(දිල්රුක්ෂි ග්‍රේරු )
කොළඹ, ගම්පහ , කළුතර ,යාපනය , පුත්තලම සහ මහනුවර යන් දිස්ත්‍රික්ක සඳහා නැවත දැනුම් දෙනතුරු ඇදිරිනීතිය දිගටම ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.
මේ වන විට රටේ පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.
එමෙන්ම සෙසු සියලුම දිස්ත්‍රික්කයන්හි හෙට (30 ) උදෑසන 6.00ට ලිහිල් කරන ඇඳිරි නීතිය දහවල් 2.00ට නැවත පැනවීමට නියමිතය.
මේ අතර කාලයේදී අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.
එමෙන්ම අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා භාවිත වන ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවද දැනුම් දී ඇත.
කොරෝනා වෛරසය පැතිරයාම නැවැත්වීම සඳහා ගෙන ඇති බොහෝ ක්‍රියාමාර්ග ජනතාවගේ යහපත වෙනුවෙන් ගෙන ඇති බවත් එම ක්‍රියාමාර්ග සහ උපදෙස් වගකීමෙන් පිළිපදින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ අතර කළුතර , අටළුුගම සහ මහනුවර , අකුරණ ගම්මාන සම්පූර්ණයෙන්ම හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇත. මේ ගම්මාන දෙකට කිසිදු පුද්ගලයෙකුට ඇතුළුවීමට හෝ පිටවීම සම්පූර්ණයෙන් තහනම් කර ඇත.
ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි .
මෙරට ජනතාව වැඩි වශයෙන් පරිභෝජනය කරන නාඩු සහල් නිෂ්පාදනය කරන නාඩු වී කිලෝවක් රුපියල් 120 කට අළෙවි කළ හැකි බවත් සම්බා වී කිලෝවක් රුපියල් 125 කට සහ කීරි සම්බා
රටට ආර්ථික සමාජ නිදහස පූර්ණ ලෙස දිනා ගැනීම සඳහා ඔබ අප එකම අරගල බිමක අරගලකරුවන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් උළෙල අමතමින් පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැමිණීමත් සමඟ 77 වන ජාතික නිදහස් උළෙල නිදහස් චතුරස්‍රයේදී ඇරැඹිණි.
නීති විරෝධීව වාහන එකලස් කරන ලද ස්ථාන තුනක් වටලා රුපියල් කෝටි හතකට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී වහන පහක් භාරයට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා
ලංකා ලුණු සමාගමේ බුන්දල සහ පලටුපාන ලුනු ලේවායන්හි නිෂ්පාදිත රුපියල් 93,269,919 ක වටිනාකමකින් යුත් මෙට්‍රික් ටොන් 2402 ක පමණ ලුණු තොගයක් වසර ගණනාවක් තිස්සේ තත්
වීදි වටිනාකම රුපියල් දහසක් වන කසිප්පු බෝතලයක් රු එක්දහස් පන්සියයකට විකිණීම පිළිබඳව ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් අම්බලන්තොට ,මාමඩල ,ඇලේගොඩ ප්‍රදේශයේ ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දිස්ත්‍රික්ක 6ක ඇදිරීනීතිය දිගටම
wije Sunday, 29 March 2020 03:55 AM
බොහොම හොදයි මිනිස්සු බඩගින්නේ මැරුණට කමක් නැහැ කොරෝනා හැදෙන්නේ නැහැනේ කියලා අපිට ආඩම්බර වෙන්න පුළුවන්.
Champa Sunday, 29 March 2020 04:11 AM
දැන් ඉතින් වෙන දෙයක් දිහා බලා ඉන්න තමයි තියෙන්නේ.
Asanka Sunday, 29 March 2020 07:36 AM
ඇදිරි නීතිය තිබ්බට අපේ ගෙවල් වල ඉන්න වයසක උදවිය හැම වෙලෙම හොරෙන්ම එළියට යනවා.... ගෙවල් ගානෙ ඇවිදිනවා. මෙ මිනිස්සුන්ට කියන දේ තේරෙන්නේ නැහැ. පුදුම වදයක්... මාස්ක් 1ක් දාගන්නේ නැහැ. රට වටෙ ඇවිදිනවා.
banda Sunday, 29 March 2020 08:24 AM
දිගටම ඇඳිරි නීතිය දැම්මම ගෙවල් වල ඉන්න මිනිස්සු කන්නේ මොනාද.?
