IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


කොරෝනා ලිංගිකව සම්ප්‍රේෂණය වන බව චීනය කියයි

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ලිංගිකව සම්ප්‍රේෂණය වන බව චීන වෛද්‍ය පර්යේෂකයන් පිරිසක් විසින් සොයාගනු ලැබ ඇත.

මෙම අනාවරණය සිදුකර ඇත්තේ චීනයේ හෙනාන් පළාතේ ෂැංග්කී රෝහලේ වෛද්‍ය පර්යේෂකයෝ පිරිසකි. ඒ, පසුගිය කාලය පුරාවට ‘කොවිඩ්-19’ ආසාදනය වී රෝහල් ගත කළ පිරිමි පුද්ගලයන් පිරිසකගේ ශුක්‍රාණු සාම්පල පරීක්ෂා කිරීමෙන් පසුවය.

වයස අවුරුදු 25 ත් 50 ත් අතර වයස් කාණ්ඩයේ වයිරස ආසාදිතයන්  38 දෙනකුගෙන් ලබා ගත් ශුක්‍රාණු පරීක්ෂා කළ බවත්, ඔවුන්ගෙන් හයදෙනකුගේ සියයට (16) ශුක්‍රාණුවල වයිරස විෂබීජ තිබී හමුවුණු බවත් එම වෛද්‍ය පර්යේෂකයෝ වැඩිදුරටත් පවසා ඇත.

මේ අනුව වයිරසය ලිංගිකව සම්ප්‍රේෂණය වීමේ සීමිත ඉඩකඩක් පවතින බව විද්‍යාඥයෝ පෙන්වාදෙති. කෙසේ නමුත් ශුක්‍රාණුවල ‘කොවිඩ්-19’ ආසාදනය වන විෂබීජ තිබී ඇත්තේ සුළු පිරිසකගේ බවත් වයිරසය ලිංගිකව සම්ප්‍රේෂණය වන බව නිශ්චිතව තහවුරු කරගැනීම සඳහා තවදුරටත් පර්යේෂණ කළ යුතු බවත් විද්‍යාඥයෝ පෙන්වාදෙති.

‘කොවිඩ්-19’ යනු සතුන්ගෙන් මිනිසුන්ට ආසාදනය වී ඉන්පසු මිනිසුන් අතරේ විකෘති වෙමින් පැතිරෙන කොරෝනා වයිරස පවුලේ නවතම සාමාජිකයාය. වයිරසය වවුලන් සහ කබල්ලෑවන් හරහා මිනිසුන්ට ආසාදනය වන්න ඇතැයි සැක කෙරේ.

වයිරසය ආරම්භ වූයේ පසුගිය 2019 දෙසැම්බරයේය. නව වයිරසය ‘කොරෝනා කාණ්ඩයට’ අයත් වීමත් එය 2019 වසරේදී සොයාගැනීමත් යනු කරුණු හේතුවෙන් නව කොරෝනා වයිරසය ‘කොවිඩ්-19’ යනුවෙන් නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගත්තේය.

කෙසේ නමුත් නවතම විමර්ශනවලට අනුව, වයිරසය චීනයේ වූහාන් නගරයෙන් ආරම්භ වන්න ඇත්තේ පසුගිය දෙසැම්බරයේ නොව ඔක්තෝබරයේ හෝ නොවැම්බරයේ යැයි පැවැසෙයි. මේ බව වඩාත් තහවුරු වූයේ පසුගිය දෙසැම්බර් 27 වැනිදා ප්‍රංශ රෝහලකට ඇතුළත් කළ නියුමෝනියා රෝගියකු ‘කොවිඩ්-19’ ආසාදිතයකු බව තහවුරු වීමත් සමඟය. වයිරසය චීනයේ ව්‍යාප්ත වීමට යුරෝපයේ ඇතැම් රටවල ව්‍යාප්ත වී තිබූ බව ද ඇතැම් පිරිස් පවසති.

මීට පෙර ද කොරෝනා ආසාදිතයන්ගේ සහ වයිරසය ආසාදනය වී සුව වූ පුද්ගලයන්ගේ ශුක්‍රාණුවල වයිරසය ආසාදනය වන විෂබීජ ඇත්දැයි කුඩා පර්යේෂණ සිදු කර ඇත. ඒ කිසිවකදී ශුක්‍රාණුවල වයිරස විෂබීජ තිබී නැත. මේ තත්ත්වය හේතුවෙන් නව පර්යේෂණයේ දත්ත සහ තොරතුරු හොඳින් විමසා බැලිය යුතු බවත් වයිරසය ලිංගික සම්ප්‍රේෂණය වන්නේ ද නැද්ද යන්න නිශ්චිතව තහවුරු කරගැනීම සඳහා තවදුරටත් අධ්‍යයන කළ යුතු බවත් ස්වාධීන විද්‍යාඥයෝ පෙන්වාදෙති.

055



අදහස් (13)

කොරෝනා ලිංගිකව සම්ප්‍රේෂණය වන බව චීනය කියයි

ගගන Friday, 08 May 2020 02:48 PM

නහයයි, කටයි වහගත්ත මදිවට අපේ ඇඟම දැන් රෙද්දකින් ඔතාගන්න වෙලානේ තියෙන්නේ.

