IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


දඹදිව වන්දනාකරුවන් 300 ක් මහාබෝධි මධ්‍යස්ථානයේ

(නිමල කොඩිතුවක්කු)

ඉන්දියාවට ගොස් සිටින  ශ්‍රී ලාංකික බෞද්ධ වන්දනාකරුවන් 300 කට අධික පිරිසක් නවදිල්ලියේ පිහිටි මහාබෝධි මධ්‍යස්ථානයේ මේ වනවිට රඳවා සිටින බව බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවැසීය.

ඔවුන් සදඟා අවශ්‍ය ආහාරපාන සහ සෞඛ්‍ය පහසුකම් ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

ඉන්දියාවට ගොස් සිටින  ශ්‍රී ලාංකික බෞද්ධ වන්දනාකරුවන් 1200 ක් පමණ සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

ඔවුන් ඉන්දියාවේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ මෙහෙයවීමෙන් නවදිල්ලි සහ චෙන්නායි නුවර පිහිටි  මහාබෝධි මධ්‍යස්ථානය හරහා සම්බන්ධ කරගනිමින් දිවයිනට රැගෙන ඒමට කටයුතු කරන බවද හරිස්චන්ද්‍ර මහතා  පැවැසීය.



අදහස් (12)

දඹදිව වන්දනාකරුවන් 300 ක් මහාබෝධි මධ්‍යස්ථානයේ

Champa Wednesday, 18 March 2020 05:12 PM

හැමෝටම දළදා සමිඳු පිහිට ප්‍රාර්ථනා කරනවා.

:       81       70

විජිත් Wednesday, 18 March 2020 05:22 PM

හොර දේශපාලුවන්ගේ දරුවන්, නෑයන් එංගලන්තයේ සිට හදිස්සියේම ගෙන්න ගත්තාවගේ මේ අපේ රටේම ජනතාව ගෙන්නා ගැනීමට ආණ්ඩුවට හදිස්සියක් නැහැ නේද...? ඡන්දෙ ඉල්ලාගෙන රටේ මිනිස්සුන් හමුවෙන්නට එන්නේ රෙදි ඇඳගෙනද..? තවමත් මොවුන්ගේ ඉඳුල් කන ගෝත්‍රිකයින් ඉන්නවද.?

:       835       1081

amila perera Thursday, 19 March 2020 12:45 AM

සහතික ඇත්ත විජිත්. ඔයා කියන ඔය දේශපාලුවන්ගේ දරුවන් දැන් දියතලාවේ වෙනම බංගලාවල ඉන්නේ. කටුනායක ඉඳලා ඔය කියන කට්ටියව දියතලාවට ගෙනගියේ හෙලිකොප්ටරයකින්. මට නම් මේ අය ගැන මහා පිළිකුලක් තියෙන්නේ. ඔයා කිව්වා වගේ හොර දේශපාලකයින්ගේ ඉඳුල් කන වහල්ලුන්ට නම් මේවා මැජික් වගේ. ලෝකය ගැන දන්නේ නැති මෝඩයින් ඉන්නතාක් කල් පල්හොරු රට හොරා කනවා.

:       0       51

senevi Wednesday, 18 March 2020 06:37 PM

ඇත්තටම රටේ විනිමය වියදම් කර හොර වන්දනා නඩ කාරයන්ගේ ගැට වලට අසුවෙමින් මේ යන ගමනින් ඇති ප්‍රයෝජනය කුමක්ද?

:       0       17

Bamunuarachchi Thursday, 19 March 2020 02:01 AM

මේ ගොල්ලෝ පින් රැස් කරගෙන රටට පව්දෙනවා ...

:       53       74

jayath Thursday, 19 March 2020 02:25 AM

මේ මිනිස්සුන්ට මොලයක් නැත්ද මන්දා...? මේ වෙලාවේ මොන මගුලකට ඔය වගේ ගමන් යනවද? ඇදහීම් වලින් කොරෝනා හොඳකරන්න බැහැ. මොනම ආගමකටවත් එ්ක කරන්න බැහැ.

:       55       104

jayasekaraThursday, 19 March 2020 03:50 AM

ඔල මොට්ටල කතා කියන්න එපා.. මේ නඩගිහින් තියෙන්නේ තහනම් කරන්න කලින්...

:       20       24

ChampaThursday, 19 March 2020 04:18 AM

ඒ මිනිස්සුන් වන්දනාවේ යන්න ඇත්තේ කොරෝනා ගැන දැන ගන්න ඉස්සෙල්ලා බව තේරෙන්නේ නැත්ද? ආණ්ඩුව එකපාරට නින්දෙන් ඇහැරලා කොරෝනා ගැන කියන්න අරන් සතියයි. කලින් කියල තිබ්බ නං මිනිස්සු පරිස්සම් වෙනවනේ. සමහරු තමන්ගේ දෙමව්පියන්ට දෙන තෑග්ගක් විදිහට ඉන්දියාවේ වන්දනාවේ යන්න සලස්වනවා. මේ විදිහට ඉන්දියාවේ වන්දනාවේ යන්නේ වැඩිහිටියන්. ඒ හින්ද ඔබ ඔහොම කතා කරන එක වැරදියි. පුළුවන් ඉක්මනට මේ පිරිස ලංකාවට ගෙන්වා ගන්න එක රජයේ යුතුකමක්.

:       100       1

jayasekaraThursday, 19 March 2020 06:29 AM

චම්පා, සහතික ඇත්ත..... මමත් දඹදිව වන්දනාවේ ගියා මිට අවුරුදු 03 ට කලින්. හරිම ශ්‍රද්දවෙන් අමාරුවෙන් මුදල් හොයාගෙන යනගමනක්. ඔය කියන එක ඇත්ත සමහර අම්මල තාත්තල මේ ගමන යන්නේ දූ දරුවන් දෙන තෑග්ගක් වශයෙන්...

:       28       46

සුනිමල් පෙරේරා Thursday, 19 March 2020 03:34 PM

නිකම් බොරුවට කෑ ගහන්න එපා. මේ අය ඉන්දියාවට ගිහින් තියෙන්නේ මාර්තු 5 වෙනිදා. ඒ කියන්නේ මුළු ලෝකයේම කොරෝනා හොඳටම පැතිරුණ වෙලාවේ. මේ කට්ටිය ඉල්ලගෙන කාලා තියෙන්නේ.

:       0       0

anurasiri Thursday, 19 March 2020 03:36 PM

යයත් ඔබ හරි. මේගොල්ලෝ වන්දනාවේ ගිහින් තියෙන්නේ කොරෝනාවලින් ලෝකය ගිනි අරන් තියෙද්දියි.

:       0       0

jayath Thursday, 19 March 2020 09:08 AM

මෙයාලා ගියෙ කොරෝනා අනතුරු ඇඟවීමට කලින් නම් මගේ කමෙන්ට් එකේ මුල් කොටස මම ඉල්ලා අස්කරගන්නවා නමුත් දෙවන කොටස නම් හැමදාම වලංගුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2389 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1278 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2913 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 1053 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 839 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 1036 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 219 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 512 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 246 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site