ගමේ එකාSunday, 29 March 2020 10:00 AM
මෙදමූලනේ අය බඩු මල්ලක් එවනවා කියන්නේ?
Thushara Sunday, 29 March 2020 09:05 AM
එළවලු අරන් ලොරි ආවට මිනිස්සුන්ට ගන්න අතේ සල්ලි නෑ. පැය කීපෙකටහරි බැන්කු. ඒටීඑම් වලට යන්න මිනිස්සුන්ට අවස්ථවක් ලබා දෙන්න. සබන්, ළදරු නිෂ්පාදන වගේ සමහර භාණ්ඩත් ගන්න විදියක් නෑ.
ruwan Sunday, 29 March 2020 09:13 AM
ඇත්තම කියනවා නම් මුල්ම චින රෝගියා හමුවුන ගමන් ලංකාවට එන අය ස්ව්යං නිරෝධායනය පසෙක තබා හමුදාව මගින් කෙරෙන නිරෝධායනයට ලක්කරන වැඩපිලිවෙල පටන් ගත්තා නම් මේ වගේ රටේම මිනිස්සුන්ට දුක් විඳින්න වෙන්නේ නැහැ. දැන් ඉස්සරහට කොරෝනා වලින් නෙවේ මිනිස්සු මැරෙන්නේ.. කන්න නැතිව. වයසක අය විශේශයෙන් ඔය වට්ස් ඇප්, වයිබර්, එස් එම් එස් ඔව්වා අදාලම නැහැ. කරුණාකර හමුදාවෙන් ඒ අයට බඩු මලු බැරිනම් දිනපතා පිසූ කෑම වේලක් වත් දෙන ක්‍රමවෙදයක් සකසන්න. ඔන්ලයින් ඕඩර් කරන්න කිව්වම මොකක් ද පුතේ ඒ කියලා තමයි අපේ ආච්චිලා අහන්නේ .....
බද්රානි Sunday, 29 March 2020 10:13 AM
ලංකාවේ සෞඛ්‍යය ක්ෂේත්‍රයේ දියුණුව ගැන ලෝකෙටම ඇහෙන්න පම්පෝරි ගහන්නේ? ජනතාව පීඩාවට පත් කිරීම, වසංගතයෙන් ජනතාව මුදා ගැනීමේ ක්‍රමවේදය ලෙස කිසිවෙකු හඳුනා ගෙන ඇත්නම් ජනතාවට ඒ සඳහා කළ හැකි දෙයක් නැත. ැරි මැරී ජීවත් වෙනවා වෙනුවට, මියැදෙන්න ප්‍රථම ජනතාව ජීවත් විය යුතුයි. රටේ ජනතාවට අවලාද නගමින් නොහික්මුණු, මන්ද මානසික ජනතාවකට ගැලපෙන සුදුසු ක්‍රියා මාර්ගය ගෙන ඇති පාලකයින්ම ජනතාව ඒ තත්වයට පත්කොට ඇති බව ඔවුන්ට අමතකව ඇත. මාධ්‍ය ඉදිරියේ රඟපාන රජයට උපදෙස් දෙන වෛද්‍ය සංගමය (රෝහල් වල දුක් විඳිමින් සේවය කරන උතුම් වෛද්‍යවරු නොවේ) මේ රටේ අහිංසක, දිළිඳු ජනතාවගේ ජීවන තත්වය ගැන කොතරම් සංවේදී ද යන්න ගැනත් මේ රටේ පාලකයින් නිගමනය කොට, තීන්දු තීරණ ගත යුතුව ඇත.
SamanSunday, 29 March 2020 12:29 PM
ඔබලගෙ ආදරණීය දොස්තර සජිත් බබා බෙහෙත් කිව්වෙ... ඒවා ගන්නකෝ... එක ප‍්‍රශ්නයක් හරි විසදේවිනේ....
බද්රානිSunday, 29 March 2020 05:54 PM
මොලේ කලඳක් නැති මෝඩයෙකුට උත්තර බදිනවාට වඩා, මේ ඇඳිරි නීතිය වෙලාවේ දඩාවතේ යන බල්ලෙක් පසුපස මහපාර දිගේ පොලිසිය ඉස්සරහින්ම පන්නගෙන යන එක වඩා හොඳයි. හා නැද්ද?
