( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
පුත්තලම කඩුමයන්කුලම් ප්‍රදේශයේ දි හමුවු කොරෝනා ආසාදිතයා ඇසුරුකළ හා ගැවසුණු පුද්ගලයින් 100 කට ආසන්න පිරිසක් නිරෝධායනය කිරිමට කටයුතු කරන බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බංඩාර මහතා පවසයි.
පුත්තලම සහිරා ජාතික පාසලේ කොටසක නිරෝධායන මධ්‍යස්ථානයක් සැකසීමට කටයුතු යොදා ඇතැයිද ලේකම්වරයා පැවසීය.
අද (28) කඩුමයන්කුලම් ප්‍රදේශයේදී හමුවු මෙම කොරෝනා ආසාදිතයාගේ පවුලේ උදවිය හා තවත් නිවාස දෙකක පිරිසක් සමඟ මොහු යාඥා සදහා සහභාගි වු දේවස්ථාන තුනක පිරිසක් මෙසේ නිරෝධායනය කිරිමට නියමිත ය.
නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාමට නියමිත පුත්තලම සහිරා ජාතික පාසලේ කොටසක් පුත්තලම නගර සභාව පිරිසිදු කිරිම් ආරම්භ කළ බවත් අද(29) යුද හමුදාව විසින් අදාල නිරෝධායන මධ්‍යස්ථානය ලෙස සැකසීම් අරඹන බවද පැවසිය.
තවද මෙම නිරෝධායන මධ්‍යස්ථානය සම්පුර්ණයෙන් යුද හමුදාව විසින් අධික්ෂණය කරන බවත් පිරිසිදු කිරිම් , ආහාර පාන සැපයිමද පුත්ලම නගර සභාව මේ වන විට භාර ගෙන ඇති බව කියයි.
දිස්ත්‍රික් ලේකම් වරයා මෙහිදි පවසා සිටියේ මෙම තිරණය ඊයේ(28) රාත්‍රියේ ගත් බවත් මෙය පුත්තලම නගරයේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරිම වෙනුවෙන් ගත් බවයි.
මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
පුත්තලමේ කොරෝනා අසාදිතයා ඇසුරු කළ 100 කට ආසන්න පිරිසක් නිරෝධායනයට
de silva Sunday, 29 March 2020 02:58 AM
දැන දැනම මිනිස්සු අමාරුවේ දමල , මෙම පුද්ගලයා සනීප උන පසුව අනිවාර්යයෙන් වසර 5 වත් හිරේ අරින්න ඕනේ... මොහුගේ නොමනා ක්‍රියාකලාපය නිසා අමාරුවේ වැටුන, ලෙඩ වුන මිනිසුන්න්ට ප්‍රතිකාර කරන්න රජයෙන් වියදම් වුන මුදල් අපි මොහුගෙන් ගන්න ඕනේ.... එතකොට අනිත් පුද්ගලයනුත් පාඩමක් ඉගෙන ගනීවි. මේ නඩු බොරුවට කල් අරින්න එපා විශේෂ නඩු ලෙස සලකල ඉක්මනට ඉවර කරන්න. අපි ඇදිරිනීතිය දමාගෙන සති ගණනක් දුක් විදින්නේ මෙවැනි පුද්ගලයන් නිසා....
lalithm Sunday, 29 March 2020 03:36 AM
ඉස්ලාම් ආගම අදහන්නන් මෙතරම් අත්තනෝමතික වීම නවතගන්න ඒ අයගේ නායකයින්ට බැරි මොකද? හරිම කණගාටුවට කරුණක්. රටම අනතුරකට ඇදගෙන යන ක්‍රියාවක්? ද්‍රවිඩ භාෂාවෙන් තොරතුරු යනවා මදිද? මොවුන්ගේ මෝඩකමද?
AmalSunday, 29 March 2020 07:55 AM
භාෂා ප‍්‍රශ්නයක් නොවෙ ... මොවුන්ගෙ තියන උද්දච්චකම... දෙවියන්ට ඔනෙ දෙයක් කරන්න පුළුවන් කියලා විශ්වාස කරන්නෙ.. දැක්කෙ නැද්ද අපි වයිරස්වලට බය නැහැ කියලා ඉරානයේ පල්ලියේ හිටියා. දැන් දහස් ගාණක් මැරුණා. අන්තර්ජාලයේ බලන්න.
සමන් - ඕමානය Sunday, 29 March 2020 04:00 AM
කිසිම සමාජ වගකීමක් නොදන්නා පිරිසක්. ඒ කරාශි වෙන්න එපා කියලා මෙච්චර ප්‍රචාරය කරද්දීත්, මේ ගොල්ලෝ තාම හොරෙන් හොරෙන් යාඥා වලට පල්ලියට යනවා. මේගොල්ල අනතුරේ හෙලන්නේ මුළු සමාජයමයි. නීතියෙන් උපරිම දඬුවම් දිය යුතුයි.
NamalSunday, 29 March 2020 07:52 AM
අර ඉන්දියාවෙ වගේ පොලු පාර දුන්නානම් හරි. පල්ලියෙන් එළිබහිද්දිම... කොහෙද ඉතින් සිංහල කොල්ලන්ට ගැහුවත් මෙ අය දිහා හැරිලවත් බලන්නෙ නැහැ. කළකිරෙනවා. මෙවා සරල දේවල්... කරන්න කොන්දක් තියෙනවා නම්....
kamal Sunday, 29 March 2020 08:05 PM
කවුරුත් ආශාවෙන් රෝගයට ගොදුරුවෙන්නේ නැත. තවද මෙම රෝග ලක්ෂණ සමාන්‍යයෙන් හැදෙන උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණයි. කෙනෙකු නොදැනුවත්කමින් හෝ දැනගෙන කළ වරදට මුළු සමාජයටම දොස් කීමෙන් පලක් නැත..