IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


දකුණු කොරියාව-ඉතාලිය-ඉරානයට ශ්‍රී ලංකාවෙන් තාවකාලික තහනමක්

( රොමේෂ් ධනුෂ්ක සිල්වා )

දකුණු කොරියාව ඉතාලිය සහ ඉරානයේ සිට  ශ්‍රී ලංකාවට  හෙට (14) සිට  සති දෙකක කාලයක්  ගුවන් මගීන්  රැගෙන ඒමෙන්  වළකින ලෙස   ශ්‍රී ලංකා ගුවන්සේවා  අධිකාරිය සියලුම ගුවන් සමාගම්වලට දැනුම් දී තිබේ.

මෙම රටවල්  කොරෝනා අසාදිතයින් වැඩි වශයෙන් වාර්තාවන  රටවල් බැවින් මෙම පියවර ගෙන ඇතැයි  රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 

 



අදහස් (27)

දකුණු කොරියාව-ඉතාලිය-ඉරානයට ශ්‍රී ලංකාවෙන් තාවකාලික තහනමක්

sam Friday, 13 March 2020 04:03 AM

මේ ලැයිස්තුවේ මුලින්ම තිබිය යුතු "චීනය" මේ ප්‍රශ්නයට අදාලම නැතිද ???

:       1098       1491

Perera Friday, 13 March 2020 04:03 AM

ඔය ස්ථාවරේ චීනෙට දැම්මේ නැත්තේ බයේද? තාම චීනේ ඉඳන් එන අය නිරෝධායනේ අදාළ වෙන්නේ නැත්තෙත් බයේද? කොන්දක් නැද්ද ආණ්ඩුවට?

:       1095       1364

thushara Friday, 13 March 2020 04:20 AM

අශ්වයා ගියාට පස්සේ තමයි ඉස්තාලේ වහන්නේ

:       42       110

ලුම්බිණි Friday, 13 March 2020 04:23 AM

එතකොට චීනය?

:       85       161

Ruwan Friday, 13 March 2020 04:39 AM

ගුවන් සේවා අධිකාරිය කියලා තියෙන්නේ රැගෙන එමෙන් වලකින්න කියලා ? රජයක් විදියට චීනයත් ඇතුළුව සංචාරක තතහනමක් පනවන්න ඕන මොකද ගුවන් සේවා අධිකාරියට නීතිමය බලයක් නෑ.

:       5       152

වික්‍රම Friday, 13 March 2020 04:40 AM

ඇත්තම කතාවනම් චීනයේ ආසාධිතයන් ප්‍රමාණය විශාල ලෙස අඩුවීමයි බොහොමයක් රටවල් මේ වන විට තහනම් රටවල් ලෙස නම් කරමින් පවතින්නේ යුරෝපය සහ ඒ ආශ්‍රිත රටවල් පමණි

:       79       175

saman Friday, 13 March 2020 04:45 AM

සෑම් මහතා වෙත. චීනයේ පසුගිය දින කිහිපය තුල දිනකට වාර්තා වන්නේ රෝගීන් 20 ක් පමණයි. චීනයේ ජනගහනය බිලියන 1.3. එතකොට චීන ජාතික ගුවන් මගියෙක් මෙමෙ රෝගයෙන් පෙලීමේ සම්භාවිතාව ඉතා අඩුයි ඔය අනෙක් රටවලට වඩා.

:       307       138

Kuma Friday, 13 March 2020 07:58 AM

මේ වෙලාවේ සම්භාවිතාවක් හොයනවා වෙනුවට හැකි හැම විටම ආරක්ෂා වීම නොවේ ද කළ යුතු?

:       0       46

හේරත් Friday, 13 March 2020 04:45 AM

මෙම තිරණය ගත යුතුව තිබුනේ මිට සති කිහිපයකට පෙරයි. දැන්වත් එම තිරණය ගැනීම පැස සිය යුතුයි. මෙයින් කිසිවකුට හෝ අගතියක් සිදු නොවේ යැයි සිතමු. දැනට ක්‍රියාත්මක නිරෝධායන වැඩ සටහන් ක්‍රියාත්මක කළ හැක්කේ එක්තරා සීමාවක් තුල පමණයි!!! නිරෝධානය සඳහා යොමු කළ යුතු ජනගහනය වැඩි වන තරමට අවශ්‍ය පහසුකම් සැපයීම අප වැනි රටකට දුෂ්කර වේ. සාපේක්ෂව අනිත් රටවලට අපට වඩා පහසුකම් සහ ඒ සඳහා අවශ්‍ය "දැනුම" සහ "ආකල්ප" වර්ධනය වි ඇත. වැදගත් වන්නේ වසංගතය පාලනය කර ගැනීමයි!

