කොරෝනා වසංගතය හේතුවෙන් එක්සත් රාජධානියේ දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා විය.
පෙරේදා, එනම් බදාදා රාත්‍රියෙන් අවසන් වූ පැය 24ක කාලයේදී එරටින් වාර්තා වූ මරණ ගණන 938 කි. එදින මේ දක්වා කාලයේදී එක්සත් රාජධානියෙන් දිනක් ඇතුළත වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූ දිනය ලෙස සටහන් විය. අද පස්වරු 5 වනවිට එක්සත් රාජධානියෙන් වාර්තා වූ සමස්ත මරණ ගණන 7,111ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර එරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 61,487ක් දක්වා ඉහළ ගොස් තිබිණි.
බදාදා දිනයේදී අඛණ්ඩව දෙවැනි දිනයටත් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ මරණ ගණන 2,000කට ආසන්න විය. බදාදා දිනයේදී පමණක් ඇමෙරිකා වාර්තා වූ මරණ ගණන 1,922ක් විය.
කොරෝනා වසංගතය ලොව පුරා ව්‍යාප්ත වීම ආරම්භ වීමෙන් පසුව දිනක් ඇතුළත වැඩිම මරණ ගණනක් වාර්තා වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. එරටින් වැඩිම මරණ ගණනක් වාර්තා වූයේ ඉකුත් අඟහරුවාදා (7) වැනිදාය. එදින පමණක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ මරණ ගණන 1,939කි.
විදෙස් වාර්තා ඇසුරිනි
055
විදේශගත මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු දුරකථන මගින් මෙහෙයවන ජාවාරමකට සම්බන්ධ පුද්ගලයකු රුපියල් කෝටි දෙක හමාරකට අධික වටිනා අයිස් කිලෝ එකක් , හෙ
ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් එළැඹෙන 20 වැනිදා දිවුරුම් දීමට නියමිතව තිබියදී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ වන සුරූපී මෙලනියා ට්‍ර
තෙල්දෙණිය සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව කඩුගන්නාව ප්‍රදේශයේදී අඹ ගසක හැපී සිදුවූූ අනතුරක
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මෙතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු අද හෙටම පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභා
ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසය
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
පැය 24 ක් තුළ බ්‍රිතාන්‍යයෙන් කොරෝනා මරණ 938 ක්