IMG-LOGO

2024 දෙසැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


පානදුර සිරවී සිටි 1000ක් ගම්බිම්වලට යවති

බිමල් ෂ්‍යාමන් ජයසිංහ 

ඇදිරි නීතිය හේතුවෙන් සිය ගම්බිම් බලා යාමට නොහැකිව පානදුර පොලිස් කොට්ඨාසය තුළ රැදී සිටි පුද්ගලයන් 1000 කට අධික පිරිසක් ලංගම බස්‍ රථ මගින් පිටත් කර හැරීම බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) බණ්ඩාරගම සතිපොල භූමියේදී පැවැත්විණි. 

බණ්ඩාරගම ,පානදුර උතුර ,පානදුර දකුණ ,වාද්දුව ,මොරොන්තුඩුව ,අගුරුවාතොට, හොරණ ,ඉංගිරිය ,මොරගහහේන හා මිල්ලෑව පොලිස් වසම් 10 තුළ, නේවාසිගාර  ,කර්මාන්තශාලාවල හා නිවෙස් වල රැදී සිටි පුද්ගලයන් ගම් බිම් බලා පිටත් කර හැරීම සිදු කෙරිණි 

එහිදි 1300කට අධික පිරිසක් ගම් බිම් බලා යාම සදහා පොලිස් වසම් 10 යේ ලියාපදිංචිව සිටි අතර එයින් සමහරක් දෙනා නැවත කර්මාන්තශාලා ආරම්භ කිරීම හේතුවෙන් රැකියා සදහා යොමු වී තිබූ බව පොලිසිය කියයි .

සතිපොල භූමියේ ගොඩනැගිලි දෙකෙහි පැමිණි පිරිසට පහසුකම් සලසා දී තිබූ අතර ඔවුන්ගේ මානසික තත්වය නගා සිටුවීම සදහා සංගීත රසාස්වාදයක් විඳගැනීමට අවශ්‍ය පහසුකම් සලසා තිබුණි .

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා මෙන්ම කලුතර ප්‍රාදේශීය  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය  රත්නායක මහතා පැමිණි පිරිස අමතා  කතා පැවැත්වූහ.

ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පතිවරයා සංකේතවත් ලෙස පැමිණි පිරිසෙන් කිහිප දෙනෙකුට ආහාර පාර්සල්ද පිරි නැමිණි .

මෙහිදී   ගම් බිම් බලා යාම සඳහා පැමිණි පිරිසෙන් කිහිප දෙනෙක් සතුටින් අදහස් පළ කළහ .

අනතුරුව පැමිණි පිරිස බස්‍ රථ කරා යාමට පෙර විෂබීජහරණයට ලක් කර ශරීර උෂ්ණත්වය ද මැන බැලීමට සෞඛ්‍ය අංශයේ නිලධාරීහු සහ බණ්ඩාරගම  ප්‍රාදේශීය සභාවේ සේවකයෝ කටයුතු කළහ .  

මෙම අවස්ථාව සදහා කලුතර ප්‍රාදේශීය  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය  රත්නායක,වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් ලියනගේ  ,කලුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස් පති විජිත් ගුණරත්න ,පානදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී සංජය ඉරසිංහ ,බණ්ඩාරගම  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනී වෛද්‍ය ශ්‍රීමලී අමරසිංහ ,වෛද්‍ය සුදර්මා ,බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් රුවනී සමරතුංග ,බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති දේවේන්ද්‍ර පෙරේරා ,පානදුර කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී වරුන් ,ස්ථානාධිපති වරුන් ,පොලිස් නිලධාරීන් ,ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (1)

පානදුර සිරවී සිටි 1000ක් ගම්බිම්වලට යවති

santha Monday, 18 May 2020 06:48 AM

දැන් තමයි ආණ්ඩුවට මතක්වෙලා තියෙන්නේ පොඩි ළමයිනුත් ඉදලා.

:       1       36

ඔබේ අදහස් එවන්න

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2340 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1231 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2860 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 1003 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 795 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 989 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 120 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 111 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 80 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site