IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


දඹුල්ලේදී මියගිය සෙබළාට කොරෝනා ආසාදනය වී නෑ

( කාංචන කුමාර ආරියදාස)

 
දඹුල්ල බස් නැවතුම්පොලේ වැසිකිළිය ආසන්නයේ වැටී සිටියදී දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගිය ආධුනික යුද හමුදා සෙබළාට කොවිඩ් 19 රෝගය වැළඳී නැති බව වෛද්‍ය පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි දඹුල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ප්‍රදීප් දිසානායක මහතා අද (5) පැවසීය.
 
මේ දිය ආධුනික සෙබලාගේ නියැදි පරීක්ෂණ වාර්තාව ලැබෙන තුරු වූ සිරුර දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබිණි.
 
මහනුවර රෝහල වෙත යවා තිබූ නියැදි ශරීරයේ කොටස් වල පරීක්ෂණ වාර්තාව 05 දින සවස 5.45 ට පමණ ලැබුණු බව වෛද්‍ය අධිකාරිවරයා පැවසීය.
 
ඒ අනුව මියගිය හමුදා සෙබලාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (05) දින පස්වරුවේ කඩිනමින් සිදු කර මරණයට හේතුව සොයා බලා සිරුර යුද හමුදාවට භාර දීමට අවශ්‍ය පියවර ගන්නා බවද වෛද්‍ය අධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පල්ලේපොල ප්‍රදේශයේ පදිංචි මෙම යුද හමුදා සෙබළාගේ ඥාතීන් පොලිසියට පවසා ඇත්තේ තම දරුවාට කලක සිට අසනීප තත්ත්වයක් ද තිබුණු බව යි. ඒ අනුව ද වෙනම පරීක්ෂණයක් පවත්වන බව පොලීසිය කියයි.
 
මෙසේ මියගොස් ඇත්තේ කොස්ගම හංවැල්ල ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කළ ගලේවෙල පල්ලේපොල ප්‍රදේශයේ පදිංචි තුෂාර කුමාර ජයසිංහ නැමති අයෙකු බව පොලිසිය හදුනාගෙන තිබේ.

 



අදහස් (10)

දඹුල්ලේදී මියගිය සෙබළාට කොරෝනා ආසාදනය වී නෑ

Champa Tuesday, 05 May 2020 02:03 PM

පව් තවත් ජීවිතයක්. කොරෝනා වලට ඉස්සෙල්ල මේ විදිහට එක පාරට බිමට වැටිලා මිය ගිය කී දෙනෙක් ඉන්නවද ලංකාවේ? මට නම් එක පුද්ගලයෙක්වත් හිටියා කියල මතක නැහැ. පෙබරවාරි මාසේ අනුරාධපුරේ තරුණයෙක් හුස්ම ගන්න අමාරුවෙලා එක පාරට වැටිලා මැරුණා. ගිය මාසේ තව පුද්ගලයෙක් ඇඳිරි නීතිය අයින් කරපු වෙලාවේ බඩු ගන්න පෝලිමේ ඉන්න කොට මැරිලා වැටුනා. තව පුද්ගලයෙක් යාපනේ බයිසිකලේ යනකොට එක පාරට මැරිලා වැටුන. තව ඒ වගේ එක පාරට මැරුණු කී දෙනෙක් ගෙවල් වල හිටියද කියල දන්නේ නැහැ ඇඳිරි නීතිය සහ නිරෝධායන නීතිය උඩ තොරතුරු වහන් කරගෙන ඉන්න හින්දා.... කොරෝනා වෛරසය ශ්වසන පද්ධතිය හා සම්බන්ධයි. බටහිර වෙදකමට අනුව එන්නතක් එනකම් කියලා මුළු ලෝකෙම බලා ඉන්නවා. තමන් නොදැන වෛරසය තමන්ගේ ඇඟේ තියෙන එක තමයි වඩාම භයානක. කාට කොතන කොහොම හැදෙයිද කියල තාමත් හරියට හොයා ගන්න බැරි වුනු අස්වාභාවික අභිරහස් රෝගයක් COVID-19 කියන්නේ.

