ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය
ඒකාබද්ධ ග්‍රාම - නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රටපුරා පැතිරි යමින් ඇති සූකර ඌණට ලක්ව ඌරන් 1600 ක් මේ වන විට මිය ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ
බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර
ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
පාසල් වෑන් රථ ගාස්තුවෙන් අඩක් අය කිරීමට තීරණය කරයි
Thushara Tuesday, 12 May 2020 03:40 PM
පිස්සුද එහෙම ගෙවන්න? මම නම් පාසල් පටන් ගත්තම හයර් එක වෙන එහෙකට මාරු කරනවා සල්ලි ඉල්ලුවොත්..... දැනට නම් එහෙම සල්ලි ඉල්ලලා නැහැ.
Lankaputha Tuesday, 12 May 2020 03:41 PM
අපි තව සතයක්වත් ගෙවන්නේ නෑ. අපි වෑන් එක මාරු කරනවා.
Anil Tuesday, 12 May 2020 04:13 PM
5000ත් ගත්තා.. ලීසිං සහනය මාස 6කටත් ගත්තා... අපිටත් ගම්පැනිවලින් මාස භාගයක පඩිය දුන්නේ ඩීසල් කදුලක් ගියේ නැහැ. සංගමෙ සල්ලි තියෙන්නේ බැරි අයට අඩුකරන්න... අපි දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙයට විරුද්ධ වෙන්න.
senaWednesday, 13 May 2020 06:05 AM
දැන් දෙමාපියෝ ගිහින් වෑන් මුදලාලි ළඟ අනුකම්පාව ඉල්ලන්න ඕනේ.. මේ ඔක්කොම සංවිධානය වෙලා ඉන්නේ අසරණ මිනිස්සු ගසාකන්න.. දෙමාපියන් එකතුවෙලා රුපියලක්වත් නොදී හිටියාම හරි....
Aldja Tuesday, 12 May 2020 04:24 PM
අපිටත්, අතිකාල, වෙනත් දීමනා නැතුව බෙසික් එකෙනුත් භාගයක් පමණයි ලැබෙන්නේ. ළමයින්ට කන්න දෙන්නත් මදි. මෙය ඉතාමත් අසාධාරණ ඉල්ලීම ක්....
Amal Tuesday, 12 May 2020 04:26 PM
එතකොට සැලූන් අයිති කාරයොත් කියයි අපි තමයි මෙ ගොල්ලන්ගේ කොණ්ඩෙ රවුල කපන්නේ... අපිටත් මාසෙ භාගයක් දෙන්න කියලා .... ඒක නිසා ගොන් කතාවලට ඇහුම්කන් දෙන්නෙකු නොවී ඔය මිනිස්සුන්ව යවලා දාන්න.
තුෂාර Wednesday, 13 May 2020 05:19 AM
මම නම් වෙන වාහනයක යවනවා. ඕන තරම් වාහන තියෙනවා හයර් එක ගන්න බලාගෙන.
T Tuesday, 12 May 2020 04:38 PM
ඔය කට්ටියට ආදායම් නෑ කියලා 5000 දුන්න නේද? තෙල් ගහන්න වියදමකුත් නැතිව, දුන්නෙත් නැතිව සල්ලි ගන්නෙ ඇයි? හැමෝම අමාරුවෙන් ඉන්නෙ.
Sagara Edirisinghe Tuesday, 12 May 2020 04:40 PM
අපිට ඔනෙ රජයද? ඇමැතිවරුන්ද?
lalTuesday, 12 May 2020 11:54 PM
වෑන් වල යන්නේ සල්ලි තියෙන ළමයි නෙමෙයි. සාමාන්‍ය පන්තියේ පවුල්වල අසරණ දරුවන්. මේ අයගෙ දෙමව්පියන්ටත් අප්‍රෙල්, මැයි රස්සාවල් නැහැ. මේකට රජයෙන් වෑන් හිමියන්ට සහනයක් දෙනවා විනා දෙමව්පියන්ගෙන් අය කිරිම අසාධාරණයි. එහෙන් වැටුප් නැහැ. මේමාසේ වැටුප රජය ඉල්ලනවා. ලමයි ගෙදර හිටියත් වෑන් වලට සල්ලි ඉල්ලනවා. කොහොමද මැද පන්තියේ අය මේවා කරන්නේ?
mihira Tuesday, 12 May 2020 04:43 PM
දෙනවා මගුලක් හරි වැඩක්නේ ඒක...
