(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර අක්කරපත්තුව 19 ග්‍රාම නිලධාරී වසමෙන් හමු වූ කොරෝනා ආසාදිතයාගේ පවුලේ සාමාජිකයින් අටදෙනා සහ කොරෝනා ආසාදිතයා කොළඹ සිට රැගෙන ආ වෑන් රථයේ රියදුරු සහ සහායක නිරෝධායනය සඳහා පොලොන්නරුව දම්මින්න නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඇතුළත් කර තිබේ.
මෙම කොරෝනා ආසාදිතයා කටාර් රාජ්‍යෙය් සංචාරයකින් පසුව පසුගිය මාර්තු 16 වෙනි දින අම්පාරට පැමිණ තිබේ. පසුව පොලිසියට කරුණු වාර්තා කර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගේ නිර්දේශය අනුව මාර්තු 30 වැනිදා දක්වා නිවස තුල ස්වයං නිරෝධායනය වී තිබේ. නිරෝධායනය වී දින නවයකින් පසුව ඔහුගේ නියැදි පරීක්ෂා කිරීමේදී කොරෝනා ආසාදිත වී ඇති බව තහවුරු කර ගැනීමෙන් පසු ඔහු වැලිකන්ද රෝහලට ඇතුළත් කර තිබේ.
මෙයට අමතරව මෙම ගම්මානයේ පුද්ගලයින් 320 දෙනෙකු නිවෙස් වලම නිරෝධායනය කරන අතර එම ප්‍රදේශයට ඇතුළු වන මාර්ග වසා දැමීමට සෞඛ්‍ය බලධාරින් පියවර ගෙන තිබේ.
පවතින තත්වය මත අක්කරපත්තුවට පැමිණෙන අම්පාර , කල්මුණේ ,පොතුවිල් ප්‍රධාන මාර්ග වසා දමා ඇති අතර නගරයට ඇතුල්වීමට හෝ පිටවීමට කිසිවෙකුට අවසර නොදෙන අතර අත්‍යවශ්‍ය සේවා වලට පමණක් ඇතුල්විය හැකි බව අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරි ජයන්ත රත්නායක මහතා පැවසීය.
මෙම ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා යද හමුදාව, පොලිසිය , පොලිස් විශේෂ කාර්ය බලකාය , සිවිල් ආරක්ෂක බලකාය යොදවා තිබේ.
දෙමටගොඩ ගුවන් පාලම යට බිලිඳියක් දමා ගොස් තිබියදී සොයාගත් බව පොලිසිය කියයි .
කොල්ල කන ලද යතුරු පැදියකට ව්‍යාජ ලියා පදිංචි අංක තහඩු සවිකරගෙන කොල්ලකෑම් ගණනාවක් සිදුකළ හිටපු නාවික සෙබලෙකු ඇතුළු දෙදෙනෙකු රුපියල් කෝටියක ට අධික රන
මාලිගාකන්ද උසාවිය අසලදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු, පැදිකරු ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය සහ
හාලිඇල ගලඋඩ බූලුගහමඩවැවේ පාවෙමින් තිබූ කාන්තා මළසිරුරක් අද (22) සොයා ගත් බව කන්දේගෙදර පොලිසිය පවසයි .
බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මහනුවර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැස
මහ සයුරේ රෝහල යන නමින් ද හැඳින්වෙන චීනයේ ’පීස් ආර්ක්’ හමුදා රෝහල් නෞකාව, මේ වනවිට කොළඹ වරායට සේන්දු වී ඇත. නෞකාව කොළඹ වරායට සේන්දු වූයේ සිය ලෝක චාරිකාව අ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
කොරෝනා රෝගියා ගෙනා රියදුරු - සහායක නිරෝධානයනට