IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


නිරෝධායනය වෙමින් සිටි අයෙකු හොර රහසේ බැංකුවකට රිංගලා

(කාංචන කුමාර ආරියදාස)

විදේශ රටක සිට මෙරටට පැමිණි දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේ පද්ගලයෙකු නිවස තුළ නිරෝධායනය වෙමින් සිටියදී හොර රහසේ අද (30)  ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ දඹුල්ල නගරයේ ස්ථාන කිහිපයක සහ රජයේ බැංකු කාර්යාලයකට ගොස් ඇති බව අනාවරණය වීමත් සමඟ බැංකු කාර්යාලය විසබීජහරණයකට ලක් කිරීමට දඹුල්ල පොලිසිය සහ මහනගර සභාව කටයුතු කළේය.

විදේශීය රටක සිට මෙරටට මීට දින කිහිපයකට පෙර පැමිණ සිටි යුවළක් මෙයාකාරයෙන් දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේ නිවස තුළම නිරෝධායනය කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ක්‍රියා කොට තිබිණි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මෙම නිවසට ගොස් පරික්ෂා කිරීම ද සිදුකරන බව පොලිසිය පැවසීය.

දඹුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇතුළු කණ්ඩායමක් මෙම නිවසට ගොස් නිරෝධායන වෙමින් සිටි පුද්ගලයා පිළිබඳව සොයා බැලීමේදී ඔහු අද (30) දින  නිවසේ නොමැති බව දැනගෙන තිබේ.

පසුව සිදුකළ සොයාබැලීමකදී හෙළිවී ඇත්තේ ඔහු දඹුල්ල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවකට පැමිණ ඇති බවය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා එම අවස්ථාවේදීම දඹුල්ල පොලිසියට මේ බව දන්වා  පරික්ෂා කරන ලෙස දැනුම් දී තිබේ.

පොලිසිය සිදුකළ පරීක්ෂාවකදී මෙම පුද්ගලයා බැංකුව තුළ කළමනාකාර තුමියගේ කාමරය තුළට ගොස් ඇය සමඟ කතාබහක නිරතව පසුව මුදල් කවුන්ටරයේ නිලධාරියෙකු සමඟද සාකච්ඡා කර ඇති බව අනාවරණය වී ඇත.

මෙම පුද්ගලයා පොලිසිය පැමිණීමත් සමඟ එම ස්ථානයෙන් පළාගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙම පුද්ගලයා දඹුල්ල නගරයට ත්‍රී රෝද රථයකින්  පැමිණ ඇති බව තොරතුරු සොයා බැලීමේදී හෙළි වී ඇත.

තවත් ස්ථාන කිහිපයකට මෙම පුද්ගලයා ගමන් කර ඇත්දැයි සොයා පරීක්ෂණ කරන බව පොලීසිය කියයි.

එමෙන්ම මෙම පුද්ගලයාට විරුද්දව නිරෝධායන නීතිය යටතේ නීතිමය පියවර ගන්නා බව පොලීසිය පැවසීය.

කඩිනමින් රජයේ බැංකුව විෂබීජහරණයට ලක් කිරීම සිදුකරනු ලැබූ අතර ඉදිරියේදී බැංකුවේ නිලධාරීන් පිළිබඳවත් බැංකු ගොඩනැගිල්ල පිළිබඳවත්   අවශ්‍ය පියවර ගන්නා බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

 

 



අදහස් (14)

නිරෝධායනය වෙමින් සිටි අයෙකු හොර රහසේ බැංකුවකට රිංගලා

JAGATH Monday, 30 March 2020 12:34 PM

දැඩි දඩුවම් දිය යුතුයි .

:       0       5

Kasun Monday, 30 March 2020 12:35 PM

අනේ මෙහෙමත් මිනිස්සු

:       0       6

අමිල Monday, 30 March 2020 12:38 PM

මේ වගේ අයට දිය යුතු දඩුවම කුමක් ද?

:       0       17

chandanaMonday, 30 March 2020 03:13 PM

මගේ එකම පැතුම මෙයාලට කොරෝනා නොතිබේවා ! නැත්නම් සිය ගණනක් ලොකු විපතකට පත්වෙනවා. ඇයි මිනිස්සු මේ වාගේ අපරාධ කරන්නේ.

:       0       10

wije Monday, 30 March 2020 12:44 PM

මුන් මෙ කරන ගොන් වැඩ නිසා මෙ ප‍්‍රශ්නය කවදාවත් ඉවර වෙන්නෙ නැහැ. මිනිස්සුන්ට රස්සාවක් කරගන්න විදිහක් නැතිවබඩගින්නේ මැරෙ න්න තමයි වෙන්නේ....