රංග තේනුවර Tuesday, 12 May 2020 05:08 PM
තමුන් ලබා ගන්නේ නැති සේවාවකට මොකද මුදල් ලබාදෙන්නේ? මාසෙට එක දවසක්වත් ළමයි වාහනේ ගිහිං නැත්තං මොකද සල්ලි දෙන්නේ? පාසල් ළමුන්ගේ දෙමාපියන්ද එතකොට වෑන් රථ රියදුරන්ට කන්න අදින්න දෙන්න ඕනි. හිගා කෑවනං ඔයිට හොදයි. ලජ්ජා නැති ජාතියක්. කොන්ද පන තියෙනවා නං ආණ්ඩුවෙන් මේක නවත්තන්න ඕනි.
SajithTuesday, 12 May 2020 08:29 PM
කවුරුවත් ඕක නවත්තන්නෙ මොකටද? වෑන් කාරයො සල්ලි ඉල්ලන්නෙ ලමයින්ගෙන් නෙමෙයිනෙ. ඒ දෙමව්පියො කැමති නම් දෙයි නැත්තන් නොදී ඉඳියි. ඕනෙනම් ඒ දෙමව්පියන්ට පුලුවන් ලමයින්ව වෙන වෑන් එකකින් ඉස්කෝලෙ අරින්න. දෙමව්පියන්ව බය කරල සල්ලි ගන්න ඒ ගොල්ලො තොත්ත බබ්බු නෙමෙයිනෙ.
සෙනෙවිරත්න Tuesday, 12 May 2020 05:56 PM
මේක අති මානුෂික ඉල්ලීමක් , මේ කතා කරන මිනිස්සු ඔනතරම් ලබා නොගන්නා සේවාවන් වෙනුවෙන් සුළුවෙන් හෝ ගෙවනවා... මේත් මිනිස්සු නේද? තමුන්ගෙ ළමය බොහොවිට පාසල් සර්කල් එකේ නොවන නිසා නේද මේ වෑන් අවශ්‍ය? එතන බොරුවක් නැද්ද? තමුන්ගෙ ළමය ප්‍රවේශම් ඇතිව නිවසට ගෙන එනවා නේද? මෙ ප්‍රශ්නය සමග මේ මිනිස්සු නැත්තටම නැති වුනොත් තමුන් ළමය යවන්නෙ කෙහොමද? කොහොම හරි ගැටගහගෙන දුවන මිනිස්සු ගැන මට නම් දැනෙන්නේ හරිම අනුකම්පාවක්... කටින් බෞද්ධයො තමන්ගෙ ළමුනට දෙන ආදර්ශය කුමක්ද?
nandana Tuesday, 12 May 2020 11:13 PM
පාසල් වෑන් රථ හිමියන් හා රියදුරන් පමණද අමාරුවේ වැටි ඉන්නේ? රැකියා කරන දෙමව්පියන්ටත් අමාරුයි. සියලු දෙමව්පියන් එකතුව මේ අසාදාරන ඉල්ලීම ප්‍රතික්ෂේප කල යුතුයි.
ranjith Tuesday, 12 May 2020 11:55 PM
සල්ලිම පස්සේ දුවන අපතයෝ තමයි...
කමල් හේරත් Wednesday, 13 May 2020 12:59 AM
බොහෝ දෙමාපියන්ට තම රැකියාවන් කරගත නොහැකිවීම නිසා ඔවුන්ටත් අදායමක් තිබුනේ නැ . සමහරකට පඩි බාගයක්වත් ලැබුනේ නැ. රජයෙන් මේක තහනම් කල යුතුයි. නැතිනම් ප්‍රවාහන ඇමතියෙක් අවශ්‍ය නැ
Champa Wednesday, 13 May 2020 01:09 AM
ඉතාම අසාධාරණ තීරණයක්. පාසල් වහල තියෙන්නේ රජයේ තීරණයක් නිසා. ඒකට දෙමව්පියන්ට කරන්න දෙයක් නැහැ. අනිත් එක අර ආණ්ඩුව දෙන්නේ රුපියල් 5000ක්. ඒක ගන්න පුළුවන් පාසල් වෑන් රථ වලට. ආණ්ඩුවක් තියෙන්නේ මේවගේ වෙලාවට මැදිහත් වෙන්න.
