(රොෂාන් දිලිප් කුමාර)
මේ දිනවල රටේ පවතින ජාතික ආපදා තත්වය සැලකිල්ලට ගෙන රට පුරා රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලින් කෙරෙන ඉල්ලීම් සඳහා කොරෝනා විෂබීජහරණයට එතනෝල් නිපදවීම අඛණ්ඩව සිදුකරන බව ලංකා සීනි සමාගමේ ප්‍රධාන විධායක නිලදාරී ගාමිණී රාසපුත්‍ර මහතා පවසයි.
අද(23) පස්වරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේය.
දිවයිනම ආවරණය වන පරිදි සෙවණගල සහ පැල්වත්ත සීනි කර්මාන්තශාලා මූලික කරගෙන එතනෝල් නිපදවීම සිදුකෙරේ.
රටේ පවතින ආපදා තත්වය සලකා බලා මෙම ආයතන වල සේවක මණ්ඩලය පැය 24 පුරාවට සේවයේ නිරතවන බවත් සුරාබදු කොමසාරිස් ජනරාල් වරයාගේ අවසරය මත එතනෝල් ජාතික අවශ්‍යතාවය සපුරාලිය හැකි බවත් ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
කොරෝනා විෂබීජහරණයට එතනෝල් නිපදවීමට ලංකා සීනි සමාගම සූදානම්
jayath Monday, 23 March 2020 11:21 AM
මේ කතාව ඇත්තක් නම් හොඳයි. නමුත් ඔය කියන තරම් එතනෝල් හදන්න ගන්න උක් සැපයුමක් තියනවද මේ දවස්වල ?
raviMonday, 23 March 2020 11:45 AM
ඔව්නේ .. ! උක් ගහක් පේනතෙක්මානයක නැහැ. අපි උක්ගස් අමෙරිකාවෙන් ගෙන්නලා එතනෝල් හදලා ඇමෙරිකාවටම විකුණමු ... ඉතුරුටික , එකතුවෙලා බොමු ...
DammiMonday, 23 March 2020 12:14 PM
එතනෝල් නිපදවන්න උක්ගස්ම ඕන නෑ. මිනිස්සු හොඳට බොන්න ගනියි. මොකද එතනෝල් කියන්නෙ surgical spirit නොවෙයි. එතනොල් කියන්නෙ ඊතයිල් ඇල්කොහොල්, surgical spirit කියන්නෙ අයිසො ප්‍රොපයිල් ඇල්කොහොල්
PrabhaMonday, 23 March 2020 05:18 PM
දම්මි, එතකොට එතනෝල් ඉබෙ පහළවන දෙයක්ද?
රවින් Monday, 23 March 2020 12:35 PM
ෂුවර් එකටම එතනෝල් ඇමතිගේ යෝජනාවක්. නිරෝධායනය හින්දා හොරෙන් බඩුපන්නන්න අමාරුයිලු. අනික දැන් දැන් රේගුවේත් වෙන දේවල් ලොක්කට යනවලු. ලොක්කගෙනුත් බේරිලා බදු වලිනුත් බේරිලා ගොඩින්ම බේරෙන්න කොරෝනා සරණයි.
jayath Monday, 23 March 2020 03:01 PM
මෙතන ප්‍රශ්නේ තියෙන්නේ එතනෝල් ද අයි පී ඒ ද , එහෙමත් නැත්නම් මෙතනොල්ද කියන එක ෙනාෙව් දම්මි. ලංකාවේ තියන සීනිහදන තැන් තුනේම (සෙවනගල, පැල්වත්ත සහ හිඟුරාන ) ඔය කියන එතනෝල් නිෂ්පාදනය වෙනවා සීනි වල අතුරුඵලයක් විදියට . ඉතින් සීනි නැතුව එතනෝල් නිපදවෙන විදියක් මම නම් දන්නේ නැහැ . ඔය එතනෝල් ගැන මම ඕනනම් රස කතාවක් කියන්නම් හිඟුරාන සීනි කම්හල රජයට අයත් කාලේ ඕකේ( 70 අග නැත්නම් 80 මුල වෙන්න ඕන ) මද්‍යසාරය කොළඹට ප්‍රවාහනය කලේ "ෆූසෝ " වාහනවල . හිඟුරානෙන් මෙහා සියඹලාණ්ඩුව හරියේදී ඕවයින් ස්ප්රිට් අදිනවා... හොරට ඇදල කලවම් කරලා විකුනනවා.. ඒවට කියන්නේ "ෆූසෝ " කියල ( ඒ කාලේ කසිප්පු වලටත් සීල් අරක්කු වලටත් වැඩිය ලොකු ඉල්ලුමක් මේවට තිබුන) මේ ලියන මමත් ඕව බීල තියනවා තියනවා ! ඉතින් තවත් මොන කතාද බොන එක ගැන....