(විනීතා එම් ගමගේ)
ටින් මාළු ආනයනකරුවන්ට දෙන සහනාධාර නවතා එම සහන දේශීය ටින්මාළු නිෂ්පාදකයින්ට ලබා දීමට රජය තීරණය කර ඇත.
ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවනන්දා මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවක් අනුව මෙම තීරණය ගෙන ඇතැයි ධීවර අමාත්‍යංශය කියයි.
මෙතෙක් ටින් මාළු ආනයනකරුවන්ට මාළු ටින් එකක් සඳහා ලබා දුන් රුපියල් 110 ක සහනාධාරය දේශිය ටින්මාළු නිෂ්පාදකයින්ට ගෙවීමටත් තීරණය වී තිබේ.
එමෙන්ම ටින්මාළු ආනයනකරුවන්ට ලබා දුන් ණය අයිරා තාවකාලිකව නැවැත්වීමටත් රජය තීරණය කළ බව ධීවර අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.
අස්වැන්න වැඩි කාලයට මෙරට ධීවරයින්ට මාළු ටින් කිරීමට පහසුකම් ලබාදීමටත් ශීතාගාර පහසුකම් වැඩි කිරීමටත් පියවර ගැනීමට රජය සූදානම් යැයි ද හෙතෙම කියා සිටියේය.
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
දේශීය ටින්මාළු නිෂ්පාදකයින්ට සහනයක්
හරේන් Thursday, 09 April 2020 12:51 PM
මෙන්න තීරණ. මෙව්වගෙ සෘජු තීරණ වලින් තමයි රටක් දියුණු වෙන්නෙ. මෙච්චර කාලෙකට අපිට හිටියෙ ප්ලේන් එකේ දීපු කජු ගැන, මයිලෝ එකේ සීනි ගැන කියව කියව හිටපු නායකයො. මේ තීරණය ගැන ඇත්තටම සතුටුයි...
Raveendra Thursday, 09 April 2020 01:02 PM
හැම රෙද්දක්ම පිටින්ම ගෙන එමු කියන ගොන් සංකල්පය හිත්වල පැළපදියම් කරගෙන සිටින ඒ ඒ කොමිස් කාක්කන්ටනම් මෙය" නයාට අදුකොළ මෙන් දැනෙනු ඇත. ". නමුත් අප විශ්වාස කරනවා. මෙය ඉතාම හොද තීරණයක්. රට වටේට මුහුද තිබුණත් පිටරටින් ටින්මාළු ගෙන ඒමට තරම්ම අප නිහින ජාතියක් වීම කණගාටුවකි.
jayath Thursday, 09 April 2020 01:44 PM
කලින් යහපාලනේ කරපු මෝඩකම් එකින් එක හදන්න වෙනවා... මේක හොඳදෙයක්... එකේ හිටපු එක උන්මත්තකයෙක් වී ගොවිතැන ගැන කියපු හරක් කතාවක් මේ දවස්වල සමාජ මාධ්‍යවල තියනවා...
de silva Thursday, 09 April 2020 03:32 PM
මේ අසීරු අවස්ථාවේ ඉල්ලුමට සරිලන සැපයුම් කරන්න බැරිනම් දේශීය දේ කියල ප්‍රතිපලයක් තිබේද? ලංකාවේ පසුගිය කාලේ ධීවරයෝ මුහුදු ගිහින් නොමැති නිසා..., ටින් කරන්නේ ගල් ගෙඩිද? නිකන් බහුභූත කරන්නේ නැතුව තිබෙන තැනකින් ගෙන්නලා මිනිසුන්ට කන්න යමක් දෙන්න.
de silva Friday, 10 April 2020 06:03 AM
ලංකාවේ ටින්මාළු කර්මාන්තය දීර්ඝ කාලීනව ස්ථිර සැලසුමක් යටතේ අනිවාර්යයෙන්ම නගාසිටවන්න ඕනේ නමුත් මේ අවස්ථාවේ , මුලිකත්වය දෙන්න ඕනේ කොරෝනා අර්බුද නිසා විපතට පත්වෙලා ඉන්න ජනතාවට , ලංකාවේ ශ්‍රමය කල්පයේ රටවල් සහ චිනේ එක්ක සන්සන්ධනය කරලා බලනකොට ඉතා ඉහලය .එම නිසා රට තුල යම් නිෂ්පාධනයක් කලත් කලාපයේ අනික් රටවල් සහ චිනේ නිෂ්පාධන එක්ක සටනක් දෙන්න අපහසුය, මුලින්ම රටේ ජිවන බර අඩු කරන්න ඕනේ , ඒක කරන්න ඉන්ධන , ජලය , විදුලිය ප්‍රවාහනය වැනි සේවා වැනි දේවල් පහසුමිලට දෙන්න සිදුවෙනවා.