කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ අවදානමත් සමඟ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ රට තුළ ‘හදිසි නීතිය’ ප්‍රකාශයට පත් කරනු ඇතැයි එරට පුවත් සේවා අද (6) වාර්තා කළේය.
ඒ අනුව ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ඊයේ (7) හදිසි නීතිය ප්‍රකාශයට පත් කරනු ඇතැයි ජපානයේ යොමියුරි පුවත්පත වාර්තා කර තිබිණි.
ජපාන අග්‍රාමාත්‍යවරයා ඊට අදාළ සැලසුම් අද (6) ප්‍රකාශයට පත් කළේය. ජපානයේ හදිසි නීතිය හා එය ප්‍රකාශයට පත් කිරීමට අදාළ නීති ඉකුත් මාර්තු මාසයේදී සංශෝධනය කරන ලදි. ඒ අනුව කොරෝනා වයිරසය රටට සහ රටේ ජනතාවට විශාල තර්ජනයක් එල්ල කළහොත්, වේගයෙන් පැතිර යෑමේ අවදානමක් ඇති වුවහොත් සහ ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල කළහොත් යන කරුණු සැලකිල්ලට ගනිමින් හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාට බලය ලබාදෙන ලදි. කොරෝනා වයිරසය හේතුවෙන් ජපාන ආර්ථිකයේ පසුබැසීමක් ඇති වීමේ අවදානමක් දැනටමත් ඇති වී ඇත.
හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ එරට ආණ්ඩුකාරවරුන්ට, ජනතාවට නිවසට වී සිටින්නැයි නියෝග කිරීමට ඉඩ සැලසෙන අතර කඩසාප්පු ඇතුළු ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට ද බලය යෑමේ. ජපානයේ සංශෝධිත හදිසි නීතිය අනෙක් රටවල ‘ලොක්ඩවුන්’ හෙවත් රට සම්පූර්ණයෙන් වසා දැමීමේ ක්‍රියාවලියට සමාන යැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
ජපානයේ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අද (6) පස්වරු වනවිට 3,654ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර එරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 85ක් විය.
ද ගාඩියන්/ රොයිටර්
055
ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් එළැඹෙන 20 වැනිදා දිවුරුම් දීමට නියමිතව තිබියදී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ වන සුරූපී මෙලනියා ට්‍ර
තෙල්දෙණිය සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව කඩුගන්නාව ප්‍රදේශයේදී අඹ ගසක හැපී සිදුවූූ අනතුරක
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මෙතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු අද හෙටම පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභා
ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසය
හිටපු ඇමතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා ග
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
ජපානයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරන්න යයි