:       0       11

chandana Monday, 30 March 2020 02:12 PM

බලන්න. ‌‌මේ වගේ ‌දේවල් නිසා මුලු සමාජයටම ‌වෙන්නේ පුදුම හානියක්. අධික වියදම් කරමින් විශබීජහරණය කරන්න ‌වෙනවා. සමබන්ධ වුනු හැමදෙනාම නිරෝධායනය කරන්න ‌වෙනවා. ‌මේ ‌වෙලාවේ හැමදෙනාටම අවශ්‍යය බැංකු කාර්යය මණ්ඩලය අසරණ ‌වෙනවා. සමහරවිට ‌හෙට අනිද්දා ‌මේ බැංකු ශාඛා වහලා දාන්න ‌වෙයි. ‌දෙන්නෙක් කරපු විනාශයක තරම.හදිසියෙවත් ‌මෙයාලා වයිරසයට නිරාවරණය ‌වෙලානම් තව කී ‌දෙනෙක්ට ‌මේකෙන් හානි වෙයිද? ‌මේවා ජාතික අපරාධ.

:       0       7

Sanath ithaaliya Monday, 30 March 2020 02:32 PM

නිරෝධායන නීතිය යටතේ ඉදිරි පියවර නෙමේ ප්‍රසිද්ධියේ වෙඩි තියන්න ඕනේ. නැත්නම් ගම්මු එකතුවෙලා ගෙයි හිරකරලා ගෙට ගිනිතියන්න ඕනෙ.

:       0       6

nishantha Monday, 30 March 2020 02:36 PM

මේ වගේ අයව මූද මැද නැවකට දාා නිරෝධායනය කරන්න ඕනේ. කරුමක්කාර මිනිස්සු.......... අහක ඉන්න අනිත් මිනිස්සුන්ටත් බෝකරලා රටම අරාජික කරන්න දත කනවා.

:       0       4

සේන Monday, 30 March 2020 02:49 PM

ලෝකයේ සෑම රටක්ම වගේ ‌මෙයාට පවතින නීති යටතේ උපරිම දඬුවම් දෙන්න. මේක සෙල්ලමකට අරන් තියෙන්නේ.

:       0       2

Sagara Monday, 30 March 2020 03:07 PM

රටේ කරුමෙට ඉපදුණු අවජාතකයො. හිටිය රටකම මැරෙන්න දෙන්න තිබුනෙ. කී දෙනෙක්ගෙ ජීවිතද මේ අවදානමේ දැම්මෙ?

:       0       3

wije Monday, 30 March 2020 03:10 PM

මේ වගේ මීහරක් නිසා මේ ප්‍රශ්නය තව දුර ඇදෙනවා. ඇදිරිනීතිය දැන්මම අයින් කරන එකක් නැහැ... අපිට රස්සාවක් කරගන්න ලැබෙන එකක් නැහැ.

:       0       2

Rasika Monday, 30 March 2020 03:14 PM

මේ සදහා රජයට ගිය සියලු වියදම් මොහුගෙන් අයකරගන්නා ඕනේ.

:       0       4

karu Monday, 30 March 2020 03:20 PM

මොලේ අමාරුකාරයෙක්. මේ තමයි ඇත්තම පිස්සෝ. මුළු සමාජයටම පිළිලයක්. කාලකන්නි.

:       0       3

Rohana Tuesday, 31 March 2020 05:14 AM

මේ වගේ ගොන් හරක් මිනිසුන් ඉන්න නිසා මේ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා ඇඳිරි නීති ලිහිල් නොකළ යුතුය්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

බදුල්ල නගරවැසියන්න මුඛ ආවරණ පළදින්න උපදෙස්
2025 පෙබරවාරි මස 05 43 0

බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර


රුවන්ඩා මහ කොමසාරිස් අගමැතිනිය හමුවෙයි
2025 පෙබරවාරි මස 05 38 0

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම


ජපානය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙයි
2025 පෙබරවාරි මස 05 67 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය


මාතරටත් අලුත් දිසාපති කෙනෙක්
2025 පෙබරවාරි මස 05 250 0

මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.



හැටන් නගරයට රතු නිවේදන
2025 පෙබරවාරි මස 05 411 1

හැටන් දික්ඔය නගර සභා සිමාවේ ව්‍යාපාරිකයන්ට, පදිංචිකරුවන්ට, නගරයට පිවිසෙන පාරිභෝගිකයන්ට හැටන් පොලිසිය සහ හැටන් දික්ඔය නගර සභාව එක්ව අද (05) රතු නිවේදනය ස


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 766 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site