(මහින්ද නිශ්ශංක)
දින 20 කට ප්‍රමාණවත් පෙට්‍රල් හා ඩීසල් තොග මෙන්ම දින 15 කට ප්‍රමාණවත් ගෑස් තොග ඇති බවත් ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සහ ලිටිරෝ ගෑස් සමාගම පවසයි.
රටපුරා කිසිඳු ඉන්ධන හිඟයක් නොමැති බවත් මාස දෙකකට ප්‍රමාණවත් ඩීසල් සහ පෙට්‍රල් තොග ඇණවුම් කර ඇති බවත් ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මොහොමඞ් උවායිස් මොහොමඞ් මහතා පැවසීය.
ඇඳිරි නීතීය ක්‍රියාත්මක වුවද ඉන්ධන බෙදාහැරීම සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව පවසන ඒ මහතා සමහර ඉන්ධන පිරවුම්හල් කලට වේලාවට ඉන්ධන තොග ඇණවුම් නොකිරීමේ ගැටළු පවතින බවද පැවසී.
ඊයේ දිනයේද ඩීසල් මෙට්‍රික් ටොන් 20,000 ක් සහ ගුවන් යානා ඉන්ධන මෙට්ට්‍රික් ටොන් 20,000 ක් රැගත් නෞකාවක් ඊයේ (24) මුතුරාජවෙල පර්යන්තයට පැමිණෙන ලඳුව එම ඉන්ධන තොග ගොඩබෑමේ කටයුතු ආරම්භ කර ඇති බවද සභාපති උවායිස් මොහොමඞ් මහතා පැවසීය.
මේ නිසා ඉන්ධන හිඟයක් ඇති වෙතැයි කිසිඳු බියක් ඇති කර නොගන්නා ලෙස පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින බවත් ඇණවුම් කළ ඉන්ධන තොග රැගත් නෞකා ඉදිරියේදී මෙරටට ලඟා වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ අතර කිසිඳු ගෑස් හිඟයක්ද රටතුළ නොමැති බව ලිට්රෝ ගෑස් සමාගමේ වෙළඳ අලෙවි සහ ආයතන සම්බන්ධතා අධ්‍යක්‍ෂ ජනක පතිරත්න මහතා පැවසීය.
අවශ්‍ය තරම් ගෑස් තොග තිබෙන බවත් මේ වනවිට දින 16 කට ප්‍රමාණවත් ගෑස් තොග සමාගම සතුව තිබෙන බවත් පැවසු ඔහු විශේෂයෙන් දැනට රට තුළ ක්‍රියාත්මක ඇඳිරි නිතී කාලය තුළ පාරිභෝගිකයින්ට නිවසට ගොස් ගෑස් බෙදාහැරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇතැයිද පැවසීය.
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
හැටන් වටවල ප්‍රදේශයේ සත්ව ගොවිපලක විවිධ රෝග වැලදී මිය යන එළදෙනුන් සහ ගවයන් මස් කඩ වලට අලෙවි කිරීමට එරෙහිව වටවල ලොනැක් වත්තේ වතු කම්කරුවෝ එම සත්ව ගොවිප
බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මූතූර් තාහා නගර් නිවසක අද (14) අලුයම කාන්තාවන් දෙදෙනකු කපා කොටා මරා දමා දැරියකට තුවාල කර ඇතැයි මූතූර් පොලිසිය කියයි .
බස්නාහිර, සබරගමුව, සහ දකුණු පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය
ප්‍රසිද්ධ රැප් ගායකයකු වන බව කියන පුද්ගලයකු ගිනි අවියක් සමගින් මීගොඩ අරලිය උයන ප්‍රදේශයේ අද (14) දින අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
‘පෙට්‍රල් -ඩීසල්-ගෑස් හිඟයක් නැහැ‘
ගැමුණු Tuesday, 24 March 2020 10:14 AM
එහෙ ඇති. ගමේ කඩේ තමයි හිඟ.