IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


නිවාඩුව නොතකා ඇඟලුම් ආයතනයක සේවිකාවෝ වැඩට කැඳවති

(රංජිත් කරුණාවීර)

මහියංගනය නගරයට ආසන්නයේ ප්‍රධාන ඇගලුම් ආයතනයක සේවක සේවිකාවන් 350 කට අධික පිරිසක් සේවය සඳහා කැඳවා තිබේ.

රාජ්‍ය හා පෞද්ගලික ආයතන සදහා  මාර්තු මස 16 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස  රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මගින් චක්‍ර ලේකනයක් නිකුත් කර තිබියදී එය නොසළකා මෙම ඇඟලුම් සේවිකාවන් කැඳවා ඇත.

මහියංගන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක චාමින්ද බණ්ඩාර රත්නායක, මහියංගන ප්‍රාදේශීය ලේකම් සංජය ප්‍රසාද්, මහියංගන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඒස් ජේ ඒ ආර් එල් සේනාධිර යන මහත්වරු ඇඟලුම් කම්හලට ගොස් පාලනාධිකාරිය සමඟ සාකච්ඡා කර ඔවුනට අවවාද කර තිබේ.

පසුව හැකි ඉක්මණින් එම ඇඟලුම් සේවක සේවිකාවන් නිවෙස් කරා යොමු වන ලෙස අවවාද කර තිබිණි.

එය සැළකිල්ලට ගනිමින් ඇඟලුම් ආයතනයේ කළමනාකාරිත්වය අද (16) උදැසන 10.15 ට පමණ, බස් රථ කැදවා සේවයට පැමිණ සිටි සේවක සේවිකාවන් සියල්ල නිවෙස් කරා යොමු කරවීමට කටයුතු කරනු ලැබීය.



අදහස් (3)

නිවාඩුව නොතකා ඇඟලුම් ආයතනයක සේවිකාවෝ වැඩට කැඳවති

Ajithdl Monday, 16 March 2020 10:34 AM

බහුතරයක් ඔහොමයි... නීතිය නවන එක හොඳටම ප්‍රගුණ කරන අය තමයි ඇඟලුම් කම්හල්...

:       0       25

විපරමා Monday, 16 March 2020 11:00 AM

අවවාද විතරක් කරලා මදි. මේ අයට විරුද්ධව නඩු දාන්නයි වටින්නේ...

:       0       34

Anura Monday, 16 March 2020 11:17 AM

නමත් දාන්න.. ඔය ආණ්ඩුවට උඩින් වැඩ කරන්න හදන මුදලාලි චණ්ඩින්ගේ..

:       0       6

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

වාසයට හොඳම රට ශ්‍රී ලංකාව
2025 මාර්තු මස 12 613 0

දූවා දරුවන් සමග පදිංචි වීමට ලෝකයේ සුදුසුම රටවල් 10 අතර පළමු ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.


‘‘පක්ෂ සංවිධායකවරුන්ට මේ වසර සුවිශේෂයි‘‘
2025 මාර්තු මස 12 149 0

මේ වසරේදී එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුනට සුවිශේෂී වැඩ කොටසක් පැවරෙන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආසන සංවිධායකවර


හමුදාවෙන් පැන්න 20ක් මහනුවරින් අල්ලයි
2025 මාර්තු මස 12 167 0

යුද හමුදාවේ සේවයෙන් පැන මහනුවර විවිධ පොලිස් වසම් තුළ රැඳී සිටිමින් විවිධ රැකියාවන්හී යෙදී සිටි හමුදා භටයන් විස්සක් අත්අඩංගුවට ගෙන යුද හමුදා පොලීසියට


එක්ව තරඟ කරන තීරණය ගන්න සජබෙට කාලයක් දෙයි
2025 මාර්තු මස 12 364 0

කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීම සඳහා සමගි ජන බලවේගයට ලබන 20 වැනිදා තෙක් කල් ලබා දීමට එජාපය තීරණය කර තිබේ.


අපූරේ රෝහලේ ආරක්ෂාව සැලසීම පැහැර හැරලා
2025 මාර්තු මස 12 651 0

වෛද්‍යවරියකට ලිංගික හිංසන සිදුවූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙයට පෙරද යම් යම් අපරාධ ක්‍රියා සිදුවී තිබුණද රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඒවා මැඩ පැවැත්වීම


නගර සැලසුම් අනුමත කිරීම ඔන්ලයින් වෙයි
2025 මාර්තු මස 12 279 0

ජනාධිපති අනුර කුමාර දිසානානයක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (12) පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 149 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 375 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 222 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site