IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


කොරෝනා ලොවපුරා මැතිවරණ 30 ක් කල් දමයි

එෆ්.අස්ලම්

ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ශ්‍රිලංකාවේ පාර්ලිමේන්තු මහ මැතිවරණය පමණක් නොව ලෝ පුරා මැතිවරණ 30ක ප්‍රමාණයක් කල්ගොස් ඇති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන අවධාරණය කරයි.

මැතිවරණය කල්දමා ඇති පසුබිමක නාම යෝජනා පත්‍රවල නම් සදහන් බොහෝ අපේක්ෂකයි මෙම සංවේදී කාල සමයද දේශපාලන වාසියට හරවා ගනිමින් ප්‍රචාරක කාර්යන්හි නිරතවන බව දිගින් දිගටම නිරීක්ෂණය වන බවද ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීමේදී මැතිවරණ කොමිෂන් සභාව සතුව පවත්නා සීමාකම් කෙරෙහි ද අප ප්‍රමාණවත් අවබෝධයකින් පසුවන බවද එම සංවිධාන සදහන් කර සිටීයි.

ශ්‍රීලංකාවේ ක්‍රියාකාරී මැතිවරණ නිරීක්ෂණ සංවිධාන හතක් විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් මගින් මේ බව අවධාරණය කර ඇති අතර ශ්‍රිලංකාවේ පාර්ලිමේන්තු මහ මැතිවරණය පවතින තත්වය හමුවේ කල්දැමීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් ගනු ලැබූ තීරණය කෙරෙහිද එම සංවිධාන ප්‍රසාදය පලකර සිටීයි.

පැෆරල් සංවිධානය,මැතිවරණ ප්‍රචන්ඩක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය, ට්‍රාන්ස්පෙරන්සි ජාත්‍යන්තර ආයතනය,සාධාරණ මැතිවරණයක් සදහා වූ ව්‍යාපාරය(කැෆේ)ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය,නිදහස් හා සාධාරණ මැතිවරණ සදහා ව්‍යාපාරය,ලක්බිමේ මව්වරු සහ දියණියෝ යන සංවිධාන ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් වශයෙන් මෙම නිවේදනය නිකුත් කෙරිනි.

එම නිවේදනයේ මෙසේද සදහන් වේ.

එළඹෙන අප්‍රේල් මස 25 වැනි දින පැවැත්වීමට නියමිතව තිබු පාර්ලිමේන්තු මහා මැතිවරණය, මැතිවරණ කොමිෂන් සභාව මගින් තම බලතල ප්‍රකාරව කල්දමා ඇති පසුබිමක, ඒ පිළිබඳව ගොඩනැගෙමින් පවත්නා තියුණු සමාජ කථිකාව කෙරෙහි මෙරටේ සියලු ක්‍රියාකාරී මැතිවරණ නිරීක්ෂණ සංවිධාන තම බලවත් අවධානය හා සැලකිල්ල යොමුකරමින් සිටී.ඒ හා සමඟ විපත්තිදායක වාතාවරණයක නිරායාසයෙන් ගතහැකි ආසන්නතම හා සුදුසුම පියවර වූ, මැතිවරණය කල් දැමීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ගන්නා ලද ක්‍ෂණික පියවර ද අපගේ නිසි ඇගයීමට ලක්වන අතර කොවිඩ් -19 ව්‍යාප්තිය වැලැක්වීම සඳහා වූ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටුවමින් සිදුවිය හැකිව තිබූ බලවත් හානියක් වැලැක්වීමෙහිලා ගත් කාලීන පියවර උදෙසා ගරු  ජනාධිපතිවරයා ද  අපගේ ප්‍රශංසාවට ලක්වන බව සඳහන් කිරීමට කැමැත්තෙමු.



අදහස් (15)