:       371       1409

PrabhaTuesday, 05 May 2020 04:04 PM

කොරෝනා වලින් ඔහොම එකපාර මැරෙන්නේ නැහැ. දවස් ගාණක් දුක් විදලා මැරෙන්නේ ....

:       0       0

ThilineTuesday, 05 May 2020 05:32 PM

ඉස්සර රණවිරුවො දැන් යුදහමුදා කදවුරක සේවයකළ අය!

:       0       60

SiriFriday, 08 May 2020 05:01 AM

හැම සෙබලෙකුටම රණවිරුවා කියන්න බැහැ. කොටින්ම ඒ වචනය ශබ්ද-කෝෂයේත් නැහැ. යුද්ධ කරලා දිනපු සෙබලෙකුට නම් රණසූරයා කියලා කියනවා.

:       0       0

මුණසිංහWednesday, 06 May 2020 01:42 AM

මේ දිනවල විවිධ රෝග සඳහා සායන සහ රෝහල් ගතවන ප්‍රමාණය අඩුවෙලා තියෙනවා.

:       2       1

ranjith kumara Tuesday, 05 May 2020 02:08 PM

භයානක වයිරසයක් එක්ක මේ රට කරන සෙල්ලමක්. අයියෝ මේ මහජනයාට කාගේ පිළිසරණක්ද දෙයියනේ ?

:       238       802

SLTuesday, 05 May 2020 04:57 PM

අනිත් රටවල් වල දත්ත බලලා එහෙම නේද කතා කරන්නේ , නැතිව කොලපාට, රතුපාට , නිල්පාට කන්නාඩි වලින් නෙවයි නේද !

:       0       1

JayWednesday, 06 May 2020 07:46 AM

සෙල්ලම් කරන්නේ බහුතරයක් වගකීමක් නැති මිනිස්සුම තම. කී දාහක් හම්බ උනාද ඇදිරි නීතිය කඩ කරලා. තව කීයක් හම්බ උනාද ලෙඩේ හංගගෙන ඉඳල. තව කොච්චර ඉන්නවද දුරස්ථ බාවය ගණන් ගන්නේ නැතුව හතර වටේ කරක් ගහන අය. මහජනයාට කාගේ පිළිසරණක්ද, කියන එකට උත්තරේ බරපතල වගකීමක් මහජනතාව අතේම තියෙනවා කියන එක තමා

:       8       10

Jayampathi Wednesday, 06 May 2020 07:03 AM

එක පාරටම මැරිලා වැටෙන්න තරම් ඉතා දරුනු රෝගයකින් මෙම සෙබලා හිටියානම්, යුධ හමුදාවට බැදෙන වෛද පරික්ෂන සහ ශාරිරික යොගයතා සමත්වෙන්න පුලුවන්කමක් නැ, එමනිසා ඔහුගෙ මරනය අලුතින් ඇතිවුන රෝග තත්වයක් බව මගෙ හැඟිමයි.

:       0       750

Siri Friday, 08 May 2020 05:09 AM

කලින් අර කොරෝන වලින් මළ ලෙඩෙක් පසුව මී උණ නිසා මැරුණා කිව්වා වගේද දන්නේ නැහැ. මොකද ඉක්මනට ඡන්දෙ තියාගන්ඩ එපැයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 84 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


නාමල් රාජපක්ෂට සිතාසි
2025 පෙබරවාරි මස 05 154 0

රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට


අරාබි රටේ ලාංකික කෑම විකුණන්න අලුත් වැඩක්
2025 පෙබරවාරි මස 05 123 0

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව


ලුණු මිල වැඩි වෙයි
2025 පෙබරවාරි මස 05 238 0

ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.


වී ගන්න කෝටි 500ක් වෙන්කරයි
2025 පෙබරවාරි මස 05 119 0

වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ


’’සහල් නිෂ්පාදකයෝ වී මිලට එකඟ නෑ’’
2025 පෙබරවාරි මස 05 929 0

ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site