියන්නේ? මම මේ නොදන්නා හින්දයි ඇහුවෙ ආයි බෝං .

:       0       0

haramanis Monday, 11 May 2020 02:36 AM

ලංකාවේ වී අස්වැන්න ගබඩා කරන්න තැනක් හිතා ගන්න බැරිව මත්තල ගුවන් තොටුපලේ වී ගබඩා කරපු අම්බරුවෝ රංචුව රට පාලනය කළානම් හොඳ හොඳ සෙල්ලම් බලන්න තිබුනා.

:       33       106

Thilina Monday, 11 May 2020 02:51 AM

කුහකයෙක් වුනාට ඔච්චර කුහක වෙන්න එපා. ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව ,ජපානය, ඉන්දුනීසියාව එතකොට දූපත් නෙමෙයිද ? අනිත් රටවල් වලින් වෙන් වෙලා නෙමෙයිද තියෙන්නේ ??එතකොට ඒ රටවල් වලට දහස් ගණනින් ලෙඩ්ඩු හම්බ වුනේ කොහොමද ? සිය ගණනක් ලෙඩ්ඩු මැරුණෙ කොහොමද ? අපේ පුංචි රට මේක ඉතා හොඳින් පාලනය කළා. ඒකට ක්‍රෙඩිට් එක දෙන්න හිතට අමාරුනම් අඩුම ගානේ කුහක නොවී ඉන්න.

:       38       54

Athula GunasenaMonday, 11 May 2020 05:28 AM

ඔයා මාලදිවයින ගැන දන්නේ මොනවාද ?

:       0       0

chandana Sunday, 10 May 2020 05:52 PM

ඒකෙන් කියවෙන්නේ දේශපාලන නායකත්වයත් රාජ්‍ය යන්ත්‍රණයත් නිවැරදිව කටයුතු කරන බවයි. අපේ රජය මේ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය නිවැරදි බව ලෝක සෞඛ්‍ය සංවිධානයට තේරුණාට අපේම රටේ අයට එක්කෝ තේරෙන්නේ නැහැ නැත්නම් ඒක පිලි නොගන්න තරම් කුහකයි. ඒකනේ මේ සඳහා මුළු ලෝකයටම ආදර්ශමත් නායකයෙක් අපිට ඉන්දැද්දී මූලිකත්වය ගන්නා ලෙස විදේශීය නායකයන්ට ආරාධනා කරන්නේ.

:       1683       1035

chandima Sunday, 10 May 2020 09:44 PM

ඔය ක්‍රමේට ත්‍රස්තයෝ අල්ලනකොට වැඩේ වැරදියි කියනවා, කොවිඩ් කාරයෝ අල්ලනකොට නිවැරදියි කියනවා. අනේ මන්දා?

:       0       0

shashika senavirathna Monday, 11 May 2020 12:53 AM

කොරෝනා පාලනයට ශ්‍රී ලංකාව නිවැරදි මාර්ගයේ ගමන් කරනවා කිය කියා මුදල් ආධාර නොකරයි. භාණ්ඩ වලින්ම ආධාර කරයි. ඒකට හේතුව ලෝකයා වගේම අපි කවුරුත් දන්නවානේ. නමුත් අවසරයි!අපේ ස්වාමින්වහන්සේලා සමහරක් මෙය නොදනියි.

:       1       6

Keppetipola Monday, 11 May 2020 04:57 AM

පුන්නක්කු ටිකක් බීලා තමන්ගේ ගොන්කම තමන් ළගම තියාගෙන හිටියොත් හොදයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2356 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1260 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2891 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 1031 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 816 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 1016 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 741 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site