IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


නිරෝධායනය ප‍්‍රතික්ෂේප කළ අයකුට අධිකරණ ක්‍රියාමාර්ග

(නිමන්ති රණසිංහ )

ස්වයං නිරෝධායනය කි‍්‍රයාවලියට ලක් වීමට ලබාදුන් උපදෙස් ප‍්‍රතික්ෂේප කර රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා  කළැයි කියන මහියංගන ප‍්‍රදේශයේ නවාතැන්ගෙන සිටි පුද්ගලයකු සම්බන්ධයෙන් මහියංගන අධිකරණයට කරුණු වාර්තා කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.

එසේම, මෙම පුද්ගලයා දින 14ක නිරෝධායනයෙන් පසු මහියංගන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතව ඇතැයි ද එම කොට්ඨාසය වැඩිදුරටත් පවසයි.

මෙම පුද්ගලයා ස්වයං නිරෝධායන කි‍්‍රයාවලියට විරුද්ධව කටයුතු කිරීමෙන් 1987 අංක 03 දරන රෝග නිරෝධායන හා වැළැක්වීමේ ආඥා පනතේ 02 සහ 03 වගන්ති සහ නිරෝධායන රෙගුලාසි කඩ කිරිම හා ලංකා දණ්ඩ නිති සංග‍්‍රහයේ 262, 263, හා 264 වගන්ති ප‍්‍රකාරව දඩුවම් ලැබිය හැකි වැරදි සිදුකර ඇතැයි ද පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

රත්මලාන රජමාවත ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ඉකුත් 20 වැනිදා මහියංගන සෙනෙවිපුර ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ නිවසට ගොස් සිටියදී හදීසියේ ඇතිවූ උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් මහියංගන මූලික රෝහලට ඇතුළත් කර ඇති බවත්, පසුව ඉකුත් 21 වැනිදා ප‍්‍රතිකාර ලබා ගැනීමෙන් පසු පැමිණ තිබූ අතර, මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරිවරයා පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සමග එම පුද්ගලයා පරීක්ෂා කිරීමට එම නිවසට ගොස් ඇති බවත් පොලීසිය සදහන් කරයි.

එහිදී එම පුද්ගලයා ස්වයං නිරෝධායන කි‍්‍රයාවලියට විරුද්ධව කටයුතු කර ඇතැයි ද සදහන් වෙයි.



අදහස් (7)

නිරෝධායනය ප‍්‍රතික්ෂේප කළ අයකුට අධිකරණ ක්‍රියාමාර්ග

lanka Monday, 23 March 2020 02:11 PM

මේක කරන්න එපා . ආණ්ඩුව පරදින නඩුවක් මේක . කොරෝනා උන හැදුනා නම් ඔච්චර ලේසියෙන් හොඳ වෙන්නේ නැහැ . ලංකාව සහ නිලධාරින් මේක ආයුධයක් කරගෙන තියෙන්නේ දැන්. මේ මනුස්සයා හොස්පිටල් ගිහින් තියෙනවා. නමුත් හොස්පිටල් එකෙන් තමයි තියාගෙන නැත්තේ . මෙයාව බලෙන් අල්ලන් ගිහින් නිලධාරීන් පිස්සු කෙලියොත් පසුව මෙයා නඩුවකට බැස්සොත් ඒ ඉස්පිරිතාලේ දොස්තරගේ ඉඳලා ගෙන්නන්න වෙනවා. එහෙම වුනොත් තීන්දුව දෙන්න වෙන්න දොස්තරගේ නිගමනයට අනුවයි. රජයේ රෝහලේ දොස්තර මෙයාව ගෙදර එවලා තියෙනවා.

:       272       10

NuwanMonday, 23 March 2020 06:18 PM

මොලේ හොද නැද්ද? නිවසේ සිට හෝ නිරෝධායන මධ්‍යස්ථානයක එක දිගට නොකඩවා දින 14ක් සිටිය යුතුයි. ආයේ අතන දවසක් මෙතන දවසක් නෙමෙයි.

:       0       78

yahaMonday, 23 March 2020 07:22 PM

පලයන් බන් යන්න, මේ වගේ අය හොඳින් හරි, නරකින් හරි කුදලාගෙන යන්න ඕනේ. මේ වගේ අවස්ථා වල මානව හිමකම් රකින්න බෑ.. මුළු ජනතාව ගැන හිතලා තීරණ ගන්නවා මිසක්. අනික මහා ලොකු මානව හිමිකම් රජයන රටවල් වල ගොන් තීරණ නිසා වෙච්ච හරිය ඕනෑ අයෙකුට පේනවා ..

:       0       57

jayath Monday, 23 March 2020 02:42 PM

ගොන් පාට්... ඊයේ ඔක්කොම දකින්න ඇති නෙව මේ වගේ නරුමයන්ට අර කොරියන් බෙහෙත් දෙන්න ඕන.. එතකොට අනිත් උන්වත් හැදේවි රටම මර උගුලක හිරවෙලා ඉන්න මේ වෙලාවේ මේ ජාතියේ හාල්පාරුවන්ට පිස්සු කෙලින්න දෙන්න බැහැ..

:       0       86

සංජීව Monday, 23 March 2020 03:08 PM

නිරොධායන පනතේ වර්ෂය 1887 ලෙස නිවැරදි විය යුතුයි.

:       0       3

Setz Monday, 23 March 2020 05:59 PM

අනේ lanka මොළයක් ඇත්තෙම නැද්ද? ඔයා කියන විදියට දොස්තර ගාවට ගිය හැටියෙ කොරෝනා තියෙනවාද නැද්ද කියන්න පුලුවන් නම් දවස් 14ක් රට ඉදන් ආපු අය මොකට රඳවනවද? Airport එකෙන්ම දොස්තර කෙනෙක් බැලුවා නම් හරිෙන්..

:       0       6

Nimanthi Monday, 23 March 2020 10:56 PM

මේ කියන එකාවයි, ලංකා කියන එකාවයි දෙන්නවම එකම කුඩුවක දාලා අවුරුදු 5ක් වත් හිරේ තියන්න ඕනෙ. යකෝ මේ රටේ දහස් ගානකගේ ජිවිත අවධානමක දාන මේ වගේ නරුමයන්ව එළියේ තියෙනවා කියන්නේ මිනී මරුවෙක් එළියේ තියෙනවට වඩා භයානකයිනෙ.

:       0       14

ඔබේ අදහස් එවන්න

 

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2389 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1278 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2913 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 1053 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 839 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 1036 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 198 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 456 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site