(මනුල වික්‍රම)
එළවළු බෙදාහැරීමට අදාළ වාහන අවසරපත් ලබාගැනීමේදි බලපා ඇති අවහිරතාවය හේතුවෙන් තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වසාදැමීමට සිදුවන බව එම මධ්‍යස්ථානයේ වෙළඳ සංගම් සභාපති සුනිල් සෙනෙවිරත්න මහතා පවසයි.
දැනට ඇඳිරි නීති යටතේ ප්‍රවාහන බලපත්‍ර නිකුත් කරන්නේ ප්‍රාදේශීය ලේකම් නිර්දේශ කිරීමෙන් පසු එම සහතිකය පොලිසියට ඉදිරිපත් කිරීමෙනි.
ප්‍රාදේශීය ලේකම් බලපත්‍ර අනුමත කරන්නේ ග්‍රාම නිලධාරී ද අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂක ද අනුමත කළ පසු ය.
පවතින වාතාවරණය තුළ ව්‍යාපාරිකයින්ට මෙකී නිලධාරින් තිදෙනා හමුවීම ඉතා දුෂ්කර කටයුත්තක් වන නිසා එළවළු බෙදාහැරීම් කටයුතු මුළුමනින්ම කඩාකප්පල්වී ඇති බව සභාපතිවරයා කියාසිටී.
මේ පිළිබඳව සභාපතිවරයා කීවේ මෙවැනි කතාවකි.
අපේ කලමනාකාර භාරයේ මෙම ප්‍රදේශයට අදාළ ප්‍රාදේශීය ලේකම් නියෝජනය කරනවා. අපේ ව්‍යාපාරිකයින් කවුද කියලා පෞද්ගලිකවත් දන්නවා. ග්‍රාම නිලධාරී ළඟට යන්න පහසු නෑ. ඒ ස්ථානයට රියැදුරු යවන්නත් ඕනෑ. ඊට පස්සේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුමත කරන්නත් අවශ්‍යයි. එයා මුණගැසීමත් මේ දිනවල පහසු නෑ. අප එච්චර ඇවිද ඇවිද හිටියොත් වෙළඳාම් කරන්න වේලාවක් නෑ. ඒ වගේම එහෙම කලා කියලා අපට මේ දවස්වල විශේෂ ලාභයකුත් නෑ. අපි කරන්නේ සමාජ සේවයක්.
ඒ වගේම අපේ ජීවිත අවදානමට තියලා කැපකිරීමක් කරන්නේ. අපට එතරම් සවිස්තරාත්මක බපත්‍රයක් අවශ්‍ය නම් ජංගම සේවයක් පවත්වලා මෙම ස්ථානයෙ දීම බලපත්‍ර දෙන්න ඕනෑ. රජය කැමති නෑ මෙම ස්ථාන වසා දාන්න. ඒත් අපට අවශ්‍ය පහසුකම් ලබාදෙන්නේ නැත්නම් අපිට කරන්න තිබෙන්නේ වසාදැමීම. ‘‘ යනුවෙන් ද වෙළඳ සංගම් සභාපති වරයා අද (01) ප්‍රකාශ කළේ ය.
ඊට අමතරව වෙළඳාම් කිරීමේ දී පුද්ගලයින් අතර මීටරයක පරතරය තබාගැනීමේ අසීරුව හා සේවකයින් වැඩට නොඒම යන කරුණ ද බලපා ඇති බව සභාපති වරයා ප්‍රකාශ කළේ ය.
මේ සම්බන්ධයෙන් විමසීමට තලාව ප්‍රාදේශීය ලේකම් සහ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් සම්බන්ධ කරගැනීම අසීරුවූ අතර තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ කටයුතු සඳහා රජය වෙනුවෙන් මැදිහත්වී සිටින පරිසර හා වනජීවි අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා කියා සිටියේ මෙම ප්‍රශ්නය විසඳීමට කඩිනම් පියවරක් ගන්නා ලෙස තමා අදාල නිලධාරින්ට දැනුම්දෙන බවයි.
දෙමටගොඩ ගුවන් පාලම යට බිලිඳියක් දමා ගොස් තිබියදී සොයාගත් බව පොලිසිය කියයි .
කොල්ල කන ලද යතුරු පැදියකට ව්‍යාජ ලියා පදිංචි අංක තහඩු සවිකරගෙන කොල්ලකෑම් ගණනාවක් සිදුකළ හිටපු නාවික සෙබලෙකු ඇතුළු දෙදෙනෙකු රුපියල් කෝටියක ට අධික රන
මාලිගාකන්ද උසාවිය අසලදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු, පැදිකරු ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය සහ
හාලිඇල ගලඋඩ බූලුගහමඩවැවේ පාවෙමින් තිබූ කාන්තා මළසිරුරක් අද (22) සොයා ගත් බව කන්දේගෙදර පොලිසිය පවසයි .
බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මහනුවර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැස
මහ සයුරේ රෝහල යන නමින් ද හැඳින්වෙන චීනයේ ’පීස් ආර්ක්’ හමුදා රෝහල් නෞකාව, මේ වනවිට කොළඹ වරායට සේන්දු වී ඇත. නෞකාව කොළඹ වරායට සේන්දු වූයේ සිය ලෝක චාරිකාව අ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
තඹුත්තේගම ආර්ථක මධ්‍යස්ථානය වසා දැමීමට සිදු වූ බව වෙළඳ සංගම් සභාපති කියයි
ass charya Wednesday, 01 April 2020 04:10 AM
මේ රජයත් එදා වේල තමයි හැරෙන හැරෙන පැත්තට ගහ උළුවස්ස කිව්වලු.
rasika Wednesday, 01 April 2020 06:59 AM
ලිස්ට් එක තියෙනවනම් ප්‍රා ලේකම් අවසර දෙන්න .
lalithm Wednesday, 01 April 2020 07:28 AM
රජය නොවෙයි. තීරණ ගන්න බැරි ඉහලින් එන අණට අකුරටම සහ තවත් නීති හොයන කොන්ද පන නැති ස්ථානෝචිත ප්‍රඥාව නැති බලය පෙන්නා වැඩ නොකර ගෙදර ඉන්න සම හරක් නිලධාරීන් බලධාරීන් වීම.