IMG-LOGO

2024 දෙසැම්බර් මස 22 වන ඉරිදා


චීනය අද ජාතික ශෝක දිනයක් කරයි

කොරෝනා වෛරසයෙන් මියගිය තැනැත්තන් සිහිකිරීම සඳහා චීනය අද එරට ජාතික ශෝක දිනයක් ලෙස නම් කර තිබේ.

ඒ අනුව විනාඩි 3 ක නිහඬතාවක් රැකීමට ද චීන වැසියෝ අද එක්වූහ.

එරට වේලාවෙන් පෙරවරු 10.00 ට ‍මෙම නිහඩ කාලය ආරම්භ විය.

රථවාහන මෙම කාලයේදී සිය නලා නාද කළේය.

චීනයේ වුහාන් නගරයෙන් ලොව ප්‍රථම කොරෝනා රෝගියා පසුගිය වසරේ වාර්තා විය.

එතැන් සිට මේ දක්වා වෛරසය ලොව පුරා මිලියනය ඉක්මවූ පිරිසකට ආසාදනය වී ඇත.

මේ හේතුවෙන් රටවල් 181 කට අධික සංඛ්‍යාවක පුද්ගලයින් 60,000 කට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත්වී තිබේ.

කොරෝනා වෛරසයේ කේන්ද්‍රස්ථානය වූ වුහාන් නගරයේ සියලු මාර්ග සංඥා අද පෙරවරු 10.00 ට රතු පැහැයෙන් දල්වා එතැන් සිට විනාඩි 3 ක් ගමනාගමනය අත්හිටුවනු ලැබීය.

වෛරසය සමඟ සටන් වැදී දිවි පිදූ වීරයින්ට ගෞරව දැක්වීමට ද මෙම මෙය අවස්ථාවක් කරගන්නා බව චීන රජය ප්‍රකාශ කළේය.

එරට සෞඛ්‍ය සේවකයෝ 14 දෙනෙක් වෛරසය හේතුවෙන් මරණයට පත්වූහ.

වෛරසය ගැන අනතුරු ඇඟවූ ලී වෙන්ලියැන්ග් නමැති වෛද්‍යවරයාද ඒ අතර වෙයි.

අපේ කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ රෝගීන් මරණයට පත්වීම සම්බන්ධයෙන් අපි දැඩි කණගාටුවකින් පසුවනවා යැයි කොරෝනා වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කරන චීන හෙදියක් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබුණි.

ඔවුන්ට ස්වර්ගයේ විවේක ගත හැකි වනු ඇතැයි ඇය වැඩිදුරටත් පවසා ඇත.

චීන ජනපති ෂී ජින්පින් මහතා ඇතුළු අනෙකුත් රජයේ නිලධාරීන් ද බෙයිජින්හිදී ගෝකය පළකිරීමට එක්වූහ.

චීනය රෝගය සම්බන්ධයෙන් ප්‍රථම වරට ලෝක සෞඛ්‍ය සංවිධානයට දැනුම් දුන්නේ පසුගිය දෙසැම්බර් 31 වැනිදාය.

ජනවාරි 18 වැනිදා වන විට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කර ගත් පුද්ගලයින් සංඛ්‍යාව 60 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වුවද විශේෂඥයින් පැවසුවේ සත්‍ය අගය 1700ට ආසන්න වන බවයි.

ඉන් දින 2 කට පසුව ලූනා නව වසර වෙනුවෙන් සංචාරයේ යෙදීමට මිලියන ගණන් ජනතාව සූදානම්ව සිටිහය.

ඒ වන විට වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 200 ඉක්මවා තිබූ අතර බීජිං, ෂැංහයි හා ෂෙන්ෂෙන් ප්‍රදේශවලින් ද වෛරසය හඳුනාගෙන තිබුණි.

එතැන් සිට වෛරසය වේගයෙන් ආසියාව හා යුරෝපය පුරා පැතිර ගිය අතර අවසානයේ ලෝකයේ හැම ස්ථානයක් පුරා එය පැතිරුණි.

පසුගිය සති කිහිපයේදී චිනය සංචාරක හා සමාජ දුරස්ථතාව පිළිබඳ සීමා ලිහිල් කළ අතර ඊට හේතු වූයේ පැවති හදිසි සෞඛ්‍ය තත්ත්වය පාලනය කර ගැනීමට හැකිවී තිබීමයි.
 

මාස දෙකකට වැඩි කාලයක් පුරා හුදකලා කර තිබූ වූහාන් නගරය අර්ධ වශයෙන් විවෘත කිරීමට ද බලධාරීහු පියවර ගත්හ.

(බීබීසී ඇසුරෙනි)


-226-



අදහස් (1)

චීනය අද ජාතික ශෝක දිනයක් කරයි

Ruwan Saturday, 04 April 2020 08:22 AM

චීනය සියලු දෙනාගෙන්ම සමාව ගන්න ඕන වයිරසය පිළිබද තොරතුරු මුල් කාලයේ සැගවීම ගැන.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දෙමටගොඩ ගුවන් පාලම යට බිළිදියකගේ සිරුරක්
2024 දෙසැම්බර් මස 22 74 0

දෙමටගොඩ ගුවන් පාලම යට බිලිඳියක් දමා ගොස් තිබියදී සොයාගත් බව පොලිසිය කියයි .


කොල්ලකෑමේ යෙදුණ නාවික සෙබළා පොලිස් දැලේ
2024 දෙසැම්බර් මස 22 87 0

කොල්ල කන ලද යතුරු පැදියකට ව්‍යාජ ලියා පදිංචි අංක තහඩු සවිකරගෙන කොල්ලකෑම් ගණනාවක් සිදුකළ හිටපු නාවික සෙබලෙකු ඇතුළු දෙදෙනෙකු රුපියල් කෝටියක ට අධික රන


මාලිගාකන්ද උසාවිය අසළ වෙඩි තැබීමේ සිද්ධියට 5ක් අත්අඩංගුවට
2024 දෙසැම්බර් මස 22 304 0

මාලිගාකන්ද උසාවිය අසලදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු, පැදිකරු ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය සහ


හාලිඇල වැවක කාන්තා මළ සිරුරක්
2024 දෙසැම්බර් මස 22 261 0

හාලිඇල ගලඋඩ බූලුගහමඩවැවේ පාවෙමින් තිබූ කාන්තා මළසිරුරක් අද (22) සොයා ගත් බව කන්දේගෙදර පොලිසිය පවසයි .


තැනින් තැනට අදත් වැසි
2024 දෙසැම්බර් මස 22 75 0

බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මහනුවර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැස


කොළඹට ආ පාවෙන රෝහල
2024 දෙසැම්බර් මස 22 976 0

මහ සයුරේ රෝහල යන නමින් ද හැඳින්වෙන චීනයේ ’පීස් ආර්ක්’ හමුදා රෝහල් නෞකාව, මේ වනවිට කොළඹ වරායට සේන්දු වී ඇත. නෞකාව කොළඹ වරායට සේන්දු වූයේ සිය ලෝක චාරිකාව අ


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 39 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 30 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site