(මහින්ද නිශ්ශංක)
අන්තර්ජාලය ඔස්සේ භාන්ඩ ඇණවුම් කළ පාරිභෝගිකයින් 100දෙනෙකුගෙන් මුදල් අයකර ඇතත් ඇණවුම් කළ භාණ්ඩ ඔවුන් වෙත ලබානොදුන් අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ බෙදා හරින ආයතනයක් කඩුවෙල ප‍්‍රදේශයෙන් අල්ලා ගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පස්වරුවේ සමත්විය.
පාරිභෝගිකයින්ගෙන් ලැබුණු පැමිණිලි මත සිදුකළ පරීක්‍ෂාවකදී මෙම වංචනික ආයතනයට සම්බන්ධ කොළඹ ප‍්‍රදේශයේ නියෝජිතයකු ඇතුළු සේවකයින් පස්දෙනෙකුද අධිකාරිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වෙළද ආයතනයේ සදහන් ලිපිනය සම්බන්ධව සිදුකළ සොයා බැලීමේදී එවැනි වෙළද ආයතනයක් ඔවුන් දක්වා තිබු කඩුවෙල කොරතොට ප‍්‍රදේශයේ නොමැති බවත් එය ව්‍යාජ ලිපිනයක් බවත් අධිකාරීයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
පාරිභෝගිකයින් ලැබුණු පැමිණිලි අනුව කඩුවෙල කොරතොට ප‍්‍රදේශයේ නවතා තිබු මෝටර් රථයක් පරීක්‍ෂා කළ අධිකාරියේ නිලධාරීන්ට එහි සිටි පුද්ගලයින් තිදෙනෙකු අල්ලා ගෙන ප‍්‍රශ්න කිරීමේදී මෙම වෙළද ආයතනයට අයත් ගබඩාවක්ද සොයා ගැනීමට හැකිවී තිබේ.
මෙම ගබඩාව පරීක්‍ෂා කිරීමේදී එහි තිබු යෝගට් සහ මිදි කල් ඉකුත් වු ඒවා බවටද අනාවරණය වු බව අධිකාරිය පවසයි.
ඔන්ලයින් ක‍්‍රමයට භාන්ඩ බෙදා හරින මෙම ආයතනය පාරිභෝගිකයින්ගෙන් නියමිත මුදලට වඩා වැඩි මුදලක් භාන්ඩ සදහා අයකර ඇතැයි හෙළි වු බවද පැවැසු අධිකාරියේ නිලධාරියා භාන්ඩ ලබානොදී මුදල් අයකළ සහ වැඩිපුර මුදල් අයකළ පාරිභෝගිකයන්ට මෙම සතිය තුළදී වැඩිපුර අයකළ මුදල් සහ ලබානොදුන් භාන්ඩ ලබාදීමට පියවර ගන්නා ලෙස එම වෙළද ආයතනයට නියෝග කළ බවද පැවසීය.
මෙම වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනුලැබු එම ආයතනයේ කොළඹ නියෝජිතයා ඇතුළුසේවකයින් පස්දෙනා බැදුම්කර මත මුදාහළ අතර ඔවුන්ට විරුද්ධව අධිකරණයේ නඩු පැවරීමට අධිකාරිය පියවර ගෙන තිබේ.
පාරිභෝගික අධිකාරියේ බස්නාහිර පළාත් සහකාර අධ්‍යක්‍ෂක ඒ.ඒ. ජසුර් සහ විමර්ශන නිලධාරී දමින්ද අරුණ කුමාර යන මහත්වරු මෙම වැටලීම සිදුකළහ.
නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ආයතන සංග්‍රහයේ I වැනි කාණ්ඩයේ XII වැනි පරිච්ජේදයේ 8:5 උප වගන්තිය සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව AIIB හා ශ්‍රී ලංකා රජයේ මුල්‍ය අනුග්‍රහය ඇතිව උඩරට දුම්රිය මාර්ගයේ දැඩි සංචාරක ආකර්ෂනයක් දිනා ගත් බණ්ඩාරවෙල සහ දෙමෝ
විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලය සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.
දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
පාරිභෝගිකයන් 100කගෙන් මුදල් අයකර භාණ්ඩ නොයැවූ ආයතනයක් වටලයි