IMG-LOGO

2024 දෙසැම්බර් මස 21 වන සෙනසුරාදා


නරකම තත්ත්වය තියෙන්නේ ඉදිරියට

ඉතා නරකම’ තත්ත්වය තවමත් පැමිණ නැතැයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි.

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් මේ වනවිට මියගිය ගණන 64,000 ඉක්මවා ගොස් ඇත. ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ ගණන මිලියන 1.2 ඉක්මවා ගොස් තිබෙන අතර ඉන් වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ ගණන 311,637කි.

ගෝලීය සෞඛ්‍ය මෙන්ම ආර්ථික අර්බුදයක් ද නිර්මාණය කර ඇති කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ නව කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. එහිදි නිව්යෝක් ප්‍රාන්තය කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත. නිව්යෝක් ප්‍රාන්තයෙන් සෙනසුරාදා දිනයේදී පමණක් වාර්තා වූ මරණ ගණන 630කි. කොරෝනා වයිරසය ඇමෙරිකාව තුළ ව්‍යාප්ත වීමට පටන් ගැනීමෙන් පසු ඇමෙරිකාව මෙන්ම නිව්යෝක් ප්‍රාන්තය ද මුහුණ දුන් නරකම සහ දරුණුම දිනය එය විය.

නිව්යෝක් ප්‍රාන්තය මේ වනවිට දැවන්ත වෛද්‍ය සැපයුම් හිඟයට මුහුණ පා සිටින අතර චීනය නිව්යෝක් ප්‍රාන්තයට ස්වසන සංවාතන යන්ත්‍ර (වෙන්ටිලේටර්ස්) 1,000ක් යවා තිබුණු අතර නිව්යෝක් ප්‍රාන්තය ඒ වෙනුවෙන් චීනයට සිය කෘතඥතාව පළ කර තිබිණි.

‘‘ඒක අපිට ලොකු දෙයක්. එයින් ලොකු වෙනසක් වේවි’’ යැයි නිව්යෝක් ප්‍රාන්ත ආණ්ඩුකාර ඇන්ඩෘ ක්වාමෝ පැවැසීය. දැනට පවතින ප්‍රවණතාව ඉදිරියටත් පැවතුණහොත් තත්ත්වය බරපතළ වනු ඇති බවත් අත්‍යවශ්‍ය ස්වසන සංවාතන යන්ත්‍රවල දැඩි හිඟයක් ඇති වනු ඇති බවටත් අනතුරු ඇඟවීය. කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට ගත් අවස්ථාවේ සිට නිව්යෝක් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා දිගින් දිගටම අනතුරු ඇඟවීය.

කෙසේ නමුත් කොරෝනා වයිරසයේ නවතම තොරතුරු දැනුම් දීම සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ ද සහභාගීත්වය ඇතිව දිනපතා පැවැත්වෙන මාධ්‍ය හමුවේදී ඇමෙරිකා ජනාධිපතිවරයා ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන්ට චෝදනා කළේය.
ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් දිගින් දිගටම අවශ්‍ය ප්‍රමාණයට වෛද්‍ය සැපයුම් ඉල්ලන බව ඇමෙරිකා ජනාධිපතිවරයා සෙනසුරාදා චෝදනා කළේය.

නිශ්චිත අධ්‍යයනයක් කර නොමැති මැලේරියා රෝගීන්ට ලබාදෙන ‘හයිඩ්‍රොක්සික්ලෝරාක්වීන්’ ඖෂධය කොරෝනා රෝගීන්ට ලබාදෙන්නැයි ද ඇමෙරිකානු ජනාධිපතිවරයා එහිදි කීය. කෙසේ නමුත් එම ඖෂධය කොරෝනා රෝගීන්ට ලබාදීම මෙතෙක් නිශ්චිතව තහවුරු කර නැතැයි ජනාධිපතිවරයා සෞඛ්‍ය විශේෂඥයා වන වෛද්‍ය ඇන්තනි ෆවුචි පැවැසීය.

ඉදිරි සති දෙක ‘‘දරුණුම’’ සති දෙක වනු ඇතැයි ද ‘‘මරණ විශාල ගණනක්’’ සිදුවිය හැකි ද ජනාධිපති ට්‍රම්ප් මෙහිදි අනතුරු ඇඟවීය. ප්‍රාන්තවල 

සහාය සඳහා හමුදාව යොදවන බව ද හෙතෙම කීය.
 
