(පැතුම් දර්ශන)
පවතින ඇඳිරිනීතිය සහ අවදානම් තත්ත්වය නොසලකමින් (27) සිකුරාදා දේව මෙහෙයකට සහභාගීවු හොරොව්පොතාන කිවුලේකඩ මුස්ලිම් පල්ලියේ සභාපතිවරයා ඇතුළු 17 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව හොරොව්පොතාන පොලිසිය කියයි.
හොරොව්පොතාන කිවුලේකඩ මුස්ලිම් පල්ලියේ හැත්තෑවකට ආසන්න පිරිසක් අද (27) දහවල් දේව මෙහෙයක නිරතව සිටින බවට හොරොව්පොතාන පොලිසියට තොරතුරු ලැබී තිබිණ.
ඒ අනුව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්මාල් විජෙයරත්න, ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් ආර්. සෙන්තිල් මහතා ඇතුළු නිලධාරීන් වහාම එම ස්ථානයට ගොස් තිබේ.
නිලධාරීන් එම ස්ථානයට පැමිණිමත් සමඟ දේව මෙහෙයේ යෙදී සිටි පනහකට ආසන්න පිරිසක් එම ස්ථානයෙන් පැනගොස් ඇති අතර දාහත් දෙනෙකු පමණක් එම ස්ථානයේ රැඳී සිට ඇත. පොලිසිය පවසන්නේ පැන ගිය පිරිසගේ පාවහන් ජෝඩු පනහක් එම ස්ථානයේ තිබී සොයාගත් බවය.
පල්ලියෙ සභාපතිවරයා ඇතුළු රැඳී සිටි දාහත් දෙනාගෙන් මේ වන විට පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර පැනගිය අනෙකුත් පනස් දෙනා සම්බන්ධයෙන් පොලිසිය සහ සෞඛ්‍ය නිලධාරීන් විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.
ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්මාල් විජයරත්න මහතාගේ උපදෙස් අනුව හොරොව්පොතාන මහ පල්ලියෙ සභාපති ඒ.එම්.සියාම් මහතා ඒ මොහොතේම එම ස්ථානයට ගෙන් වා අදාල පල්ලියේ දොරවල් වසා දැමීමට මේ වන විට කටයුතු කර ඇත.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දේව මෙහෙයක් පැවැත්වූ 17 දෙනකුට නීතීමය පියවර
වෙච්චි දෙයක් Friday, 27 March 2020 10:13 AM
ඔය සරුසාර ගම්පලාත ඉස්සර හොඳ සිංහල ගම්බිම්..
saman Friday, 27 March 2020 10:27 AM
හොඳ වැඩේ මේ වගේ අවස්ථාවකවත් රටේ නීතියට ගරු කරන්න දන්නේ නැති අයට
සේන Friday, 27 March 2020 10:57 AM
හරක්ට තේරෙන්නෙ කෝට්ටකින් ගැහුවාම. තේරෙන භාශාවෙන් කියලා දෙන්න
anula Friday, 27 March 2020 11:12 AM
මෙච්චර මිනිසුන් වඳින මක්කමත් වහලා. මේ අරාබි රටවල්වල පල්ලිත් වහා තියෙද්දී මේ අය මොකද කරන්නේ. ඒ අය තමයි අන්තවාදියෝ.
රජින්ද Friday, 27 March 2020 11:17 AM
මේ අය කවදත් මේ රටේ ප්‍රශ්න ඇතිකරන අයයි. ලඟකදී ඉදන් මොවුනුත් මේ රටේ ජීවත්වීමට වඩා වෙනත් දෙයක් අපේක්ෂා කරන බව හැගී යනවා.
Thilina Friday, 27 March 2020 11:25 AM
මේ වගේ හරක්ට එරෙහිව නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කළ යුතුමයි. මෙයාලට කොහොමත් පොඩි ලෙඩක් තියෙනවා. රටේ නීතිය එක්ක වැඩියෙන්ම සෙල්ලම් කරන්නේ මේ කට්ටිය තමයි. අළුත්ගම පාරවල් ඇතුළේ සෙල්ලම් කරන්නේ බයිසිකල් වල නැඟලා රවුම් ගහන්න එහෙම අමුතු අමාරුවක් තියෙනවා. ඉන්දියාවේ වගේ දැක්ක තැන ගහන්න ඕනේ අමතක නොවෙන්නනම .