කොරෝනා ලොවපුරා මැතිවරණ 30 ක් කල් දමයි

අමරේ Sunday, 19 April 2020 05:29 PM

මේ ශ්‍රී ලංකාවේ තත්වය පිළිබඳවයි. මිත්‍යා දෘෂ්ටික දේශපාලුවන් කිහිප දෙනෙකුගේ සට්ටඹි යන්ත්‍ර මන්තර කාරයන් කිහිපදෙනෙකුගේ අවවාද පිළිගෙන ඉතාම කඩිනමින් මහා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය වාතාවරණය බලෙන් ඇතිකරමින් පවතිනවා. මේ අවස්ථාවේ ඇඳිරිනීති වේලාවන් වෙනස් කිරීම මේ උපක්‍රමවල පළමු වැන්නයි. දියුණු රටවල බුද්ධිමත් පාලකයින් තම චන්දයට වඩා තම ජනතාව ඉහලින් සලකන අතර අපේ රටේ ගෝත්‍රික හොර තක්කඩි රැල ජනතාවට හෙනගැහුවත් ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි අපි චන්දය තියලා දිනමු.." යන මතයේ සිටින බව කවුරුත් තේරුම්ගෙන සිටීම හොඳ දෙයකි. ඒ නිසා මේ කියන්නේ ශ්‍රී ලංකාවේ සිටින මිත්‍යා දෘෂ්ටික, කට්ට, කයිරාටික දේශපාලුවන්ටයි... හෙට සිට ඇඳිරිනීති වේලාවන් ප්‍රදේශ වෙනස් කොට...අවසානයේදී කොරෝනා අසාදිතයින්ගේ ප්‍රමාණය, මරණ ප්‍රමාණය ඉහල ගියහොත් .. ඒ සියල්ලටම තොපි වරද කරුවෝය. මැරෙන හැම ජිවිතයක් වෙනුවෙන්ම මේ මිත්‍යා දෘෂ්ටිකයින් වගකිව යුතුවේ. අපි මේ පිළිබඳව ජාත්‍යන්තරයටත් ගෙනයනවා. මේ පිස්සෝ හදන්නේ හදිස්සියේ චන්දය තියලා... දිනලා ජනතාවට මිලිටරි බලය පෑමටයි. මන්ද රට ගෙනියන්න රටේ මුදල් නැතිනිසා. රටේ මුදල් සියල්ල මුන් යටිමඩි ගසාගත්බව මේ රටේ කවුරුත් දනී.

:       242       2211

ravinMonday, 20 April 2020 12:16 AM

අමරේ සම්පුර්ණ ඇත්තම කතාව. කොහොමත් ගම්කබරයින්ගේ ආණ්ඩුව බලයට පත්වෙන්නේ නැහැ. ගියපාර සුනාමිය හොරා කාපුහැටි මිනිස්සුන්ට අමතක නැහැ.ජනතා විමුක්ති පෙරමුණට තව ආසන කිහිපයක් එකතුවේවි.

:       0       0

athuraMonday, 20 April 2020 03:54 AM

සහතික ඇත්ත කතාව මහත්මය. බලන්න මේ ලංකාදීප තීරුවේ ආණ්ඩුවට පක්ෂව අදහස් පලකරන කිසි කෙනෙක් මේ දේ ගැන කිසිම සද්දයක් නැහැ. ඇත්තටම වහල්ලු.

:       0       0

සමරේ Monday, 20 April 2020 05:56 AM

කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයේ වරෙන්තුව මගහැර විදේශ ගතවී(USA) නැවත ලංකාවට පැමිණ මැතිවරණ කොමිසමේ නිළයක් දරන්නේ කෙසේද ?

:       29       8

lalithm Sunday, 19 April 2020 07:44 PM

මිත්‍යාදෘෂ්ටික කට්ටයින් කියන්නේ කාටද? ජනපතිවරණය දිනා දුන්නේ වැඩිකොටම බොදු පුජ්‍ය පක්ෂයේ අනුග්‍රහයෙන්. අගමැති තුමා ඇතුළු කැබිනෙට්ටුවට බැතිබර අන්දමින් අනුග්‍රහයත් වැඩිපුරම ස්වාමින්වහන්සේලාගේ?ඔබ කොහොමද මිත්‍යාදෘෂ්ටික තක්කඩින් ගැන කතා කරන්නේ? ඔබට වැරදීමක්?

:       1642       173

buddhikaMonday, 20 April 2020 12:05 AM

ඔව් ඔබ තොප්පිය දැන්මම දමා ගෙනනේ.

:       0       0

sumathipalaMonday, 20 April 2020 12:12 AM

ලංකාවේ නියම බෞද්ධ ස්වාමින්වහන්සේලා සිටින්නේ අතළොස්සක් පමණයි.එතුමන්ලා දේශපාලුවන්ට කඩේ යන්නේ නැහැ. දුෂිත දේශපාලුවන්ට කඩේගිය හාමුදුරු කට්ටියට කියන්නේ පුජකයින් කියලා. ඒ අයගේ ජොබ් එක තමයි රජපක්ෂලාට කඩේ යන එක.ලැජ්ජයි. වාසනාවකට අපේ ගමේ පන්සලේ ස්වාමින්වහන්සේනම් කිසිම දේශපාලුවෙක් ගැන කතාකරනවටවත් අකමැතියි. අපේ ගමේ එහෙම ඔය කියන කහකඩ පුජකයින් හිටියානම් උතුම්වූ චීවරය ගලවනවා.