:       0       0

නිමල් Friday, 08 May 2020 03:13 PM

චීනයේ 100% තහවුරු නොකළ වාර්තා නොකියා කියන්නේ කොරෝනා ලිංගිකව සම්ප්‍රේෂණය වන නිසා උපත් පාලන ක්‍රම අනුගමනය කිරීමට පෙලඹවීම මතයි.. එමගින් චීනයේ නිෂ්පාදනය කරන උපත් පාලන උපකරණවල ඉල්ලුම මේ නිසා ඉහළ යනු ඇත.

:       0       0

suranjith Friday, 08 May 2020 03:16 PM

චීනය ලෝකයාට කියන්නෙම බොරු... ලෝකයම නොමග යවන්න කරපු අපරාධ වහන්න.

:       0       0

Appuhami Friday, 08 May 2020 03:58 PM

මාර වැඩේ... අපේ රටේ සම්බාහන මධ්‍යස්ථානත් වහන්න වෙයි වගේ...

:       0       0

binkunndaa Friday, 08 May 2020 06:20 PM

චීනේ මේ කොරෝනා හදන්න HIV වයිරසයේ කොටස් පාවිච්චි කරපු නිසා HIV වල තිබෙන ගුණාංගයක් ලෙස ලිංගිකව සම්ප්‍රේෂණය වීම කොරෝනාවලද තිබිය හැකිය.

:       110       66

chandimaSaturday, 09 May 2020 12:26 AM

දැන් නම් මේ ගොල්ලෝ ඒ වයිරසේ හදන්න ගත්තු අමුද්‍රව්‍යවල නමත් කියනවා. එ්ත් ලෝකේ අති ඉහළයි කියන කිසිම ඔත්තු සේවෙකට බැරිවුණා කලින් මේ වයිරසේ ගැන කියන්න. හරියට ඉඩම් කෑල්ලක් අරන් ගෙයක් හදන්න ප්ලෑනකුත් අන්දලා ගිහින් දුන්නාම නක්ෂස්ත්‍ර කාරයින් එ්කේ දෝස කියනවා වගේ... ඔවුන්ට ඉඩම් අරන් ඉඩමේ ප්ලෑන් ගිහින් දීලා මේකට හරියන නිවසේ කොයි වර්ගඵලයද තියෙන්න ඕනෑ... කොතැනද ගේ හදන්න ඕනැ කියලා ඇහැව්වොත් මලාට කියාගන්න බැහැ...

:       0       0

KumarSaturday, 09 May 2020 02:18 AM

ඔය කියන ආකාරයට කොරෝනා වෛරසය සෑදුවා කියලා අමෙරිකාවවත් කියලා නැහැ. මේ වෛරස දෙකම ක්‍රියාකරන්නේ දෙවිධියකටයි. HIV වෛරසයෙන් වසර දහස් ගානක් තිස්සේ රෝගවලින් ආරක්ෂාවෙන්න ඇතිවුණු ප්‍රතිශක්තිය සම්පූර්ණයෙන් නැතිවෙනවා. කොරෝනාව එවැනි දෙයක් කරන්නේ නැහැ. කවුරුත් සියලුදෙයම ප්‍රවේසමෙන් පරිහරණය කලොත් තමයි හොඳ...

:       0       0

JaySaturday, 09 May 2020 04:07 AM

ඔබ පවසන ආකාරයෙන් කොරොනා වයිරසය චීනයේ සාදපු එකක් කියලා කොහෙද තිබුනේ කියලා කියනවා නම් අපිටත් දැනුවත් වුණ හැකියි. විශ්වාසදායක තොරතුරු නැතුව ප්‍රකාශ කරන්න එපා.

:       0       0

chandima Friday, 08 May 2020 06:45 PM

ඉස්සරහට කොරෝන පැටව් තමයි හදන්න වෙන්නේ? ඒ කියන්නේ වඳ වෙලාම යයි වගේ...

:       2       5

samarasekara -gampahaFriday, 08 May 2020 08:14 PM

අනේ අපේ රට කාපු, රට චීනාට විකුණපු දේශපාලුවන් ඔක්කෝටම මේක හැදුණොත් නියමයි.

:       0       0

sanjeevaSaturday, 09 May 2020 03:16 AM

එ්කනේ.. මුස්ලිම් අයට බැණ බැණ හිටියේ මෙච්චර කාලයක්... චික්..!!! දැන් එ්කත් ඉවරයි..

:       0       0

Samitha Senaka Aluthhamage. Friday, 08 May 2020 07:15 PM

වයිරසය හදපු අය ඒ ගැන අන් කාටත් වඩා විස්තර දන්නවා.

:       21       167

Rohana Saturday, 09 May 2020 01:27 AM

මේක චීනයේ පරීක්ෂණාගාරයක හදපු වයිරසයක් වෙන්න බැරිද? චීනය මේ ගැන වටින් ගොඩින් කතාකරන්නේ මෙහි කිසියම් රහසක් ඇති නිසයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 627 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 175 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 510 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 128 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1753 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 184 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site