IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


පොලිස් පරීක්ෂකට පහර දුන්නැයි වාරියපොළ පුද්ගලයෙක් අත්අඩංගුවට

( දිල්රුක්ෂි ග්‍රේරු)

වාරියපොළ පොලිසියේ නිලධාරියකුට පොලිස් පරිශ්‍රයතුළ දී පහර දුන් බව කියන පුද්ගලයකු අද (20 ) සවස සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙම පොලිස් නිලධාරියා නීති විරෝධී මත්පැන් වැටලීමේ රාජකාරියේ යෙදී සිට ඇති බවත්, එම අවස්ථාවේ දී තමන්ගේ මත්පැන් අත්අඩංගුවට නොගන්නා ලෙස පුද්ගලයකුගෙන් ඇමතුමක් ලැබී ඇති බවත් පොලිසිය කියයි.

එම දුරකතන ඇමතුමෙන් පසු ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකගෙන් ද තමන්ට ඇමතුමක් ලැබිණැයි ද, පෙරකී සැකකරුවන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඒ හිමිනම ද ඉල්ලා සිටියේ යැයි ද පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරියා සටහන් තබා ඇතැයි පොලිසිය සඳහන් කරයි.

කෙසේ වෙතත් එම නිලධාරියා අද වෙනත් රාජකාරියකට ගොස් යළි පොලිසියට පැමිණෙද්දි ඔහුගේ පසුපසින් පැමිණි පිරිසක් අතර සිටි පුද්ගලයකු පොලිස් පරිශ්‍රයේදීම පහර දී ඇති බව ද, දුරකතන ඇමතුම දුන් ස්වාමීන් වහන්සේ ද  පොලිසියට පැමිණ පරුෂ වචනයෙන් බැන වැදුණු බව ද කියමින් පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරියා සටහන් තබා ඇතැයි පොලිසිය පවසයි.

පහර දුන් බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගත් බවත්, පහරකෑ බව කියන පොලිස් පරීක්ෂකවරයා රෝහල් ගත කළ බවත් පොලිසිය කියයි.



අදහස් (23)

පොලිස් පරීක්ෂකට පහර දුන්නැයි වාරියපොළ පුද්ගලයෙක් අත්අඩංගුවට

Nimal Monday, 20 April 2020 04:34 PM

අදාල ස්වාමීන් වහන්සේගෙ නමත් එක්කම දැම්ම නම් වටිනව...

:       0       133

samTuesday, 21 April 2020 07:14 AM

නිමල්, ආණ්ඩු පක්ෂයට සහයෝගය දෙන අයගේ නම් ගම් පලකලාම මාධ්‍ය ආචාර ධර්ම වලට හානි වෙනවා.

:       0       2

AnanadaR Monday, 20 April 2020 05:20 PM

අනේ අපොයි ! සාසනෙයි, පඬු හැලියයි...

:       0       30

chandima Monday, 20 April 2020 05:31 PM

මේ වගේ වෙලාවට නම් ගම් හංගන්න හොඳ නැහැ. එහෙම හංගන එකෙන් වෙන්නේ දන් බත් ගෙනිහින් මිනිස්සු තවත් පව් පුරවා ගන්න එකයි.

:       0       89

Dil Perera Monday, 20 April 2020 06:07 PM

බුද්ධ දර්ශනයට අවමන් කල, සිවුරක් පොරවාගත්, එම වසලයාට ජම්පරය අන්දනු ලබන්නේ කවදාද? කොවිඩ්-19 වෛරසය හැදී 2ක් - උදේ සවස එම වසලයාට පොවන්න. එතකොට නියමෙට මොලය පැදි, සාමාන්‍ය පුද්ගලයෙකු බවට පත්වනු ඇත.

:       1       291

jim kuruMonday, 20 April 2020 08:05 PM

මේ පුද්ගලයව අත්අඩංගුවට ගන්නේ නැද්ද?

:       0       1

ass chrayaTuesday, 21 April 2020 04:16 AM

ඒ හිමිනම පොහොට්ටුව බලයට ගේන්න කැපවුන කෙනෙක්ලු.

:       0       54

kamalWednesday, 22 April 2020 11:07 AM

අර ඡන්දයට කලින් අරක්කු පොවන්න කීව කෙනා

:       0       1

Ruhunu Monday, 20 April 2020 06:52 PM

පොඩි මිනිස්සු වැරදි කළාම විතරද නම් ගම් පලකරන්නේ... ?

