රාගම, උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල කොරෝනා වයිරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරිමට හැකිවන පරිදි අලුත්වැඩියා කිරීම ආරම්භ කිරීමට නාවික හමුදාව අද (22) කටයුතු කෙරිණි.
කොරෝනා වයිරසය හේතුවෙන් මේ වන විට රට තුළ ඇති වී තිබෙන තත්වය හමුවේ මෙම පියවර ගැනිණි.
ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් රාගම, උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලේදී ද ලබා දීමේ අරමුණින්,එම රෝහලෙහි දැඩි සත්කාර ඒකකය අළුත්වැඩියා කිරීම නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ආරම්භ විය.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත බටහිර නාවික විධානයට අනුයුක්ත සිවිල් ඉංජිනේරු නාවික පුද්ගලයින් පිරිසක් මෙම කර්තව්‍ය සඳහා අනුයුක්ත කරන ලද අතර, මෙහිදී එම රෝහලෙහි දැඩි සත්කාර ඒකකය අවශ්‍යතාවයක් ඇතිවුවහොත් කොරෝනා වයිරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරිමට හැකිවන පරිදි අළුත්වැඩියා කිරීමට කටයුතු කරමින් පවතී.
තවද, මෙම අළුත්වැඩියා කටයුතු කඩිනමින් අවසන් කර රෝහලේ අවශ්‍යතාවය සපුරා දීමට නාවික හමුදා සාමාජිකයින් ඉතා කඩිනමින් අළුත්වැඩියා කටයුතු මේ වන විට සිදු කරමින් පවති.
වයිරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා රජය විසින් ගෙන යනු ලබන ඒකාබද්ධ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම උදෙසා නාවික හමුදාව මේ වන විට තම උපරිම සහයෝගය ලබා දෙමින් සිටී.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නාවික හමුදාව රාගම රෝහල කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කරන්න අලුත්වැඩියා කරයි
Yasas karunarathna Sunday, 22 March 2020 01:28 PM
අවධානමට පෙර සූදානම ඉතාම හොදයි..