IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


කොරෝනා පාලනය කරන්න හදන්නේ අවුරුදු 120 ක් පරණ පනතකින්

(විනීතා එම් ගමගේ)

වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා වයිරසය මැඩ පැවැත්වීමට පවතින නීති ප්‍රතිපදාන කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

බෝවන රෝග මැඩපැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය යොදා ගන්නේ 1897 වසරේ මහාමාරිය මැඩ පැවැත්වීමට පැනවූ රෝග නිරෝධායන හා රෝග ස්පර්ශකයන් වෙන්කර තැබීම් හා රෝග බෝවීම වැළැක්වීමේ පනත බවත් එහි ප්‍රතිපදාන මෙවැනි වසංගතයක් මැඩපැවැත්වීමේ දී කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් සභාපතිවරයා කීය.

එකී පනතේ දෙවන වගන්තිය ප්‍රකාරව වසංගත පාලනයට අවශ්‍ය නීති සම්පාදනයට සෞඛ්‍ය අමාත්‍යවරයාට බලතල පවරා ඇතැයි පෙන්වා දුන් උපුල් රෝහණ මහතා වහාම මේ අවස්ථාවේ එම වගකීම ඉටුකරමින් අමාත්‍යවරිය නීති  හැදිය යුතු බවත් මේ පිළිබඳව ඇය නොදන්නේ නම් සෞඛ්‍ය අමාත්‍යංශයේ නීති නිලධාරින් විසින් ඇයව දැනුවත් කිරීම කළ යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

මෙවැනි වසංගතයක් පාලනය සඳහා නීති සකසා ගන්නට කිසිදු පාලනයකට බැරි වී ඇති බවද ඔහු ප්‍රකාශ කළේය. 

විශේෂයෙන් පවතින පනත යටතේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඇතුළු අත්‍යවශ්‍ය ආයතන රැසකට ඍජු බලතල නැතැයි පෙන්වා දුන් උපුල් රෝහණ මහතා නව නීති සකසමින් අත්‍යවශය අංශවලට බලතල ලබා දීමට කටයුතු කළ යුතු යැයි ද කියා සිටියේය.

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා මේ අදහස් පළ කළේ මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී අද (17) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.



අදහස් (4)

කොරෝනා පාලනය කරන්න හදන්නේ අවුරුදු 120 ක් පරණ පනතකින්

කසුන් Tuesday, 17 March 2020 10:14 AM

දැන් ඔය අනපනත් වැඩක් නැහැ... ඇති හෝ නැති කුමන හෝ ක්‍රමයකින් අපි සියල්ලෝ එක්ව මෙය පාලනය කළයුත්තකි. මා අදහස් දක්වන්නේ හොංකොං වල ජීවත්වෙමින්... මෙම රජය මෙම වෛරසය පාලනය කිරිමට වෙහෙස මම දුටුවෙමි, අත්වින්දෙමි. අපි සියල්ලන් එක්ව දැන් මෙම උවදුරෙහි බැරෑරැම් කම තේරුම් ගනිමින් ස්වයං ශික්ෂණයකට ලක්විය යුතුයි. ඇත්තටම අපේ රටේ මිනිස්සුන්ගේ වැරදි පිළිවෙත මුලු රටටම අනතුරට පත්ව ඇති තත්වය ඉතා ශෝකජනකය. මාගේ කාරුණික ඉල්ලීම විදේශගතව ඇති කිසිඳු පුද්ගලයකු මේ අවස්ථාවේ යලි ලංකාව බලා ගමන් කිරීම නතරකොට, තම තමන් ජීවත්වන ස්ථානයන්හි සිටිමින් ස්වකීය ආරක්ෂාව තහවුරු කරගන්නා ලෙස ඉල්ලා සිටිමි. ඇත්තටම මේක මරණය පිළිබඳව සටනක් මේ වුවදුර ආරම්භයේ පටන් දැක්ක, අත්වින්ද මිනිසෙක් කියන කතාවක්, දෙයියන්ගේ නාමයෙන් ඉල්ලන්නේ අසනීපය වැළඳී ඇති යමෙක් වෙතොත් වෛද්‍ය උපදෙස් පතන්න. මගේ රට හා මගේ රට වැසියන් ආරක්ෂා වේවා. බුදු සරණයි...

:       0       1

Raveendra Tuesday, 17 March 2020 11:10 AM

රට ආරක්ෂාවට ඉතාම ඉක්මණින් අවශ්‍ය නීති වෙනස් කිරීම අදාළ බලධාරීන්ගේ වගකීමක් ඒ සදහා තටම තටම ඉඳලා හරියන්නේ නැත. අප රටේ " අනාගත අභිවෘද්ධිය සඳහා කිසිදිනක නොකළයුතු දෙයක් "වන නියෝජිත ප්‍රතිශතය යස අගේට ප්‍රේමදාස මැද කොළඹ අයගේ ඡන්ද ගොඩ බලාගෙන පැය කීපයකින් වෙනස් කළේ එමගින් සදහටම අපේ රටේ ගැටළුවක් තිබෙන බව වැඩිදෙනෙකුට දැන් අමතක වෙලා. එබැවින් රටේ ආරක්ෂාව අවධානමකට ලක්වෙන එවැනි තීරණ ගත් හරකුන් ඉන්න රටක ඇත්තටම රටට දැනට අවශ්‍යම දෙයක් සඳහා තීරණයක් ගැනීමට නොහැකි වන්නේ මන්ද? රටේ මුල් පුරවැසියාට වෙනසකින් තොරව මෙම අදහස් ඍජුවම කියවීමට හැකි වේවා...!!!

:       0       0

Wijebahu Tuesday, 17 March 2020 11:11 AM

මේ ගොල්ලන්ට 2/3 නැතුව මොනම දෙයක්වත් කරන්න බැ කියලා තමයි ඔය කියන්නේ? අනේ මෙහෙම බැරි බැරියාවෙන් පෙළෙන ආණ්ඩුවක් මම දැක්කමයි...

:       0       0

Ruwan Tuesday, 17 March 2020 11:20 AM

මේ නම් සජිත්ගේ කෙනෙක් වෙන්න ඕනෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

‘‘ජනපති කෙලින් වැඩ කරන නායකයෙක් ‘‘ සජබ මන්ත්‍රී කියයි
2025 මාර්තු මස 14 92 0

ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත


රැකියා දෙන්න අල්ලස් ගත් යුවළක් මාට්ටු
2025 මාර්තු මස 14 200 0

රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම


ඇල්ල - වැල්ලවාය මාර්ගය අද රාත්‍රියේ වසයි
2025 මාර්තු මස 14 124 0

ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ


වෛද්‍යවරිය අපයෝජකයාගේ නිවෙසින් අත් බෝම්බයක් හමු වේ
2025 මාර්තු මස 14 637 1

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.


ඇමෙරිකන් සටන් විරාමයට පුටින්ගේ අකමැත්තක් නැහැ
2025 මාර්තු මස 14 323 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.


ඇමෙරිකන් ගුවන් යානයක ගින්නක්
2025 මාර්තු මස 14 329 0

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 221 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 514 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 248 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site