( දිල්රුක්ෂි ග්‍රේරු)
කොරෝනා වයිරසය (කොවිඩ්-19) ශරීරගත වී ඇත්දැයි සැක සහිත පුද්ගලයින් 204 දෙනකු මේ වන විට ශ්‍රී ලංකාව පුරා රෝහල් 17 ක් වෛද්‍ය අධීක්ණය යටතේ සිටින බවට සෞඛ්‍ය සහ දේශිය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය කියයි.
ශ්‍රී ලංකාවේ මේ වන විට කොරෝනා වයිරසය අසාදනය වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 29 ක් වන අතර, ශ්‍රී ලාංකිකයින් 28 දෙනකු සහ චීන ජාතික කාන්තාව ඊට අයත් වේ.
මේ අතුරින් චීන ජාතික කාන්තාව සුවය ලබා පිටත්ව ගියාය.
වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නවතම වාර්තාවේ මෙම කරුණු දැක්වෙයි.
ජාතික බෝවන රෝග විද්‍යායතනය, කොළඹ ජාතික රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහල, ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල, මීගමුව දිස්ත්‍රික් මූලික රෝහල, රත්නපුර ශික්ෂණ රෝහල සහ පොළොන්නරුව මහ රෝහල යන රෝහල් 8 සඳහා මේ වන විට සැක සහිත රෝගීන් වැඩි වශයෙන් ඇතුළු කර ඇතැයි එම වාර්තාවේ දැක්වෙයි.
ඒ අනුව මේ වන විට ජාතික බෝ වන රෝග විද්‍යායතනයේ වයිරසය පිළිබඳ සැක සහිත පුද්ගලයින් 72 දෙනක් වෛද්‍ය උපදෙස් මත රඳවා සිටිති. ඉන් 71 දෙනකු ශ්‍රී ලාංකිකයින් වන අතර එක් විදේශිකයෙක් සිටි. කොළඹ ජාතික රෝහලට පුද්ගලයින් 19 දෙනකු සැක සහිතව ඇතුළු වී සිටි.
කරාපිටිය ශික්ෂ රෝහලේ පුද්ගලයින් 15 දෙනකු සිටින අතර ලාංකික පුද්ගලයින්13 ක් සහ විදේශිකයින් 2 දෙනකු සිටී. කුරුණෑගල ශික්ෂණ රෝහලට ශ්‍රී ලාංකික පුද්ගලයින් 13 දෙනකු ,ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට පුද්ගලයින් 14 දෙනකු ඇතුළත් කර සිටින අතර මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට 15 දෙනකු ඇතුළත් කර ඇත. ඉන් 9දෙනකු ලාංකිකයින් වන අතර 6 ක් විදේශිකයෝ වෙති. පොළොන්නරුව මහ රෝහලට සැක සහිත පුද්ගලයින් 19දෙනකු ඇතුළත් කර තිබේ. ලාංකික පුද්ගලයින් 15 දෙනකු සහ සිව් දෙනෙක් විදෝශිකයෝ වෙති. රත්නපුර ශික්ෂණ රෝහලේ පුද්ගලයින් 12 දෙනකු වෛද්‍ය උපදෙස් මත රඳවා සිටිති.
ඒ හැරුණු විට ශ්‍රී ලංකාව පුරා සෙසු රෝහල් 9 සිටින පුද්ගලයින් ද සමඟ වයිරසය ශරීරගත වී ඇත්දැක් පරීක්ෂණ සඳහා දිවයින පුරා රෝහල් වලට ඇතුළු වී සිටින මුළු පුද්ගල සංඛ්‍යාව 204කි.
වසංගත රෝග විද්‍යා අංශයෙන් නිකුත් කරන ලද නවතම වාර්තාව පහත දැක්වෙයි.
( http://hhttp://ttp://WWW.epid.gov.lk)
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
කොරෝනා යැයි සැක 204 ක් දිවයින පුරා රෝහල් 17