Amal Sunday, 29 March 2020 10:43 AM
මෙ දිස්ත‍්‍රික්කවලත් පැය කිහිපයකට ඇදිරි නීතිය ඉවත් කරන්න බැරිද?
Anton Austria Sunday, 29 March 2020 11:37 AM
හිතවත් අම්මේ, තාත්තේ, අයියේ ඔබ මෙය පොඩ්ඩක් හිතන්න. මං ඉන්‌නේ රට. එහෙ කරන දේවල් එක්ක අපේ රටේ කරන දේවල් ගොඩක් හොඳයි. ඔබට ෙතේරේන්නේ නැත්තේ ඔබට ෙකොරෝනා ලෙඩ්ඩු ගැන දැනුමක් නැති නිසා. ඒත් අපි දන්නවා ඒ දුක. ඔබට ලෙඩක් හැදුනම කියයි දැන් ෙලෙඩ්ඩු මරනවා බෙහෙත් කරන්නේ නෑ කියලා. ආත්මාර්ථකාමී නොවන්න.
ලැවොයිසියර් Sunday, 29 March 2020 12:06 PM
1] දොස්තර මහත්තයා මාස හයක් සඳහා ලියපු බෙහෙත් තුණ්ඩුව තියාගෙන සතියෙන් සතිය නැත්නම් මාසෙන් මාසෙට බෙහෙත් මිලට ගන්නා නිධන්ගත රෝගීන්ට බෙහෙත් ගන්න ක‍්‍රමයක් නැහැ. 2]එලවළු සහ පොල් විකුණන්න ලොරිවලින් ආවට හාල්,පරිප්පු,පිටි, තේකොළ,සීනි යනාදිය විකුණන්න ලොරි එන්නෙ නැහැ. ආවත් ගමේ එක කොටසකට බඩු ටික විකුණලා ඒ අය ආපහු යනවා. 3]බඩු ගන්න ප්‍රමාණවත් තරම් සල්ලි නැහැ.
අමිල Sunday, 29 March 2020 12:13 PM
ආහාර නැතුව මිනිසෙකුට දවස් කීයක් ජීවත් වෙන්න පුලුවන්ද? දින 14 ට අඩු ද? දවසකට එක වේලක් කාල නම් සෑහෙන කාලයක් ඉන්න පුළුවන්. අමාරු තමයි. මැරෙන්නෙ නැතුව ඉවසල ඉමු. ඇදිරි නීතිය ලිහිල් කලහොත් අපේ ගොන්නු සතියක් ඇතුලත ලංකාව ඉතාලියක් කරයි.
Anton AustriaSunday, 29 March 2020 02:27 PM
අමිල ඒක ඇත්ත... කන එක හිතුවා. කන්න ගිය කඩවල් වල පිරිලා අන්තිමට වෙච්චිදේ. දැන් ඉතාලි කඩයකවත් සෙනග නැහැ 20ක් වත් පැයකට. දැන් එයාලා පරක්කුයි. අපේ රටෙ දොස්තරලා සෞඛ්‍ය ආයතනවල අය මෙයාලාට වඩා මොලේ තියෙනවා. ඔබලා තව ඉතාලියක් කරන්න එපා...
dee Monday, 30 March 2020 01:01 AM
අම්බරුවන්ට ඕන විදිහට කන්න පුළුවන් වෙලාවක් නොවෙයි මේක.. අම්බරුවන්ට ඉතින් ඉන්දියාවේ වගේ සලකන කම් තේරෙන්නේ නැහැ.
Anton Austria Monday, 30 March 2020 01:56 AM
බද්‍රානි කියන්නේ ඇත්තටම අමනුස්සයෙක්ද? එහෙමත් නැතිනම් අපේ මිනිසුන් මරාගන්නද ඕනේ..? බොරු දේවල් දාලා ඔබට කවදාවත්ම අදහන ආගමෙන් දෙවියන්ගෙන් සමාවක් නම් නැහැ. මේ වෙලාවේදීවත් දේශපාලනය කරන එක නවත්වන්න..
Saman Monday, 30 March 2020 12:54 PM
බද‍්‍රානි නෝනේ අමුතුවෙන් පෙන්නන්න අවශ්‍ය නැහැ. කණ්ණාඩියක් ඉස්සරහට යන්න....