( ටී.කේ.ජී.කපිල )
පකිස්තානයේ උසස් අධ්‍යාපනය ලැබීමට ගොස් , මෙම කොවිඩ් - 19 වසංගත රෝගී සමයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , එරට රැදී සිටින ශ්‍රී ලාංකික සිසුන් 113 දෙනා යළි ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒම සදහා අද(21) උදෑසන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් පකිස්තානය බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය .
ශ්‍රී ලංකාවෙන් සිසුන් බොහෝ පිරිසක් විවිධ රටවල උසස් අධ්‍යාපනය හැදෑරීම සදහා ගොස් සිටින අතර , ඔවුන් මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාවට ඔවුන්ව ගෙන්වා ගැනීම සදහා ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ .
එම ඉල්ලීම් අතරින් පළමු අවස්ථාව සාර්ක් රටවල ඉගෙනුම ලැබීම සදහා ගොස් සිටි සිසුන් වෙත හිමි වී තිබෙන අතර , ඒ අනුව මෙරටට ගෙන්වා ගනු ලබන පළමු සිසුන් කණ්ඩායම ලෙස මෙසේ පාකිස්තානයේ උසස් අධ්‍යාපනය ලැබීමට ගොස් සිටින සිසුන් 113 දෙනා අයත් වේ .
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1205 දරණ මෙම ගුවන් යානය 4/21 දින උදෑසන 7.40 ට පකිස්තානයේ කරච්චි ගුවන් තොටුපළ බලා පිටත්ව ගිය අතර , එම ගුවන් තොටුපළ තුළ රැදී සිටින ශ්‍රී ලාංකික සිසුන් මෙම ගුවන් යානය වෙත ඇතුළු කර ගැනීමට නියමිතය .
ඉන්පසුව මෙම ගුවන් යානය එතැන් සිට ලාහෝර් ගුවන් තොටුපළ වෙත ගොස් , එහි රැදී සිටින ඉතිරි ශ්‍රී ලාංකික සිසුන් ද මෙම ගුවන් යානය වෙත ඇතුළු කර ගැනීමට නියමිතය .
මෙම ගුවන් යානය වෙනත් ගුවන් මගීන්ගෙන් තොරව පකිස්තානය බලා ගමන් ගත් අතර , එම යානය තුළ ගුවන් නියමුවන් ඇතුළු සමස්ථ කාර්යය මණ්ඩලය 17 ක් සිටියහ .
පසුව මෙම ගුවන් යානය අදද (21) දින රාත්‍රී 7.45 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතය .
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
පාකිස්තානයේ සිටින ලාංකික සිසුන් රැගෙන ඒමට ගුවන් යානයක් පිටත් වෙයි
Indhika Tuesday, 21 April 2020 04:22 AM
මෙයාල ඉගෙන ගත්ත දේවලුත් අපිට කියන්න පුලුවන්ද?
Shashee Tuesday, 21 April 2020 07:12 AM
එක් සිසුවෙක් රටෙහි මුදල් කෝටියක්වත් පිටරටට ගෙනියනවා. ඒත් රටට කෝටි ගණන් මුදල් එවමින් දරු පවුල් ලංකාවේ ජීවත්වන විදෙස් ශ්‍රමිකයන්ටත් තමන්ගේ පුද්ගලික වියදමින් හෝ එන්න අවස්ථාව ලබා දෙන්න ඕන