විනීතා එම් ගමගේ
විශේෂයෙන් කොරෝනා රෝගයේ දී රෝගින් ගෙන් 20% ක් රෝග ලක්ෂණ මතු නොවන අතර තවත් 60 % කට රෝග ලක්ෂණ මතුවන්නේ ඉතා සුළු වශයෙන් බව රජයේ වෛද්‍ය නිලධරින්ගේ සංගමය කියයි.
මේ නිසා කොරෝනා වයිරසය වැළදී රෝගය අන් අයට සම්පේ‍්‍රෂණය කරන පිරිස අතරින් 80 % ක්ම රෝගය පතුරන බව බැලූ බැල්මට සොයා ගැනීමට අපහසු කාණ්ඩයට අයත් බව ද එම සංගමය පෙන්වා දෙයි.
කොරෝනා රෝගය වැළදී ඇත්දැයි සොයා බලන පී සී ආර් පරික්ෂණයේ දී 30% කට රෝගය වැළදී තිබුණත් රෝගීන් ලෙස හදුනාගැනීමට නොහැකි වන බවත් ඔවුන් හරහා ද රෝගය වැළදීමේ ප‍්‍රවනතාවක් ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පෙන්වා දෙයි.
වගකීම් විරහිත ලෙස කටයුතු කරන පුරවැසියන් පිරිස ඉතා සුළු පිරිසක් වුවද ඔවුන්ගෙන් සිදුවන හානිය අති විශාල යැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පෙන්වා දෙයි.
මේ නිසා ඇදිරි නීතිය පැනවීම වැනි මේ දක්වා භාවිතා කල ක‍්‍රමවේදයන් තවත් දැඩි ලෙස ක‍්‍රියාත්මක කළ යුතු යැයි එම සංගමය කියයි.
එමෙන්ම රෝග ස්පර්ශකයන් නිවැරදි නිරෝධායනයට ලක්කිරීම ද අත්‍යවශය යැයි පෙන්වා දෙන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අත්‍යවශය රාජකාරිවල දී නිරෝගි තරුණ පිරිස් යොදවා ගැනිමේ වැදගත්කම ද පෙන්වා දෙයි.
රෝගයේ සංකුලතා වැඩි හා අවදානම වැඩිවන්නේ අවුරුදු 60 ට වැඩි අයට බවත් රෝහල් පද්ධතියේ ඇදන් වැඩි ප‍්‍රමාණයක් ඔවුන් වෙනුවෙන් වෙන් වීම වැළැක්වීම සදහා ඔවුන් නිවෙස් තුළම රදවා ගත යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරි්න්ගේ සංගමය තව දුරටත් පෙන්වා දෙයි.
රාජ්‍ය තාන්ත‍්‍රික සබදතා උපයෝගී කරගෙන කඩිනම් රෝග හදුනාගැනීමේ ක‍්‍රම රට තුළට ගෙන්වා ගැනීමත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන පරිදි නිරෝධායනයට ලක්කර සිටින පිරිස නිරන්තර පරික්ෂණවලට ලක්කර යුතු යැයි ද එම සංගමය යෝජනා කරයි.
එමෙන්ම දැඩි සත්කාර ඒකක ඇතුඵ පහසුකම් ඇති රෝහලක් වන කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහල කොරෝනා රෝග ප‍්‍රතිකාර සදහා සුවිශේෂී රෝහලක් ලෙස සූදානම් කරන්නැයි ද එම සංගමය ඉල්ලා සිටියි.
බෙන්තොට රජයේ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ තිබියදී ඉකුත් 18 දා රාත්‍රියේ කිසිවෙකු විසින් සොරකම් කරගෙන ගිය රුපියල් දෙලක්ෂ විසිපන්දාහක් පමණ වටිනා ඊ.සී.ජී.
දෙමටගොඩ ගුවන් පාලම යට බිලිඳියක් දමා ගොස් තිබියදී සොයාගත් බව පොලිසිය කියයි .
කොල්ල කන ලද යතුරු පැදියකට ව්‍යාජ ලියා පදිංචි අංක තහඩු සවිකරගෙන කොල්ලකෑම් ගණනාවක් සිදුකළ හිටපු නාවික සෙබලෙකු ඇතුළු දෙදෙනෙකු රුපියල් කෝටියක ට අධික රන
මාලිගාකන්ද උසාවිය අසලදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු, පැදිකරු ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය සහ
හාලිඇල ගලඋඩ බූලුගහමඩවැවේ පාවෙමින් තිබූ කාන්තා මළසිරුරක් අද (22) සොයා ගත් බව කන්දේගෙදර පොලිසිය පවසයි .
බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මහනුවර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැස
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
කොරෝනා වාහකයන්ගෙන් සියයට 80 ක්ම මතුපිටින් පේන්නේ නෑ
jayath Thursday, 02 April 2020 09:06 AM
මේකේ අන්තිම ඉල්ලීම නම් මම හිතන්නේ රජය කියන විදියට ඉටු වෙලා තියෙන්නේ .
Akila Thursday, 02 April 2020 10:27 AM
එක තමයි කියන්නේ හැම දෙනාම මුහුණු ආවරණ පලදිනවානම් , රෝගය තියනව කියල නොදන්නා අයගෙනුත් රෝගය පැතිරීම බොහෝ දුරට වලකා ගත හැකි