(නිමන්ති රණසිංහ)
රට විවෘත කිරීමත් සමඟ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේදී කොරෝනා වයිරස් ව්‍යාප්තිය වැළැක්වීම සදහා නිරෝධායන ඇදිරි නිතීය අවස්ථානුකූලව කි‍්‍රයාත්මක කරනු ලබන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.
කොරෝනා වයිරසය හේතුවෙන් පනවන ලද නිරෝධායන ඇදිරි නිතීය කොළඹ සහ ගම්පහ දිස්ති‍්‍රක්ක තුළ තවදුරටත් බලපැවැත්වෙන බවත් එය අනෙකුත් ප‍්‍රදේශයන්ට අවස්ථානුකූලව කි‍්‍රයාත්මක කරන බවත් පොලිස් මුලස්ථානය නිවේදනයක් මගින් සදහන් කර තිබේ.
එසේම, එහි මෙසේ ද සදහන් ව ඇත.
අත්‍යවශ්‍ය සේවක ප‍්‍රමාණය පමණක් සේවයට කැදවා රාජ්‍ය ආයතන / කාර්යාල විවෘත කිරීමට ගත් තීරණයට අනුව පැමිණෙන සේවකයන්ගේ සේවා හැදුනුම්පත හෝ ආයතනික ලිපියක් හෝ එම ලිපියෙහි ඉලෙක්ට්‍රොනික පිටපත් ඇදිරි නිති බලපත‍්‍රයක් ලෙස භාවිත කළ හැකිය.
මෙහිදී දිස්ති‍්‍රක් මායිම් පසු කරමින් රාජකාරි ස්ථානයට පැමිණෙන හෝ පිටව යන සේවකයින් සදහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහතිකයක් ලබාගැනීම අවශ්‍ය නොවේ.
පොදු ප‍්‍රවාහන සේවා (දුම්රිය හා බස් රථ) මගීන් ප‍්‍රවාහනයේදී සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රම පිළිපැදීමට අදාළ බස් හිමියන්, රියැදුරන් හා කොන්දොස්තරවරුන් කි‍්‍රයා කළ යුතුයි.
අත්‍යවශ්‍ය මහජන සේවාවන් සැපයීම සිදු කරන සහ ආහාර ද්‍රව්‍ය සහ භාණ්ඩ අළෙවි කරනු ලබන තොග හා සිල්ලර වෙළදසැල් විවෘත කිරීමට අවසර දෙනු ලැබේ.
මේ යටතේ ෆාමසී, ග්‍රෙසරී, දුරකතන අළෙවිසැල්, රෙදිපිළි අළෙවිසැල්, පොත් හා පුවත්පත් අළවිසැල් සහ ලොතරැයි අළෙවි කුටි සදහා ද අවසර දෙනු ඇත.
ඉහත පරිදි වෙළදසැල් විවෘතව තැබුවද මහජනයා එම වෙළදසැල් වෙතින් භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සදහා යා යුත්තේ තමා පදිංචිව සිටින හෝ නවාතැන් ගෙන සිටින ස්ථානයට අාසාන්නතම වෙළදසැල වෙත හෝ සේවා සපයන ස්ථානය වෙත පමණී.
මහජන අවශ්‍යතාවක් සදහා බැහැරව යාමට ඇදිරි නීති බලපත‍්‍රයක් ලබාගෙන තිබෙන පෞද්ගලික වාහන උදේ 10.30ත් පස්වරු 5 ත් අතර කාලය තුළදී පමණක් ගමන් කිරීම සදහා අවසර දෙනු ලැබේ.
කෙසේ නමුත් නිවසින් පිටතට පෞද්ගලික කටයුතු සදහා ගමන් කරන සැම තැනැත්තෙකුම මුඛ ආවරණ පැළදීම මෙන්ම සමාජ දුරස්ථතාවය පවත්වාගෙන යාම ආදී සෞඛ්‍ය ආරක්ෂණ විදි අනුගමනය කළ යුතුයි.
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව
ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.
වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
නිරෝධායන ඇදිරිනිතීය අවස්ථානුකූලව කි‍්‍රයාත්මක කරන බව පොලිසිය කියයි