:       0       36

Truth Monday, 20 April 2020 07:47 PM

බුද්දාගම විනාස කරන්නේ “සහරන්ලට “වඩා බයානක “සගරාන්ලා” . අපි බොරුවට අන්‍යාගම් වලට දොස්කිවට අද සාසනය විනාස කරන්නේ අපේම අය නේද ?

:       0       118

sisira Monday, 20 April 2020 09:32 PM

කහ පාට ඇඳගත් අය ගත්තේ නැත්තෙ ඇයි?

:       0       0

nilan Tuesday, 21 April 2020 12:21 AM

මෙතන වෙලා තියෙන දේට වෙනස් දේවලුත් රටේ වෙනවා. එනම් අන්ත අහිංසක මිනිස්සුන්ව බොරු වැරදි වලට මහරැ ඇදිරි නිතිය අස්සේ අත්තනෝමතික ලෙස කුඩු කරලා තියෙනවා... ඒවට මොනවද කරන්නේ?

:       0       0

upali Tuesday, 21 April 2020 05:13 AM

පොලීසිය ඇතුළට ඇවිත් ගහලා යනකල් අනික් අය නිදාගෙන හිටියද? ගහනකොට ගහන්න උගන්නන්න ඕනේද?

:       0       47

tgl Tuesday, 21 April 2020 06:12 AM

පොලිසියට ඇවිත් ගහන කල් අනිත් අය බලන් උන්නද ?

:       0       27

හරේන් Tuesday, 21 April 2020 07:50 AM

පොලිසියට ඇවිත් පරුෂ වචනයෙන් බණින හාමුදුරු කෙනෙක් පොලිස් අත්අඩංගුවට ගන්නෙ නැද්ද.? අනිවාර්යයෙන් දේශපාලකයෙක් මේක පිටිපස්සෙ ඉන්නව. මේවගේ සිවුරුකාරයින් එලියෙ තියන එකෙන් වෙන්නෙ බුද්ධ ධර්මය වල පල්ලට යන එක....

:       0       201

මගමරුවාWednesday, 22 April 2020 02:16 AM

මෙයට සුළු කලකට පෙර පුද්ගලික පංතිකරන චීවරධාරියෙක් රියදුරු බලත්‍රයක් නැතිව සුඛෝභෝගී රථයක් දවාගෙන ගොස් නිවිතිගලදී පාර අයිනේ සිටි දරුවෙකු යටකර මැරුවා... ඔහුටත් දඩුවමක් දුන්නාද දැනගන්න නැහැ... මේ උන්නාන්සේටත් එහෙම වේවි...!!!

:       0       1

raviWednesday, 22 April 2020 05:59 PM

ඒක ගමේ මිනිස්සුන්ගේ වරද. ඒ වෙලාවෙම මරුවාව අල්ලලා වාහනයටම දාන්නයි තිබුණේ.... අපායටම යාවි.

:       0       0

athura Tuesday, 21 April 2020 07:53 AM

මම නම් කියන්නේ හොද වැඩක්. පොලිසියේ ඉදන්ම ගහන්න හිතෙන්න මොකක්හරි වරදක් තියෙන්න ඔන...

:       28       0

RaveendraWednesday, 22 April 2020 05:14 AM

ඔබගේ අදහස අපි අගයන්නෙමු.

:       25       1

අතපත්තු Tuesday, 21 April 2020 10:49 AM

කසිප්පු අල්ලන්න එපා කියලා කසිප්පු කාරයො පොලිසියට කෝල් කරන රටක් මේක...

:       0       9

Perera Tuesday, 21 April 2020 07:46 PM

මහනායක ස්වාමීන්වහන්සේලාට මේවා පෙනෙන්නේ නැද්ද??? බුද්ධ ශාසනේ කෙලෙසන චීවරධාරින්ට දඬුවම් දෙන්නේ නැද්ද?

:       0       37

rangana Wednesday, 22 April 2020 10:42 AM

ඕක මොකක්ද?

:       0       1

sunari Wednesday, 22 April 2020 06:02 PM

මහානායකලාට ඕවා පෙන්නේ නැහැ. ඒ ගොල්ලෝ නිකම් ලෙඩ දමාගන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 386 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 138 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 150 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 592 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 194 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 629 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 745 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site