(කටුනායක ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පැමිණ, එය නිමා කර රටින් පිටවීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි පෝලන්ත ජාතිකයින් 04දෙනෙකුගේ කොරෝනා වයිරස රෝග ලක්ෂණ පෙන්නුම් කළ නිසා, කටුනායක ගුවන් තොටුපළ තිබූ විශේෂ ගිලන් රථ මගින් කොළඹ අයි.ඩී.එච්. වසංගත රෝග රෝහල වෙත යැවීමට අද (14) උදෑසන පියවර ගත් බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.
මොවුන් අද (14) උදෑසන 9.00ට රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යන ගුවන් යානයෙන් යාම සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මේ අතර අද (14) උදෑසන 7.00ට පමණ වනවිට දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවලින් පැමිණි ගුවන් මගීන් 1631ක් පොළොන්නරුව කන්දකාඩු සහ මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය වෙත නිරෝධායන කටයුතු සදහා යොමු කළ බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පැවසීය.
දියතලාව සහ කහගොල්ල නිරෝධායන මධ්‍යස්ථාන මේ වනවිට සූදානම් කර ඇතත්, මේ වනතෙක් කටුනායක ගුවන් තොටුපළ සිට මෙම මධ්‍යස්ථාන වෙත ගුවන් මගීන් යොමු නොකර ඇති බව ද අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා සඳහන් කළේය.
ඒ අතර මෙසේ ගුවන් මගීන්ට පිවිසීමට තහනම් රටවල් අතරට ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ස්වීඩනය සහ ඔස්ට්‍රියාව යන රටවල් 08ද එක් කර ඇති අතර, එම තහනම අද (14) මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
කොරෝනා රෝග ලක්ෂණ හේතුවෙන් පෝලන්ත ජාතිකයින් 04ක් අයි.ඩී.එච්. රෝහලට
පිටිගල මිලානෝ Saturday, 14 March 2020 06:40 AM
තාවකාලිකව කිසිම රටකින් ලංකාවට ඇතුල් වෙන්න දෙන්න එපා.
Samitha Senaka Aluthgamage. Saturday, 14 March 2020 06:57 AM
මේ සංචාරකයින්ට ලෙඩේ වැළඳී ඇත්තේ රට තුළදී බවයි පේන්නේ... ඒක සිදුවූයේ කෙසේද?
හේරත් Saturday, 14 March 2020 07:36 AM
රටවැසියෙකු ලෙස ආඩම්බර විය හැකි අවස්ථාවක්...! අපේ රටේ තිබෙන මහත්මා ගතිය ආරක්ෂා කළ අවස්ථාවක්... අපේ රටට සංචාරය කිරිමට පැමිණි අයට කෘතගුණ දැක්විමක්... ලෝකයට මානුෂීය පණිවිඩයක්... මෙවැනි තීන්දු තීරණ ගන්න සියලුම දෙනාට හිස නමා ගරු කරමි. ස්තුතියි.
BamunuarachchiSaturday, 14 March 2020 08:33 AM
විකාර දොඩවන්නේ නැතුව ඉන්න...
එන් සි පෙරේරාSaturday, 14 March 2020 04:04 PM
මට තේරෙන හැටියට නම් මේ අදහස විකාරයක් නොවේ..! මේ විදේශිකයින් නවතාගෙන ප්‍රතිකාර කිරිම රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවක්... විවිධ රටවල ඉන්න ලාංකිකයින් ලංකාවට එවන්න ඒ රටවල් තීරණය කළොත් කුමක් වෙයිද? මෙහිදී ගෝලීය අරබුදයකදී අප පරිණත රටක් ලෙස ක්‍රියා කර ඇති බව මගේ හැඟීමයි.
Daniel Saturday, 14 March 2020 07:52 AM
මීට කලින් චීන කාන්තාවක් මෙලෙස නිරෝධායනය කළා. ගුවන් තොටුපළට ආපු අයට තමන්ගේ රටට යන්න දෙන්න.
කොරෝනාSaturday, 14 March 2020 08:49 AM
මෙයාලා ආපහු යන්න ගියා නම් තවත් අයට ගුවන් යානය තුළදී බෝවෙන්න ඉඩ තිබුණා කියලා හිතන්න ඔබට මොලයක් නැති වීම පිළිබඳව මාගේ බලවත් කණගාටුව..
saraSaturday, 14 March 2020 09:33 AM
ඉන්දියාවට යවන්න කට්ටියම...
Akila Saturday, 14 March 2020 07:54 AM
සියල්ලෝම අයි.ඩී.එච්. යවන නිසා එහි කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට අර අපේ රටේ පුද්ගලයෙක් නිර්මාණය කළ නැනෝ තාක්ෂණයෙන් අවට පරිසරයේ වයිරස් විනාශ කරන යන්ත්‍රය එහෙ සවිකළොත් නරකද? එයාර්පෝර්ට් එකට නම් එ්ක වැඩක් නැහැ...
සංජීව Saturday, 14 March 2020 08:36 AM
රටේ පාසල්, උපකාරක පන්ති, විශ්ව විද්‍යාල වහලා හදිසි තත්ත්වයක් තියෙද්දිත් මොන මඟුලකටද මේ පිටරට වසංගතවලට ලංකාවට එන්න දුන්නේ?
ravi Saturday, 14 March 2020 10:29 AM
බඩේ කුඩු තියනවද කියලත් පරීක්ෂා කරලා බලන්න.. දැන් හුඟක් අපේ රටට එන්නේ යන්නේ කුඩු මුදලාලිලානේ...
sas Saturday, 14 March 2020 11:29 AM
දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවලින් ගුවන් මගීන්ට පිවිසීමට තහනම් ලෙස මීට දින කිහිපයකට පෙර දන්වා තිබියදී අද 1631 ක් එම රටවලින් ලංකාවට ආවේ කෙසේද?
chandra - naapoli Saturday, 14 March 2020 02:22 PM
ඉතාලියේ අයව මාෆියා සංවිධානයක් මගින් ලංකාවට එන්න උදව් කරලා තියෙන්නේ. ඒවාට මාෆියා සල්ලි ගන්නවා. නැවත ඉතාලියට ආපුවාම මාස 3න් පස්සේ මාෆියාවට ඒ ගාස්තුව ගෙවන්න ඕනෑ. මුදල් ගෙවීම පැහැර හැරියොත්.." කිරිස්..." බෙල්ල කැපුවා.. බස් එකේදී...