ඉන්දියාව සහ ශ්‍රී ලංකාව, දෙරට අතර මිත්‍රශීලී සහ විවිධ ක්ෂේත්‍රවල සබඳතා සඳහා ලබාදෙන වැදගත්කම මෙන්ම පොදු අභියෝගවලට මුහුණ දීමේදී ශ්‍රී ලංකාව සමඟ තවදුරටත් සමීපව කටයුතු කිරීමට ඉන්දියාව කැප වී සිටින බව ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අද (14) ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස පත් කර සිටින ගෝපාල් බාග්ලේ මහතා අද (14) විඩියෝ තාක්ෂණය ඔස්සේ සිය ධුරයේ වැඩ බාරගනිමින් ඒ බව සඳහන් කළේය.
නව්‍යාකාරයකින් අක්තපත්‍ර බාරදීමේ සාම්ප්‍රදායික උත්සවය සූදානම් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්තූතිය පළ කළ නව මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් මතු වී ඇති අභියෝග ජයගැනීමට තාක්ෂණය භාවිත කිරීමේ වැදගත්කම සහ වසංගතය පාලනය කිරීමේ දී ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ නායකත්වය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර ඇතැයි ද එහිදි පෙන්වා දුන්නේය.
විඩියෝ තාක්ෂණය ඔස්සේ තවදුරටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ අදහස් දැක්වූ ගෝපාල් බාග්ලේ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සහ එරට ඉන්දීය ජනතාවගේ උණුසුම් සුබපැතුම් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ශ්‍රී ලාංකික ජනතාවට පිරිනමන බව ද කීවේය.
ශ්‍රී ලංකාව සමඟ තිබෙන සබඳතාවලට ඉන්දියාව ලබාදෙන සුවිශේෂී වැදගත්කම පිළිබඳව මෙහිදි සඳහන් කළ නව මහ කොමසාරිස්වරයා දෙරට අතර පවත්නා සමීප මිත්‍රශීලී සබඳතා සහ සහයෝගීතාවය වර්ධනය කිරීමට සහ ශක්තිමත් කිරීමට ඉන්දියාවේ ඉහළම තලවල ඇති දැඩි කැපවීම ද සඳහන් කළේය.
ස්වභාවික ව්‍යසන හෝ දැනට මුහුණ දී ඇති කොව්ඩ් වසංගතය හෝ ශ්‍රී ලංකාව මුහුණදෙන ඕනෑම අසීරු අවස්ථාවකදී ශ්‍රී ලංකාවේ සමීපතම සමුද්‍රීය අසල්වැසියා වන ඉන්දියාව සෑමවිටම ප්‍රථමයෙන් ප්‍රතිචාර දක්වන රාජ්‍යය වී ඇති බව ද නව මහ කොමසාරිස්වරයා තවදුරටත් සඳහන් කළේය.
එක් රටක් නියෝජනය කරමින් තවත් රටක තානාපති ධුරයට හෝ මහ කොමසාරිස් ධුරයට පත්වන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් අදාළ රටේ රාජ්‍ය නායකයාට අක්තපත්‍ර බාරදීම රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රයේ සාම්ප්‍රදායික ක්‍රමවේදය යි.
‘කොවිඩ්-19’ හේතුවෙන් ලොවපුරා විවිධ වෘත්තීය ක්ෂේත්‍රවල සාම්ප්‍රදායික ක්‍රමවේද වෙනස් කිරීමට සිදුව තිබෙන අතර රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රයට ද නැවුම් අත්දැකීමක් ගෙන දෙමින් ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස්වරයා විඩියෝ තාක්ෂණය ඔස්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අක්තපත්‍ර බාරදීම සනිටුවහන් කරන ලදි.
විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති අක්තපත්‍ර බාරදීමේ උත්සවයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ යන මහත්වරුන්ට අමතරව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර්, මෙරට විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අනුරාග් ශ්‍රීවස්තාවා යන මහත්වරු ද එක්ව සිටියහ.
ගෝපාල් බාග්ලේ මහතාට පෙර මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කළේ තරංජිත් සින් සන්ධු මහතා ය. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ලෙස පත්වීමට පෙර ගෝපාල් බාග්ලේ මහතා 2017 වසරේ සිට ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඒකාබද්ධ ලේකම් වශයෙන් කටයුතු කළේය.
055
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
නව ඉන්දීය මහ කොමසාරිස් විඩියෝ තාක්ෂණය ඔස්සේ අක්තපත්‍ර බාරදෙයි