IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


‘පාර්ලිමේන්තුව කැඳවන්නැයි කළ ඉල්ලීමෙන් පළක් නෑ‘

(විනීතා එම් ගමගේ)
 
පාර්ලිමේන්තු විසුරුවා නැති රටවල පවා මේ ආපදා තත්ත්වයත් සමඟ  එම පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවා ඇති තත්ත්වයක් පවතිද්දී අපේ පාර්ලිමේන්තුව යළි කැඳවීමට කරන ඉල්ලීම පළක් ඇති ඉල්ලීමක් නොවන බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අරලිය ගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පැවැති විශේෂ සර්ව පාක්ෂික රැස්වීමේ දී පවසා ඇත.
 
පාර්ලිමේන්තුව යළි කැඳවන්නැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා සර්ව පාක්ෂික රැස්වීමේ දී ඉල්ලීමක් කළ අවස්ථාවේ අදහස් දක්වමින් ගම්මන්පිල මහතා මෙසේ පවසා තිබේ.
 
කැනඩාව ඇතුළු යුරෝපයේ රටවල් පවා සිය පාර්ලිමේන්තු අත්හිටුවා ඇති අවස්ථාවක කිසි සේත්ම විසුරුවා ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවීමෙන් පළක් නැතැයි ඔහු පෙන්වා දී තිබේ.
 
එසේ පාර්ලිමේන්තුව යළි කැඳවුවහොත් 225 දෙනෙක් ද තවත් නිලධාරින්ද ගෙන්වා සමාජයට නරක ආදර්ශයක් දීම සිදු විය යුතු නැති බවත් දිනකට රුපියල් මිලියන හතක පාර්ලිමේන්තු වියදම ද පවතින වසංගත තත්ත්වය මැඩලීමට යෙදිය යුතු බවත් හෙතෙම පෙන්වා දී තිබේ.
 
කොරෝනා රෝගය මැඩ පවත්වමින් රට යථා තත්ත්වයට පත් කිරීමේ දී පවතින නීති ප්‍රමාණවත් නොවන්නේ නම් එවැනි අවස්ථාවක පාර්ලිමේන්තුව කැඳවීමේ වරදක් නැතැයි පෙන්වා දී ඇති ගම්මන්පිල මහතා මේ වනතුරුත් නිලධාරින් එවැනි අවශ්‍යතාවයක් දන්වා නැතැයි ද පවසා ඇත.
මෙම රැස්වීමට සහභාගි වූ දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා එහි දී යෝජනා කර ඇත්තේ අතරමැදි විසඳුමක් ලෙස පක්ෂ නායක රැස්වීමක් කැඳවන ලෙස යෝජනා කර ඇති අතර එය සියලු දෙනා පිළිගෙන පක්ෂ නායකයින් යළි රැස්වන දිනය දැනුම් දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත.  



අදහස් (11)

‘පාර්ලිමේන්තුව කැඳවන්නැයි කළ ඉල්ලීමෙන් පළක් නෑ‘

සෙනෙවිරත්න Tuesday, 24 March 2020 11:52 AM

මෙන්න කොහේ හැංගිල ඉඳල රාජපක්ෂවරුන්ගෙ පව් හෝදන්න එලියට ඇවිත්, අනිත් සගයා වීරවංශ කෙහේද?

:       105       351

KoralageWednesday, 25 March 2020 02:04 AM

මේ දෙන්නව පාර්ලිමේන්තු යවන ඡන්දදායකයන්ගේ මොලේ පොඩ්ඩක් පරික්ෂාා කරලා බලන්න ඕනේ. මොකද නිදහසෙන් පස්සේ ජනතාව පාර්ලිමේන්තු යවා තියෙන්නේ මේ වගේ ‌කෛරාටිකයින්.

:       0       71

Buddika Tuesday, 24 March 2020 11:59 AM

මරු රාජ්‍යතාන්ත‍්‍රිකයෙක්නේ ... අර හොරාට ලියාගත්ත ඇටෝනි බලපත‍්‍රයේ කේස් එකට මොකද වුණේ? සුදු ඇදගත්තාට හොර වැඩ...

:       107       327

සේන Tuesday, 24 March 2020 12:18 PM

ඇයි දවසකට ලක්ෂ 95ක් කාලා සම්ප්‍රප්පලාප දොඩවන්න. මහා පණ්ඩිතයන්ට සත පහකට වැඩක් නැති දේවල් කට උල්කර කර කියන්න. එලොවටත් නැති මෙලොවටත් නැති කෙස් පැලෙන තර්ක ගේන්න. හොරකමකට පාරක් හදා ගන්න. එකී නොකී බොහෝ දේ...

:       1       211

[email protected] Tuesday, 24 March 2020 12:19 PM

පාර්ලිමේන්තුව කැඳවා වයසක මන්ත්‍රීලට කොරෝනා බෝකර රට ගොඩ ගන්න.

:       1       218

Kamal Koyrala Tuesday, 24 March 2020 12:48 PM

පාර්ලිමේන්තුව කැඳවන්නැයි කළ ඉල්ලීමෙන් පළක් නෑ... ඔව් අශ්වයා පැන ගිහින් ඉවරයි.

:       0       109

Sarath USA Tuesday, 24 March 2020 01:16 PM

මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවක් අවශ්‍ය නැත. ඔවුන් රැස්වී සතුරාට මුහුණ දෙනවාට වඩා දේශපාලන වාසි තකා පුහු කතාවලින් කාලය හා මුදල් නාස්ති කරති. මෙය ලෝක අර්බුදයකි. “ආටක නාටක” බැලීමට කාලය නොවේ. ජාතික පුවත්පත් වල ඇති සාරවත් ලිපි රචනා කියවා බලා දැනුම දියුණු කරගත යුතු කාලයයි ‌මේ.

:       85       262

de Tuesday, 24 March 2020 01:23 PM

ලොන්ඩ්‍රි මෑන් නාට්ටාම්ඹි වැඩ කරන එකමයි වැඩේ.

:       3       170

Bamunuarachchi Tuesday, 24 March 2020 01:31 PM

පාර්ලිමේන්තුව කැඳවන්න කියන්නේ ඇයි මොකක්ද ප්‍රයෝජනය? කාගෙන් උපදෙස් ගන්නද? උපදෙස් ගත යුතුව ඇත්තේ දොස්තර වරුන්ගෙන් හා පරිපාලක නිලධාරීන්ගෙන්. එය ක්‍රියාවට නැංවීමට නියෝග කිරීමට ජනාධිපති කෙනෙක් ඉන්නවා. ක්‍රියා කිරීමට පොලීීීීීසි සහ හමුදාව ඉන්නවා. අර මැට්ටන්ගෙන් දැන් වැඩක් නැහැ. කොරෝනා පතුරවන්නේ නැතිව ගෙවල් වලට වෙලා ඉන්න. නුඹලා දැන් නිකම්ම නිකන් මිනිස්සු.

:       38       332

maalaka Tuesday, 24 March 2020 01:37 PM

ඇයි නිකන් ඉස්තරම්ම කෑම කාා බීලා බයිලා කියා රට කුලප්පු කරන්නනද ?

:       4       165

Chandrasiri Tuesday, 24 March 2020 04:28 PM

විහිලුකාරයෙක් කතා කර සිටියි.

:       0       149

ඔබේ අදහස් එවන්න

 

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2389 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1278 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2913 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 1053 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 839 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 1036 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 198 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 456 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site