( රේඛා තරංගනී ෆොන්සේකා)
කොරෝනා බවට තහවුරු වු මොරටුවේ කල්දෙමුල්ල ප්‍රදේශයේ දෙවෙනි පටුමගේ පදිංචි 82) කාන්තාවක් ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී (29) අයි.ඩී.එච් වෙත මාරු කර යවා ඇති බව මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පවසයි.
මෙම කාන්තාව උණ රොගී තත්වයක් හේතුවෙන් ඉකුත් සිකුරාදා රාත්‍රියේ රෝහල් ගත වී ඇති බවත් එහිදී පහළ වු ලක්ෂණ හේතුවෙන් සිදු කළ පරික්ෂාවේදී කොරොනා බවට තහවුරු වීම හේතුවෙන් එසේ අයි.ඩී.එච් වෙත මාරැකොට යවා ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
කාන්තාව රෝහල් ගතවීමට පෙර ඊබට් පටුමගේ ඩිස්පෙන්සරියකින් ප්‍රතිකාරගෙන ඇති බවත් එදින එම ඩිස්පෙන්සරියට පැමිනි රෝගීන් නිරෝධානය වීම සඳහා තමා හා සම්බන්ධ වන ලෙසත් සෞඛ්‍ය වෙද්‍ය නිලධාරිවරයා පැවසීය.
වයිරසය ඇයට ආසාදනය වුයේ කොතනින්ද යන්න සැක සහිත බවත් කාන්තාවගේ පුතා ගුවන්තොටුපොළ සේවාවේ නිරත පුද්ගලයෙකු බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පැවසීය.
රෝගි කත පදිංචිව සිටි ප්‍රදේශයේ නිවාස 10 නිවැසියන් ස්වයං නිරෝධානයට යොමු කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය
එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කොරෝනා යැයි තහවුරු වූ කාන්තාවක් අයි ඩී එච් යවයි