ChampaWednesday, 13 May 2020 02:29 AM
මේ වෙලාවේ හුඟක් පවුල් වලට මුදල් අමාරුකම් ඇති. බොහෝ දෙනෙක්ට රැකියා අහිමි වෙලා ඇති. සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර කරපු දෙමව්පියන් ඉන්නවා නම් ඔවුන්ටත් ආදායම් ඇහිරිලා ඇති. පාසල් වෑන් රථ හිමියන්ට විතරක් නෙමෙයි හැමෝටම ආර්ථික අමාරුකම් තියෙනව. නිකම් බිම තියෙන පාසල් වෑන් එකට මාසේ බාගෙක ගාස්තුව අය කරන එක ඉතාම අසාධාරණයි.
nishantha Wednesday, 13 May 2020 01:50 AM
එක ඩීසල් බින්දුවක් වැය නොවී ගෙදර තියෙන වාහනයකට අපි ගෙවන්නේ කුමන හේතුවකටද? ළමයි ගෙවල්වල අධ්‍යාපනයක් නැතිව දෙමාපියන් මාස ගාණකින් හරි මුදලක් නැතුව ගැටගහ ගන්න මොහොතක ගාස්තුවෙන් අඩක් මාස දෙකකට ගෙවනවා තියා කන්නවත් මුදල් නැතුව ඉන්න බව නොතේරෙන ආණ්ඩුවක්...
Anura Wednesday, 13 May 2020 02:37 AM
මේක වැරදි..අසාධාරණයි.. දෙමාපියන් අමාරුවෙන් ජීවත් වන්නෙ.. පහසුව ගැන හිතලා ලමයි ස්කුල් බස්වලට දැම්මට.. ලමයි ලෙඩ්ඩු වෙන්නත්.. ලමයි ශරීර හොරු වෙන්නත්.. මාර්ග තදබදය වැඩි වෙන්නත් මේ පාසල් බස් හේතුවක්.. ඉස්සර ස්කූල් බස් මෙතරම් තිබුණේ නැත. මීටර් 100 දුවන්න බැරී තරම් ලෙඩ්ඩු උනෙත් නැ ලමයි..
sunill perera. Wednesday, 13 May 2020 02:51 AM
අලුත් වාහනයකට ළමයව භාරදෙනවා...ජොබ් නැතිව ඉන්න හොද තරුණයෝ මේ රැකියාවට අවතීර්ණය වීමට බලා ගෙන ඉන්නවා.
vidya Wednesday, 13 May 2020 02:53 AM
කොතනින් හරි පටන් ගන්න ඕනෙනේ . මේ ගොල්ල අපි දිරි ගන්වන්න ඕනේ .
සංජීව Wednesday, 13 May 2020 03:33 AM
රජයක් ඉන්නේ මේවගේ දේවල් වලට මැදිහත් වෙන්න තමයි. රජය දෙමව්පියන්ගේ පිට මේ ප්‍රශ්ණය පටවලා අත පිහිදාගන්නේ නැතුව වහාම විසඳුමක් දෙන්න අවශ්‍යයි. මේ අයගේ ඉල්ලීමත් සාධාරණයි. අඩුම තරමේ මාසික ආදායමෙන් 50%ක් වත් රජයෙන් ලබාදිය යුතුයි. රුපියල් 5,000කින් යාන්තම් දවස් 5ක් ජීවත්වෙන්න පුළුවන්...
තුෂාර Wednesday, 13 May 2020 05:15 AM
මේක හරි කෙලියක්නේ... මමත් කරන්නේ රෙදි කඩයක්.. මේ මාස 2ම වහලා තිබුණේ. ඒත් මගේ පාරිභෝගිකයන් ඇවිත් බාගයක් සල්ලි දුන්නේ නැහැ... කඩකුලිය ගෙවන්නයි, ගෙදරට වියදම් කරන්නයි. මම නම් වෙන වාහනයක යවනවා ඕන තරම් වාහන තියෙනවා හයර් එක ගන්න බලාගෙන...
කමල් Wednesday, 13 May 2020 05:49 AM
ඇමතිවරු එහෙට වැනෙනවා, මෙහෙට වැනෙනවා. මේක විතරද දුම්රියේ ආසන වෙන් කරගෙන යන්න කියනවා. මෙයා කියනවා සීට් ගානට යන්න කියලා . මගීන්ට දුම්රියට ගොඩවෙන්න දෙන්නේ නැහැ ආසන වෙන් නොකළොත්. සාකච්ඡා තිය තියා පිස්සු කෙළිනවා. මිනිස්සු බැන බැන ගෙදර යනවා.
saman Wednesday, 13 May 2020 06:46 AM
ලැජ්ජයි.. නිවාඩු දවස්වල ළමයි ට්‍රිප් අරන් යනවද? මේවට අධිකරණයට යන්න ඕනෑ.. සේවාව නොදී මුදල් අය කරන එක වැරදියි..
හිරන්‍යයා Sunday, 16 August 2020 09:29 AM
ඇමති දීලා තියෙන්නේ පුදුම තීරණයක්නේ. සතයක් දෙන්න බෑ. උසාවි යන්න ඕනෑ.