ද ගාඩියන්
 
 055

 



අදහස් (4)

නරකම තත්ත්වය තියෙන්නේ ඉදිරියට

jayath Sunday, 05 April 2020 11:18 AM

මේකෙන් වත් ඇමෙරිකාව පාඩමක් ඉගෙන ගන්නවා නම් හොදයි . මොකද හඳට මින්ස්සු අරින්න අඟහරු අල්ලන්න , ලෝකයේ තියන දියුණුම ආයුද හදන්න , තාක්ෂනය තිබුන එහෙම තියෙද්දිත් මේ වගේ වයිරසයකට එරෙහි ව එන්නතක් නිපදවන්න උනන්දු උනේ නැහැ එහෙම උනානම් 2011 දී මේකෙම ලොකු අයිය වන sarrs සහ mers වසංගත ආපු කාලේ පටන්ගත්ත එන්න්නත් හැදීම නවත්තල දමන්නේ නැහැ එදා ඒක දිගටම කරා නම් අද ලෝක ඉතිහාසය මීට වඩා වෙනස් වෙනවා . ඒ වෙනුවට කලේ මේ චීන වයිරසය කියල අවඥාවෙන් කතාකරපු එක . අන්තිමට චීනෙන් වෙන්ටිලටෙර්ස් හිගන්නා වූනා

:       0       0

Ajitth NissankaSunday, 05 April 2020 04:10 PM

2009 -2012 කාල වල ඇමෙරිකාව ලොකු ආර්ථික අවපාතයකට අහුවෙලා ගොඩ එමින් තිබුනේ ! නමුත් 2015 ඉදල විසාල ආර්ථික දියුණුවක් ලබා ගත්ත ! නමුත් ආර්තික වසයෙන් ඔලුව උස්සනකොට ඔය වගේ අත්‍යවශ්‍ය දේවල් වලට යොමුවෙනවාට වැඩිය අනිත් රටවල් වලට ඇගිලි ගහන එක ලොකු උනා! දිගින් දිගටම අනතුරු ඇගවීම් දීල තිබුනත් vaccine එකක හදන්න උනන්දුවක් තිබුනේ නැහැ ! දැන් බොක්ක රත්වෙලා නිසා බොහොම ඉක්මනට ඒක කරාවි !

:       0       0

Sunil gikiyanage Sunday, 05 April 2020 11:40 AM

යහපාලන කාලය සිහිවෙනවා ට්‍රුම්ප් ගේ කතා හා පසු කතා ඇහුවම...

:       0       0

de silva Sunday, 05 April 2020 04:43 PM

අන්තිමට චිනටත් අතපාන්න වුන නේද ? ලොකු කතා කීවට හදිසියකට අවශ්‍ය පමණට වෙන්ටිලේටර්ස් ටිකක්වත් රටේ නැහැ. නිපදවගන්නත් බැහැ. මේ විදිහට බලනකොට ජෙර්මනිය සෞඛ්‍ය පැත්තෙන් ඉන්නේ ඉතා ඉහලින්.., මිනිස්සුන්ට දැඩි තහංචි දමලත් නැහැ. කොරෝන රෝගියෝ 90000 විතර සොයාගෙන , 24000 සුවපත් කරලා , මැරිලා තිබෙන්නේ 1900 කට අඩු ප්‍රමාණයක් , දැඩි සත්කාරේ 1500 පමණ ඉන්නවා , තව ඇදන් 2000 කට වැඩි ප්‍රමාණයක් දැඩි සත්කාරේ හිස් , ඉන්දියාවත් මේ වගේ ලොකු ටෝක් දුන්නට දැන් පස්ස බිම ඇනිලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කඩුගන්නාවේදී බසයක් ගසක වැදී 9ක් රෝහලට
2024 දෙසැම්බර් මස 21 212 0

තෙල්දෙණිය සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව කඩුගන්නාව ප්‍රදේශයේදී අඹ ගසක හැපී සිදුවූූ අනතුරක


නීතියට පයින් ගැසූ අපේක්ෂකයන්ගේ ලැයිස්තු පොලිසියට
2024 දෙසැම්බර් මස 21 113 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මෙතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු අද හෙටම පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභා


ජනපති ලබන මස චීනයට
2024 දෙසැම්බර් මස 21 439 0

ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


බසයක් පෙරළී තුනක් මරුට:46ක් රෝහලට
2024 දෙසැම්බර් මස 21 1735 0

හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසය


හිටපු ඇමැති 15 ක් රට ඇතුළේ උඩින් ගිහින්
2024 දෙසැම්බර් මස 21 2177 4

හිටපු ඇමතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා ග


සහල්වලින් කෝටි 430 ආනයන බදු ආදායමක්
2024 දෙසැම්බර් මස 21 1463 2

සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසරදී තිබූ කාලය වූ ඊයේ ( 20) මධ්‍යම රාත්‍රි වන විට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 67000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත් එම සහල් තොග


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 24 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 24 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site