IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


‘‘නව කොරෝනා වයිරසයෙන් මිලියන ගණනක් මිය යන්න පුළුවන්‘‘

එක්සත් ජාතීන්ගේ සංවිධානයේදීය (ඒ.එෆ්.පී.)

නව කොරෝනා වයිරසය තවදුරටත් ව්‍යාප්ත වුවහොත් ලොව පුරා මිනිසුන් මිලියන ගණනක් මිය යා හැකි යැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් අද (19) ලොවට අනතුරු ඇඟවීය.

මෙම වයිරසය දුප්පත් රටවල පැතිර ගියහොත් විශාල හානියක් සිදුවිය හැකි බව කී මහලේකම්වරයා ඉන් වැළැක්වීමට නම් මුළු ලොවම නව කොරෝනා වයිරසයට එරෙහිව එක්ව සටන් කළ යුතු යැයි ද කීය.

‘‘ලැව්ගින්නක් ලෙස වයිරසයට ව්‍යාප්ත වීමට ව්‍යාප්ත වීමට ඉඩ දුන්නොත් මිලියන ගණනක් මිය යන්න පුළුවන්. විශේෂයෙන්ම ලොව අවදානම් කලාපවලට මෙයින් වෙන්න පුළුවන් හානිය ඉතාම වැඩි’’ යැයි ද ඔහු කීවේය.

‘‘මුළු ලෝකයම සහයෝගයෙන් සහෝදරත්වයෙන් වැඩ කරන්න ඕනෑ. හැමෝම මේකට උනන්දු වෙන්න ඕනෑ. මේ සඳහා සදාචාරාත්මක අවශ්‍යතාවක්. එය අත්‍යවශ්‍ය’’ යැයි ද හෙතෙම කීය.

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය ‘‘සෞඛ්‍ය ව්‍යවසනයක්’’ යැයි ද ඒ සඳහා මුළු ලොවම එක්ව සටන් කළ යුතු යැයි ද හෙතෙම කීය.

‘‘හැම රටක්ම ඔවුන්ට හැකි පමණින් ඔවුන්ගේම උපායමාර්ග ගනිමින් ඉන්නවා. මේ කටයුත්තකම විනිවිදභාවය තිබිය යුතුයි.

අපි ඉක්මන් පියවර ගත යුතුයි. ඒ වගේම අර්බුදයකට මුහුණ දීමට ශක්තිය නැති රටවලට උදව් උපකාර කළ යුතුයි. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය බහුපාර්ශ්වීය සටනක් ගෙන යනවා. සෑම රටක්ම සෑම ආණ්ඩුවක්ම ඊට සහයෝගය දැක්විය යුතු’’ යැයි ද එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වැඩිදුරටත් කීවේය.

055



අදහස් (7)

‘‘නව කොරෝනා වයිරසයෙන් මිලියන ගණනක් මිය යන්න පුළුවන්‘‘

Mahee Thursday, 19 March 2020 07:39 PM

මහලේකම් එහෙම කිව්වට අපට ඊට වඩා වැදගත් තුනෙන් දෙක ගන්න එක. ඒ හින්ද ඔය අවවාද අපට එපා. අපි නිවාඩු දෙන්නෙත්, තෙල්මිල අඩුවීම, පරිප්පු සැමන්වලට සීමා කරන්නෙත් තුනෙන් දෙක වැනි උතුම් පරමාර්ථ වෙනුවෙන්.

:       1804       1858

මුණසිංහ Friday, 20 March 2020 01:11 AM

එක්සත් ජාතින්ගේ සංවිධානය ඉන්නේ මොකටද? යුද්ධ කරන්නයි, 3වන ලොකයේ දියුණු වෙමින් පවතින රටවලට අනිසි බලපෑම් කරන්නයි විතරයි. ලංකාවේ යුද්ධ කාලෙ මානව හිමිකම් කඩවීම් ගැන බලන ඔවුන් මේ වෛරසය ගැන අද වෙනකම් නිදා ගෙන ඉදල බොළද කතා කියනවා. ඉන් එහාට සතේක වැඩක් කරල තියෙනවද? එක මානව හිමිකම් නෝන කෙනෙක් කිවුව මේ වෛරසය නිසා මිනිස් අයිතිවාසිකම් කඩ වෙන්න දෙන්න එපා කියලා. ඔන්න එයාලගෙ නියම තත්ත්වය.

