(විනීතා එම් ගමගේ)
කොවිඩ් 19 වයිරසය හදුනාගැනීම සදහා රෝගීන් පරික්ෂා කෙරෙන පී සී ආර් පරික්ෂණය සම්බන්ධ වැරදි වාර්තා ලැබීම නිසා දහසක් පමණ සාම්පල් නැවත පරික්ෂා කිරීමට සිදුවූ බව සෞඛ්‍ය වෘත්තියවේදින්ගේ විද්වත් පර්ෂදයේ සභාපති රවි කුමුදේශ් මහතා ප‍්‍රකාශ කළේය.
රජයේ රසායනාගාර 11 ක් ඇති අතර ඒවායේ දිනකට පී සී ආර් පරික්ෂණ 2000 කට ආසන්න ප‍්‍රමාණයක් සිදුකළ හැකිව ඇතත් අවශ්‍ය තරම් නිදර්ශක ඒවාට ලැබෙන්නේ නැතැයි ද කුමුදේශ් මහතා කියා සිටියේය.
රජයේ රසායනාගාර තිබිය දී වෙනත් ස්ථානවලට පරික්ෂණ සදහා නිදර්ශක ලබා දීමෙන් කොවිඞ් මර්දන වැඩසටහනට හානියක් සිදුවූ බව තම සංවිධානය කිහිප වරක් පෙන්වා දුන් බවත් ජනාධිපතිවරයාට පවා මේ සම්බන්ධව අට වතාවක් ලිපි මගින් පෙන්වා දුන් බවත් හෙතෙම සදහන් කළේය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා වෙත යවන ලිපි අතරමග දී වෙනත් අයෙකු අතට පත්වන්නේ ද යන සැකය තම සංගමය සතුව ඇතැයි ද මෙම තත්ත්වයන් ගැන දේශපාලනික උවමනාවකින් කටයුතු කරන පිරිසක් සිටින්නේ ද යන සැකය ද පවතින බවත් කී කුමුදේශ් මහතා පවතින තත්ත්වය ගැන තමන් සතු රහස්‍ය වාර්තාවක් ජනාධිපතිවරයා වෙත භාරදීමට අවස්ථාවක් ලබාගැනීමට බලාපොරොත්තු වන බව ද ප‍්‍රකාශ කළේය.
අවදානම් පුද්ගලයින්ගේ පීසීආර් පරික්ෂණ රජේය රසායනාගාරවලට යැවීම නිසා වැරදි වාර්තා ලැබුණු අවස්ථා රැසක් ඇතැයි ද ජාතික රෝහලේ හෙද නිලධාරිනියකට කොරෝනා ආසාදිත වී ඇතැයි යන වාර්තාව කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබාදී තිබු අවස්ථාවේ එවැනි කොරෝනා ආසාදිත යැයි වාර්තා ලැබුණු සිව්දෙනෙකු කොරෝනා ආසාදිත නොවූ බව යළිත් කළ පරික්ෂණවලින් හෙලිවූ බවද පැවැසීය.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
පී.සී.ආර්. පරීක්ෂණ 1000 ක් පමණ යළි කරන්න වුණා
de silva Sunday, 10 May 2020 02:36 PM
කරුණාකර පුද්ගලික අංශයේ රසායනාගාර තාවකාලිකව රජයට පවරාගෙන එම පර්යේෂණ කටයුතු රජයේ අධීක්ෂණය යටතේ සිදු කරන්න .
jayath Sunday, 10 May 2020 04:03 PM
ඔය කාගේ කාගේත් පැටිකිරිය මේ රටෙ ජනතාව හොඳින් දන්නවා. අවංක උවමනාවක් තියනවනම් වැරදුනේ කොහෙද කියල හොයන එකයි හරි... බොරුවට ප්‍රකාශ නිකුත් නොකර... මොකද කලිනුත් ඔය වගේ පොරක් හිටිය අන්තිමට පොර නැවතුනේ පාර්ලිමේන්තුවට රිංගලා මොකද මෙතන ප්‍රශ්න කීපයක් තියනවා.... එකක් තමයි මේ PCR පරීක්ෂණයේ නිරවද්‍යතාවය... අනික මේ උපකරණ වල දෝෂ මේවා බින්දුව කරන්න බැහැ අවම කරගන්නව මිසක්...
lalithm Sunday, 10 May 2020 04:43 PM
මෙයා කතා කරන්නේ දේශපාලනයම තමා. හැබැයි පක්ෂ දේශපාලනය නොවෙයි වෘත්තියවේදී කැපිලි දේශපාලනය. කියන්න හදන්නේ රජයේ රෝහල්වල ඉන්න තමන්ගේ වෘත්තියේ අයවලුන් හැර වෙනත් රජයේ ආයතන..., කොළඹ විශ්වවිද්‍යාලයේ රසායනාගාරයත් ඇතුළුව කරන පරීක්ෂණ වැරදි බව නේද? මේ කරන්න හදන්නේ අනාගතයට බලපාන බඩ ගෝස්තර දේශපාලනය. වෙන කව්රුත් මේ පරීක්ෂණය කරනවට විරුද්ධයි. වැරදි වැරදි වුනත් විශ්වවිද්‍යාලයක් කරන දේට ඉඩදෙන්න ඕනේ. ඔවුන් තමයි නව නිපැයුම් එළිදක්වන්නේ සහ බෙහෙත් හොයන්නෙත්. වෘත්තියවේදීන් කරන්නේ ඉගෙනගත් දෙය ක්‍රියාවේ යෙදවීම විතරයි...
kamal Monday, 11 May 2020 03:04 AM
එතකොට ඔය කියන රජයේ රසායනාගාර වල වැරදි වෙන්නේ නැතිද හැබෑට ?