:       0       0

sunandaMonday, 20 April 2020 12:19 AM

ඔබ වැනි මිත්‍යාදෘෂ්ටික ගෝත්‍රිකයින් සිටින තාක්කල් අපේ රට මෙහෙම්මම තමයි. අද බංගලිදේශයේ ආර්ථිකය ලෝකයේ 32 වෙනි ආර්ථිකය වෙද්දී අපි ලෝකයේ 67 වෙනියා. සුනාමියා අපේ රට චිනාට විකුණුවා. දැන් සතුටුදා....? ලොකුලුනු තියෙනවාද....?

:       0       0

නාථ දෙයියෝ කිවුවේMonday, 20 April 2020 01:22 AM

රට රකින්න කියලා ආපු දේශප්‍රේමීන් එහෙම කරනවද? එන්න දීලා ඊට පස්සේ කොච්චර දක්ෂ ලෙස සතුරාව හබාගෙන ගිහින් මර්දනය කරනවද ? දැන් සතුරා නැත්තටම නැති උනොත් මං මොනවා එක්කද සටන් කරන්නේ ? ඔයාලා කියන්නේ කඩා වැටුණු ආර්ථිකය, පැතිරුණු අනේක විද ප්‍රශ්න මතු උනොත් කිව්වා වගේ කොරන්න විද්‍යාත්මක ක්‍රමවේදයන් මන් දන්නවා කියලද. බලන්න මන් පුතානෝට වැඩ හොදට නිකන් නොමිලේ බෙදා දෙනවා කියල රුපවාහිනී වල කියන්නේ නැද්ද?. මට කාටත් වැඩ හොදට රටේ සල්ලි බෙදලා දෙත හැකියි හරිද ?

:       0       0

ranaMonday, 20 April 2020 03:53 AM

දැන් ඔය ඈයෝට ගිලපු බොරු වමාරන්න බැරිව ඉන්නේ .

:       0       0

athuraMonday, 20 April 2020 03:55 AM

කියන්න ඕන ටික ව්‍යංගයෙන් නියමෙට දීල තියනවා.

:       0       0

ranjith Monday, 20 April 2020 12:30 AM

ගන්න ඕනෙම තීන්දුවක් මේ ව්‍යසනය දුරු කරගන්න උදව් වුනේ නැතිනම් රට තවත් ප්‍රපාතයට යනවා

:       0       0

de silva Monday, 20 April 2020 02:09 AM

මැකෝ කිව්වේ රට සාමාන්‍ය තත්වයට පත්වෙලා සති 5 කින් මැතිවරණෙ තියන්න පුළුවන් කියලා... රට සාමාන්‍ය තත්වයට පත්වෙනවා කියන්නේ සතියකට හමුවන කොරෝනා රෝගීන් ගණන (කොරන්ටයින් එකේ ඇතුළු සියලුම රෝගීන් ) 2-3 සිමා වෙලා , ගුවන්තොටුපළවල්, වරායවල් සාමාන්‍ය ලෙස ක්‍රියාත්මක වෙලා , පිටරටවල අතරමන් වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයන්ගෙන් 55000න් , 30000 වත් ලංකාවට ගෙන්වාගෙන (මොවුන් ශ්‍රී ලාංකික චන්ද දායකයන් ලංකාවට ඒමට කැමැත්තෙන් සිටින ඔවුන්ව චන්දෙ දවසට පිටරටක හෝ නිරෝධන මධ්‍යස්ථානයක සිරවී සිටීමෙන් ඔවුන්ගේ චන්දය දැමීමට ඇති මුලික ඓතිවාසිකම් උල්ලංගනය වේ) , අපට පොදු ප්‍රවහන් සේවා භාවිත කර දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුවට යන්න පුළුවන් වෙන්න ඕනේ. මුඛවාඩම් වලින් තොරව එළියට බැහැලා යන්න පුළුවන් වෙන්න ඕනේ. , මෙම තත්වය ඇතිවෙන කොට ලබන මාසේ අන්තිම වෙන්න පුළුවන්.එතනින් සති 5 ගණන් කරනකොට අගෝස්තු මුල හෝ මැද චන්දෙ තියන්න පුළුවන්.

:       0       0

mahe Monday, 20 April 2020 05:10 AM

එහෙම කොහොමෙයි, එතකොට කොහොමද පුතාට හෙටක් හදන්නේ? 220 ගානක් අනාතවෙනවානේ.රට වගේද එගොල්ලෝ?

:       0       54

marasinha Monday, 20 April 2020 07:52 AM

ආ....අර මෝඩ හොර පෙරකදොරුවද....?මිනිහට හෙටක් නැහැ. නැතිව මගදී අහුවුනොත් ගුටිකාලා මැරෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 106 0

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 623 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 177 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 186 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 725 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 244 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site