IMG-LOGO

2025 ජනවාරි මස 03 වන සිකුරාදා


තායිලන්තයේ සෞඛ්‍ය සම්බන්ධ හදිසි තත්ත්වය ජුනි අවසානය දක්වා දීර්ඝ කරයි

කොරෝනා වයිරස ව්‍යාප්තිය මැඩ පැවැත්වීම සඳහා  පනවා ඇති හදිසි තත්ත්වය ජුනි මස අවසානය දක්වා පවත්වාගෙන යෑමට තායිලන්ත බලධාරීහු තීරණය කර තිබේ.

දැනට පනවා ඇති සීමාවන් ලිහිල් කරන අතරතුර ආසාදන පාලනය කර තබා ගැනීම සඳහා මෙලෙස හදිසි නීතිය දීර්ඝ කරන බව තායිලන්ත කොවිඩ් - 19 කාර්ය සාධක බලකාය පවසයි.

මාස දෙකකට ආසන්න කාලයක් වසා දමා තිබූ සාප්පු සංකීර්ණ, වෙළඳසැල් සහ දෙපාර්තමේන්තු නැවත විවෘත වී ඇත.

ජාත්‍යන්තර මගී ගුවන් ගමන් තහනම ද ජුනි අවසානය දක්වා දීර්ඝ කර තිබේ.

එසේ වුවද බාර්, රාත්‍රී සමාජ ශාලා, සිනමා ශාලා සහ ක්‍රීඩා පිටි තවදුරටත් වසා දමා තිබේ.

දැනට වසා දමා ඇති පාසැල් ජූලි මාසයේ විවෘත කිරීමට නියමිතය.

මාසයක් පමණ කාලයක් තිස්සේ තායිලන්නයේ දෛනික ආසාදිතයන් වාර්තා වීම අඩුවෙමින් පැවති අතර පසුගිය පැය 24 තුළ කිසිදු ආසාදිතයෙකු හෝ මරණයක් වාර්තා වී නොමැත.

තායිලන්තයේ මේ වනවිට තහවුරු වී ඇති කොරෝනා ආසාදිතයින් ගනන 3 037 ක් වන අතර මරණ 56ක් සිදුවී තිබේ.

රෝගීන් 2 910 දෙනකු සුවය ලබා තිබේ.


(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
 



අදහස් (0)

තායිලන්තයේ සෞඛ්‍ය සම්බන්ධ හදිසි තත්ත්වය ජුනි අවසානය දක්වා දීර්ඝ කරයි

ඔබේ අදහස් එවන්න

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2345 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1238 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2868 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 1010 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 800 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 997 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 374 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 195 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 178 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site