IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


දකුණු කොරියාව පාසල් විවෘත කරයි

දකුණු කොරියාවේ දරු දැරියන් සඳහා ලබන සතියේදී පාසල් විවෘත කරන බව එරට බලධාරීහු අද (4) ප්‍රකාශ කළහ.
 
පසුගිය දින කිහිපයේදී දකුණු කොරියාවෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන සැලකිය යුතු ලෙස අඩු වී තිබේ. දකුණු කොරියාව මේ වනවිට රට සාමාන්‍ය අතට ගැනීම සඳහා පියවර ගනිමින් සිටී.
 
‘කොවිඩ්-19’ වසංගතයේ ව්‍යාප්තියත් සමඟ මාර්තු මස මුලදී දකුණු කොරියාවේ පාසල් වසා දැමිණි. දකුණු කොරියාව කොරෝනා වයිරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ රටවල් අතුරින් එකකි. එක් අවස්ථාවකදී චීනයෙන් පසු වැඩිම බලපෑමක් එල්ල වූ රට බවට පත්ව තිබුණේ ද දකුණු කොරියාවයි.
 
එහෙත් මේ වනවිට වසංගතය පාලනය කළ රටවල් කිහිපය අතරට දකුණු කොරියාව ද එක්ව ඇත. වසංගතය පාලනය කිරීම සඳහා දකුණු කොරියාව දැඩි ක්‍රියාමාර්ග ගත්තේය. ‘‘ආසාදිතයන් හඳුනාගනිමින් පරීක්ෂණ කරමින් ප්‍රතිකාර කිරීමේ’’ වැඩසටහන් විශාල වශයෙන් ක්‍රියාත්මක කිරීමට දකුණු කොරියානු බලධාරීහු පියවර ගත්හ. දකුණු කොරියාවේ එම වැඩසටහන් ලොවපුර බොහෝ දෙනකුගේ ඇගයීමට ලක්ව ඇත.
 
දකුණු කොරියාවේ ගුරුවරු අප්‍රේල් මාසයේ සිට අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීම් කළහ. ලබන සතියේ බදාදා සිට ජූනි 1 වැනිදා දක්වා අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කරන බව බලධාරීහු කීහ.
 
‘‘පාසල් විවෘත කිරීමෙන් ‘කොවිඩ්-19’ අවසන් වූ බව කියවෙන්නේ නැහැ’’ යැයි දකුණු කොරියාවේ අධ්‍යාපන අමාත්‍ය යූ එවුන් හේ පැවැසුවාය. පාසල් ‘කොවිඩ්-19’ වසංගතයට පෙර පාසල්වල පැවැති නිදහස් සහ ක්‍රියාශීලී තත්ත්වයට නැවත පත් කිරීමට පියවර ගන්නා බවත් එසේ වුවත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ඉදිරියටත් අනුගමනය කරන බවත් ඇය කීවාය.

ආහාර විවේකයේදී හැර අන් සියලු අවස්ථාවලදී සිසු සිසුවියන් මුඛ/ මුහුණු ආවරණ පැළැඳිය යුතු අතර සෞඛ්‍යාරක්ෂිත සමාජ දුරස්ථභාවය පවත්වාගත යුතුය.
 
පාසල් පැමිණි දවසේ මුල්ම කාර්යය ලෙස සිසු සිසුවියන් ඔවුන්ගේ මේස පිහිදැමිය යුතු බව ද දකුණු කොරියානු අධ්‍යාපන අමාත්‍යවරිය සිහිපත් කළාය.
 
‘‘දරුවෝ මුලින්ම ඔවුන්ගේ මේස පිහිදාන්න ඕනේ. අපි ඒ සඳහා උපදෙස් ලබාදෙනවා’’ යැයි ඇය සඳහන් කළාය.
 
දකුණු කොරියාව මෙලෙස පාසල් විවෘත කිරීමට පියවර ගන්නේ බදාදා සිට සමාජ දුරස්ථභාවයට අදාළ සීමා ලිහිල් කිරීමට තීරණය කර ඇති අවස්ථාවක ය.
 
නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ කල්දැමුණු බේස්බෝල් සහ පාපන්දු ඇතුළු වෘත්තීය ක්‍රීඩාවල නව තරගවාරය මේ සතියේදී ආරම්භ වීමට නියමිතය. එහෙත් ප්‍රේක්ෂයන් සඳහා මෙම තරග විවෘත නොකිරීමට බලධාරීහු තීරණය කර ඇත.
 
සඳුඳා එනම් අද (4) දකුණු කොරියාවෙන් වාර්තා වූයේ ආසාදිතයන් 8 දෙනකු පමණි. දකුණු කොරියාවේ රෝග පාලන මධ්‍යස්ථානයට අනුව අද පස්වරු වනවිට එරටින් වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 10,801කි. එරටින් වාර්තා වන මරණ ගණන 252කි.
 
.එෆ්.පී.
 
055 

 



අදහස් (0)

දකුණු කොරියාව පාසල් විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 

දියත

වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 156 0

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 201 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


නාන්න ගිහින් වීරවිල වැවේ සැඟවෙයි
2025 පෙබරවාරි මස 05 128 0

බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .


‘කුෂ්‘සමඟ මගියා ගුවන්තොටේදී මාට්ටු
2025 පෙබරවාරි මස 05 153 0

රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා


පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 319 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 1985 2

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 737 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site