:       272       1314

RveendraFriday, 20 March 2020 04:11 AM

ඔබගේ විග්‍රහය ඉතාම නිවැරදිය. ලෝකයේ රටවල් කීපයක් තිබෙනවා "තම" පැවැත්ම සදහා ඕනෑම තුප්පහි වැඩක් හින් නුලෙන් කල සහ මේ මොහොතේත් කරමින් සිටින, එම රටවල් කීපයේ ඉහලින්ම සිටින රටේ අතකොළුවක් තමයි " අසමගි " ජාතීන්ගේ සංවිධානය. දශක කීපයකට පෙර පැවති වියට්නාම් යුද්ධයේ සිට මේ දක්වා ලෝකයේ පැවති සහ දැනටත් සක්‍රියව පවතින ගැටුම් වල මුලබිජයන් පිලිබදව මධ්‍යස්ථව සොයා බැලීමේදී මෙම "අසමගි ජාතීන්ගේ සංවිධානය " පක්ෂග්‍රාහීකම ඉතාමත් හොදින් වටහ ගත හැක. අපගේ මතෘභූමියේ සම "හරක්" දේශපාලුවන් දැන නොදැන හෝ ඒ ඒ අදාළ රටවල නියෝජිතයන් ලෙස කටයුතු කිරීම ඉතාම භයානකය. අපගේ මෙම උදාහරණයට වැඩිදෙනෙකු අකමැති වෙනු ඇත. නමුත් තිත්ත ඇත්ත එයයි. අන්තරේ ඉන්න නිවට ගොන් තඩියන්ව රූකඩ ලෙස නටවන්නේ කලුකුමාරයා ප්‍රමුක ඒ අය බව සියලුම සාමයට කැමති අවංක පුවරවසියන් හොදින් දන්නා කරුණකි. එම ක්‍රියාව නොකරනවා යන්න කීමට කිසිවිට කිසිදා කලුකුමරයන්ට නොහැකිය. එනිසා ඕනා එකටයි එපා එකටයි සැමවිටම විරුද්ධ වන කලුකුමාරයන් ප්‍රමුක ඒ අය දිනෙන් දින මිනිසුන්ගෙන් ඈත් වෙන්නේ එනිසා බවත් ඔවුන් නොදැන සිටීමත් කනගාටුවකි.

:       0       2

හන්ස මාලිකා Friday, 20 March 2020 02:42 AM

දුටුගැමුණු රජු වැඩ අවසන් කලේ මැරුණම. මෙයාත් මැරිලා වැඩපටන් ගත්තොත් හමයි හරි. එතකොට ඔන්න දුටුගැමුණු රජු වැඩ නවත්තපු තැනින් වැඩ පටන් ගත්තා කියන්න පුළුවන්

:       0       9

Dayan Friday, 20 March 2020 05:27 AM

මහ ලේකම් දන්නේ නැහැ තුනෙන් දෙක නැතුව ලංකාවේ කොරෝනා පාලනය කරන්න බැරි බව.

:       1       10

Kumar Friday, 20 March 2020 03:45 PM

එක්සත් ජාතීන්ගේ මණ්ඩලය හොඳ නැතිනම් එයින් ඉවතවෙන්න කියලා ජනාධිපතිතුමාට කියන්න. කවුරුවත් ඉන්න කියල බලකරන්නේ නැහැ. එක්සත් ජනපදය එම සංවිධානයේ. වියදමෙන් දෙකෙන් පංගුවකට වැඩිය ගෙවන්නේ. ලංකාව ගෙවන්න සොච්චමයි. නමුත් එම සංවිධානයෙන් කොටිගණක ආධාර ආපසු ලැබෙනවා. මෝඩයෝ වගේ කතා කරන අයගෙන් ලංකාව පිරිලා. ලංකාවේ කෙනෙක්ම තමා එම සංවිධානයට කුඩා රටවල් ගණනක් බඳවාගත්තේ.

:       2       34

nishantha ranesh Saturday, 21 March 2020 07:44 AM

මේ ව්‍යවසනය අපේ ලංකාවට ආවේ ඡන්දය අරමුණු කර ගත් යුගයක වූ පලියට ඒක දඩමීමා කරගෙන තල තල ඉන්නෙ නැතුව රට ගැන ජනතාව ගැන හිතලා මධ්‍යස්ථ අදහස් දැරුවොත් හොද නැද්ද? ඒ මෙහෙවරට අපි දායක වුනොත් හොද නැද්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2389 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1277 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2913 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 1051 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 837 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 1035 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 262 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 202 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site