(ශාන්ත චන්ද්‍රසිරි)
කොරෝනා වෛරසය රට තුල පැතිරීයාමේ අවධානම මත නවතා දමන ලද නුවරඑළිය වසන්ත උත්සවය ලබන අගෝස්තු මාසයේදි හෝ ඉන් පසුව කුඩා උත්සවයක් ලෙස පැවැත්වීමට අවධානය යොමුව ඇතැයි නුවරඑළිය මහා නගර සභාවේ නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතා අද (09) පැවැසීය.
එහෙදී තවදුරටත් අදහස් දැක්වු කරුණාරත්න මහතා මෙසේ කීය.
'2020 වසරේ නුවරඑළිය වසන්ත උත්සවය සඳහා නුවරඑළිය මහා නගර සභාව සුදානම් වුයේ 2019 වසරේ දෙසැම්බර් මාසේ සිටයි. රට තුල පැන නැගුනු විශේෂ තත්ත්වය හමුවේ එම උත්සවය තාවකාලිකව කල් දැමීමට තීරණය කරනු ලැබුවා.
ඉන් පසුව රටේ පවතින තත්ත්වය මත නුවරඑළිය නගරයේ සෞඛ්‍ය වැඩ සටහන්වලට මුල්තැන දෙමින් කටයුතු සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා. අඩු ආදායම්ලාභීන්ට නගර සභාව මගින් වියළි ආහාර ද්‍රව්‍ය සහණදායි මුදලට ලබාදීමේ වැඩ සටහන් රැසක් මේ වනවිට ක්‍රියාත්මක කර තිබෙනවා.
රටේ පවතින මෙම අර්බුධකාරී වතාවරණය හේතුවෙන් නුවරඑළිය නගරයේ මහා පරිමාණ හෝටල්වල සිට කුඩා හෝටල් හිමියා දක්වා සියළු දෙනාගේම ආදායම් මාර්ග නැවතී ගොස් තිබෙනවා. ඔවුන් අපි ආරක්ෂා කර ගත යුතුයි. ඒ සම්බන්ධයෙන් විශේෂ වැඩ සටහන් කීපයක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. වතුර බිල් පත්, වරිපණම් බිල් පත් වැනි ගෙවීම්වලින් භාගයක් පමණක් අය කර ගැනීමේ වැනි වැඩ සටහන් සිදු කිරීමට ඒ අනුව අපේක්ෂා කරනවා.
කොරෝනා මර්ධන කටයුතු හා අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් පවත්නාගෙන යාම වැනි රජයේ වැඩ පිළිවෙල පිළිබඳව සෑහීමකට පත්විය හැකියි.මහ නගර සභාවක් හා පළාත් පාලන ආයතනයක් වශයෙන් අපේ බලාපොරොත්තුව සියළුම ශක්තිය යොදවලා අපේ වියදම් අඩු කොට රජයට සහයෝගය දැක්වීමයි. මේ අවස්ථාවේ පළාත් පාලන ආයතනයක් වශයෙන් රජයට සහයෝගය දිය යුතුමයි. අපි ඒ දෙය නොපිරිහෙලා ඉටු කරමින් සිටින්නේ යයි පැවැසීය.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
නුවරඑළිය වසන්ත උත්සවය අගෝස්තුවේ
hemantha Thursday, 09 April 2020 08:57 AM
ගොඩක් සතුටුයි... සුබපැතුම්..!!!
Gamage Thursday, 09 April 2020 09:05 AM
රටේ ඉහලම වරිපනම් බදු අනුපාතයක් ඇත්තේ නුවර එලිය නගර සබාවේ... එනමුත් නගර සබාවෙන් වතුරත් නැති, කුණු එකතු කරන්නෙත් නැති පාරවල් එමටයි. කරුණාකර ඒවාටත් පිළියම් යොදන්න .
Sola Thursday, 09 April 2020 09:20 AM
අපි රස්සාවල් නැතිවෙලා ඉන්නවා.මේ අය තවත් ආතල් දාන්න බලනවා.
RIZWAN Thursday, 09 April 2020 09:50 AM
මහත්තයෝ, මේ වසංගත තත්ත්වය දුරු වෙනකම් ඉන්ඩ. එතකොට මුළු රටටම වසන්තය උදා වෙයි.
ravi Thursday, 09 April 2020 10:17 AM
ඕනෑම නම් ඕක ලබන අවුරුද්දේ තියාගන්නවා.