:       0       388

Champa Friday, 13 March 2020 04:55 AM

හොඳ තීරණයක්. චීනයේ තත්වේ දැන් හොඳ වේගෙන එනවා. දැන් කොරෝනා තියෙන්නේ වැඩිපුර යුරෝපය, ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය වගේ රටවල.

:       277       386

Nihal Friday, 13 March 2020 04:56 AM

චීනයේ අයට එන්න එපා කියන්න බෑ. එයාලාට මෙහේ සින්නක්කර ඉඩම් තියෙනවා

:       86       271

Akila Friday, 13 March 2020 05:04 AM

ඉතාලියේ තත්වය ඉතාම භයානකයි , අද බටහිර මාධ්‍ය වාර්තා කරලා තිබ්බා ලෙඩ වුනාම රෝහල්වලිනුත් බාරගන්නේ නැහැ කියලා.

:       1       47

himali Friday, 13 March 2020 05:24 AM

චිනෙ ඉදන් කොරෝනා ලංකාවට අවේ නැති තරම්. එත් යුරෝපයෙන් එනවා.

:       23       19

Darshana Friday, 13 March 2020 05:27 AM

හොද තීරණයක්. ඒ රටවලින් එන අය පවා රෝග නිවාරණයට සහයෝගය නොදක්වන අවස්ථාවක......

:       0       84

Danushka Friday, 13 March 2020 05:31 AM

කෝ චීනය?

:       6       17

Buddika Friday, 13 March 2020 05:51 AM

කෝ චීනය.? මුලින්ම නවත්වන්න තිබ්බේ චීනය.

:       4       18

nandana Friday, 13 March 2020 06:02 AM

මේ වනවිට චීනය විසින් කොරෝනා මර්ධනය පිලිබන්ධව විධිමත් ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. කොරෝන රෝගීන් ප්‍රදේශයෙන් ප්‍රදේශයට සංක්‍රමණය වීමත්, ඔවුන් විදේශගත වීමත් වලක්වෙන සාර්ථක වැඩපිළිවලක් ඔවුන් පවත්වාගෙන යනවා. ඒ නිසා තමා වුහාන් ඇතුළු මුලින්ම කොරෝනා රෝගය පැතිරුණු ප්‍රදේශ වලට සිමා කිරීමටත්, එම ප්‍රදේශ වලත් රෝග පැතිරීම අවම කිරීමටත් ඔවුන්ට හැකිවී ඇත්තේ.

:       5       28

BamunuarachchiFriday, 13 March 2020 10:58 AM

අනේ යන්න. චීනෙන් තමයි ඔය වසංගතය ලෝකෙටම බෝවුනේ... දැන් කයිවාරු ගහනවා. චීනේ සාර්ථක වැඩපිළිවෙලක් ගැන. මෙයත් අර රාජපක්ෂලා වගේ චීනයට පණ බයේ දඟලන කෙනෙක්ද කොහේද?

:       1       8

Cisco Friday, 13 March 2020 06:11 AM

චීනය මේ වන විට වයිරසය පාලනය කර ඇත. පසුගිය පැය 24 දී අලුතෙන් වයිරසය වැළඳුන ප්‍රමාණය මුලදීම බෝවීමට සාපේක්ෂව බලන්න.

:       0       0

Anuruddha Friday, 13 March 2020 06:15 AM

දැන් පරක්කු වැඩියි. සති 2, 3කට කලින් කරන්න තිබුණේ...

:       0       1

Amula Friday, 13 March 2020 06:20 AM

අපේ රටේ කවද්ද වැඩක් හරියට කළේ..? නමුත් මේ ගත් තීරණය ගැන යමක් දුරට සෑහීමකට පත්වෙන්න පුළුවන්.. මොකද රෝගය පැතිර යාමේ අවදානම අඩුකර ගන්න ගත් උත්සාහයක්... පාසල් වැසීම හොඳයි.