සෙනෙවිරත්න Friday, 27 March 2020 11:28 AM
ඉන්දියානු ක්‍රමයට කතා කරන්න
karu Friday, 27 March 2020 11:56 AM
ඉන්දියාවේ පොලිසිය වගේ 2*2 පොලු වලින් නෙලන්න ඕනා මේ පිස්සන්ට.
D. Arudselvam Friday, 27 March 2020 12:24 PM
මොන ජාතියේ අයෙකු වුනත් ජාතික ව්‍යසනයේදී වගකීමකින් යුතුව කටයුතු කළ යුතුයි. මෙම ව්‍යසනය සිංහල දෙමළ මුස්ලිම් හෝ ජාති භේදයකින් තොරව පැතිර යනවා. වගකීමෙන් කටයුතු කරන්න ඔබලාගේ ආගමෙන්, ජාතියෙන්, කුලවත්කමින්, සල්ලිවලින් වැඩක් නැති බව තේරෙනවා නේද? ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ මනුෂ්‍ය සංහතිය බේරගන්න කටයුතු කරන්න! ඔබලාට සියළු දෙවි දේවතාවන්ගේ ආශීර්වාදය ලබාගන්න ලැබෙන අවස්ථාවේ පින් කරන්න දැහැමි වන්න සමඟි වෙන්න..
විපරමා Friday, 27 March 2020 12:29 PM
මේ අයගේ ඔලුව හොඳ නැද්ද ? රටේ පවතින වාතාවරණයවත් තේරුම් ගන්න බැරි. පසුගිය කාලේ මේ අයගේ පල්ලිවල ඉන්න කරපු හරියම අපි ැක්කා.
රවින් Friday, 27 March 2020 12:55 PM
දැන් මේ පල්ලියේ පුජක උලමාවරුන්ට වැඩිය ඉහළද? ජාතික උලමාවරුන්නේද සිකුරාදා දේව මෙහෙය නොපවත්වන්න තීරණය කළේ? එම උතුම් තීරණය ගත්තේ මෙලොව වසන සියලු ජන කොටස්වල උන්නතිය සඳහා නොවේද? ජාතික උලමාවරුනි !! කරුණාකර මෙම පුජකයයන්ට දිය හැකි උපරිම දඬුවම ලබා දෙන්න. එය මෙලොව වසන සියලු ඉස්ලාමිය ජනතාවගේ උන්නතිය හා පැවැත්ම වෙනුවෙන් කරන දේව මෙහෙයක්.
Hafeel Friday, 27 March 2020 12:58 PM
මෙයට සහභාගීවු සියලු දෙනාටම නීතිය ක්‍රයාත්මක කළ යුතුයි. තර්කයක් නැත. නමුත් මේ රටේ කාටත් පොදුවෙන් එක හා සමාන නීතියක් තියනවද? එහමනම් කෝ ඒ නීතිය රවී කරුණානායකට, රාජිතට, රාජපක්ෂලාට ක්‍රයාත්මක නොවුනේ? නීති හදන පිරිසම නීතිය උල්ලංඝනය කරද්දී.......
BamunuarachchiSaturday, 28 March 2020 04:12 AM
රවී කරුණානායක, රාජිත, රාජපක්ෂලා ඇඳිරි නීතිය වෙලාවේ පල්ලි ගියේ නැත. පොයින්ට් එකට කතා කරන්න ගොබ්බ පාට නොදමා.
raminda Friday, 27 March 2020 01:18 PM
පල්ලි,පන්සල්, කෝවිල් ඔක්කොම සීල් කරන්න. දෙවියන් ඉන්නේ කොහෙද කියලා දැන් කවුරුත් දන්නවා...ඒ ඉස්පිරිතාලවල.
nimesh Friday, 27 March 2020 01:28 PM
මේගොල්ලෝ හුඟක් තැන්වල එකතුවෙලා අද ඕක කරන්න ඇති. විශේෂයෙන්ම නගරබද ප්‍රදේශවල. ඒ පැතිවල පල්ලියකට හුඟක් එන්නේ නගරයේ තාවකාලිකව නැවතිලා ඉන්න අය. ලෙඩේ ැතිරුනොත් කොනක් හොයාගන්න බැරිවෙනවා.
Mohammed Friday, 27 March 2020 01:33 PM
ඔක්කොටම දඩුවම් දෙන්න. දුවපු අය අල්ලලා ඒ අයටත් දඩුවම් දෙන්න.
BamunuarachchiSaturday, 28 March 2020 04:13 AM
මීට පසු 2*2 පොලුවලින් සංග්‍රහ කරන්න.