(සිරංගිකා ලොකුකරවිට)
ගාල්ල වරාය ඔස්සේ රටට ඇතුළුවන නැව් සේවකයන් සියලු දෙනාම වෛද්‍ය පරීක්ෂණයකට ලක්කරන බවත් ඔවුන් අතරින් රෝගී යම් අයකු සිටී නම් නිරෝධායන කටයුතු සඳහා යොමුකරන බවත් ගාල්ල වරාය කළමනාකරු කේ.ඒ.කේ.එන්.ඩබ්ලිව්.වීරසිංහ මහතා පැවසීය.
ගාල්ල වරායෙන් මාසයකට 3000ක පමණ විදේශික පිරිසක් රටට ඇතුළු වෙති. ජාත්‍යන්තර නැව් සමාගම්හි සේවක හුවමාරු මධ්‍යස්ථානයක් හා සේවා සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ගාල්ල වරාය යොදා ගැනීම ඊට හේතුවයි.
වීරසිංහ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
''ගාල්ල වරාය මේ සේවා ලබාදීමෙන් විශාල විදේශ විනිමයක් උපයනවා. අපි මෙහි පැමිණෙන සියලුම විදේශිකයන් පළමුව වරායේ වෛද්‍ය ඒකකයට යොමු කරනවා. එම ස්ථානයේ වෛද්‍යවරු කිහිප දෙනෙක් ඇතුළු කාර්ය මණ්ඩලය පැය 24ම සේවාව පවත්වාගෙන යනවා. ඒ නිසා අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැහැ. ගැටලුකාරී යම් අයකු සිටීනම් එම වෛද්‍යවරු ඔවුන් නිරෝධායන කටයුතු සඳහා යොමුකරනවා. අපි ආරක්ෂිත වැඩපිළිවෙල හොඳින් කරගෙන යනවා."
නැව්වලට ඇතුළුවන සහ නැව්වලින් පිටතට යන සේවකයන් ගාල්ල වරායෙන් හුවමාරු කටයුතු සිදුකරන අතරම නැව් සඳහා අවශ්‍ය විවිධ සේවාවන් සැපයීම ද කලක සිට ගාල්ල වරායෙන් සිදුකරයි. කළමනාකරු පවසන්නේ වැඩිිපුරම මෙලෙස හුවමාරුවන්නේ නැව්වල නීත්‍යානුකූලව සේවය කරන හමුදා සහ ආරක්ෂක නිලධාරීන් බවයි. ඔවුන් අතර ඉතාලි ජාතිකයන් නොමැති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ගාල්ල වරායෙන් රටට ඇතුළු වන සියලු දෙනා වෛද්‍ය පරීක්ෂණයට යොමු කරනවා
isurandi Sunday, 15 March 2020 08:57 AM
මේ රටට ඇතුළුවන හැම කෙනාවම පරීක්ෂා කළයුතුයි. පේනවනේ රටට වුණු හරිය...
siri Sunday, 15 March 2020 09:35 AM
චීන ජාතිකයින් පරීක්ෂාවට ලක් නොකෙරුවාට කාරියක් නෑ. ඒගොල්ලෝ එන්නේ ඒගොල්ලන්ට අයිති ප්‍රදේශ වලට යන්නයි. එහෙදී ඒ ගොල්ලන් චීන ආණ්ඩුවෙන්ම පරීක්ෂාවට ලක් කරාවි... හරියැ..?