:       0       2

සිල්වා Friday, 13 March 2020 06:42 AM

චීනයෙන් ලංකාවට කොරෝනා බෝවුනේ නැහැ. ලංකාවට කොරෝනා ආවේ ඉතාලියෙන්. චීනයට කොරෝනා හැදුනේ පෙබරවාරිවල. නමුත් ඒ අය ලෙඩය බෝවෙන අය එව්වේ නැහැ.

:       1       18

පිටිගල මිලානෝ Friday, 13 March 2020 07:18 AM

කාලීනව හොඳ පියවරක්... නමුත් වැඩ කරන විරුවා ඇයි චීනයට විතරක් එන්න දෙන්නේ? චීනා ගේන විෂබීජ වලින් බෝවෙන්නේ නැද්ද?

:       0       8

සනත් ඉතාලිය Friday, 13 March 2020 10:03 AM

මම ඉන්නෙත් ඉතාලියේ... චීනයට ඔය තහනම පනවන්නේ නැත්තේ චීනෙ දැන් මේ උවදුර ජයගෙන ඇති අතර ඔවුන් ප්‍රදේශයෙන් ප්‍රදේශය සංක්‍රමණය වීම තහනම් කිරීම හා නිරෝධායන කටයුතු සාර්ථකව සිදුකර ඇතිනිසා හා කිසිවෙකුටත් දින14 නිරෝධායනයට යටත් නොවී එ් රටින් පිටවීම තහනම් කර ඇති නිසාත් තමයි රජය එහෙම කරන්නේ... මේ වෙලේ අවදානම යුරෝපයේ අපේ මිනිස්සු දේශපාලනේ ගාවාගෙන චීනෙට ඇඟිල්ල දික් කෙරුවාට අද ඉතාලියටත් අාධාර අරගෙන (ටොන් 12) වෛද්‍යවරුන් ආවෙත් චීනෙන්... පාටකණ්ණාඩි ගලවලා එකාවන්ව පෙලගැසෙමු.

:       15       2

බද්රානි Friday, 13 March 2020 11:42 AM

ඉතාලියේ ඉන්න සනත් මහත්තයෝ, කොහොමත් ඔය රටවල ඉන්න රට හරක්ට වඩා, චීන ජාතිකයින් ලෝකෙට වටිනවා. ලංකාවට වුණත් ඒක එහෙමයි. කෙසේවෙතත් ඔබතුමා නොදන්නවා වුණාට, තවමත් චීනය සියයට සියයකින් මේ වෛරසය මර්ධනය කර නැහැ. ඉතාලි ඔයට පැමිණ ඇත්තේ, අත්දැකීම් සහිත චීන වෛද්‍යවරු කණ්ඩායමක් මිස, චීන සංචාරකයින් නොවන බව වටහා ගන්න. අපි ලංකාව ගැන බලා ගන්නම්, ඔබතුමා නිරෝධනය වෙලා ප්‍රවේශමෙන් ඉතාලියට වෙලා ඉන්න. කොරෝනා නෙමේ, මොන ලෙඩේ තිබුණත් කමක් නැහැ, දෑත් ශක්තිමත් කරන්න ඡන්දෙ දාන්න ලංකාවට ආවොත්, ඒ හොඳටම ඇති...

:       1       166

ප්‍රීති Friday, 13 March 2020 12:01 PM

අනේ ! වැඳලා කියන්නම් කොරෝනා හැදුනත් කමක් නැහැ. රජය අපහසුතාවයට පත්කරන දේවල් නම් කරන්න එපා හොඳද ?

:       1       29

ෂී ජිං පිං Friday, 13 March 2020 01:26 PM

අපිට ඕවා දාන්න කලින් ණය ටික ගෙවන්න.

:       0       28

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 43 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 460 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 619 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 814 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 186 0

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


ගිං ගඟේ දෙදෙනෙක් සැඟ වෙති
2025 මාර්තු මස 13 231 0

අක්මීමන ප්‍රදේශයේ සිට හිනිදුම ප්‍රදේශයේ නෑ ගෙදරක ගොස් ගිං ගඟේ දිය නෑමට ගිය දෙදෙනකු ගසාන ගොස් අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 193 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 451 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site