IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


බංගලාදේශයේ ගම්මාන 7 ක් සම්පූර්ණයෙන් වසා දමයි

සුප්‍රසිද්ධ ආගමික පූජකවරයකුගේ අවමංගල්‍ය උත්සවයකට දස දහස් ගණනක් සහභාගී වීමත් සමඟ ගම්මාන හතක් සම්පූර්ණයෙන් වසා දමා දැඩි සීමා පැනවීමට බංගලාදේශ බලධාරීහු අද (20) පියවර ගත්හ.

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රටම වසා දැමීමේ ‘ලොක්ඩවුන්’ සීමා පනවා තිබියදී මෙලෙස ආගමික පූජකවරයාගේ අවමංගල්‍ය දස දහස් ගණනක් සහභාගී වී ඇත.

බංග්ලාදේශයේ ඩකා අගනුවරට කිලෝමීටර 60ක් ඈතින් පිහිටි බ්‍රහ්මාන්බාරියා දිස්ත්‍රික්කයේ මවුලානා ජුබයර් අහ්මෙද් අන්සාරි පූජකවරයාගේ අවමංගල්‍ය උත්සවයට එලෙස දහස් ගණනක් සහභාගී වී ඇත. මේ හේතුවෙන් විශාල පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වීමේ අවදානමක් නිර්මාණය වී ඇත.

බංග්ලාදේශයේ ජනගහනය මිලියන 160කට ආසන්න වන අතර එරට සෞඛ්‍ය පද්ධතිය සහ වෛද්‍ය යටිතල පහසුකම් දුර්වල තත්ත්වයක පවතී. මේ හේතුවෙන් එරට තුළ කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් ඇත.

‘‘අපි ගම්මාන හතක් සම්පූර්ණයෙන් වසා දැමීමට පියවර ගත්තා. දින 14ක් යනතුරු නිවාසවලින් පිටතට නොපැමිණෙන්නැයි නියෝග කළා. සෙනසුරාදා පැවැති අවමංගල්‍ය උත්සවයට සහභාගී වූ කාට හෝ වයිරසය ආසාදනය වී ඇත්දැයි එයින් සොයාගන්න පුළුවන්’’ යැයි ප්‍රාදේශීය පොලිස් නිලධාරියකු රොයිටර්ස් පුවත් සේවයට පැවැසීය.

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණින් බංගලාදේශ බලධාරීහු අප්‍රේල් 25 දක්වා සම්පූර්ණයෙන් රට වසා දැමූහ.

අද (20) පස්වරු වනවිට බංග්ලාදේශයෙන් හමු වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2,948ක් ලෙස දැක්වුණු අතර මරණ ගණන 101ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා කොතරම් අනතුරු අඟවා තිබුණ ද බලවත් ආගමික නායකයෝ මුස්ලිම් දේවස්ථානවලට කුඩා කුඩා කණ්ඩායම් කැඳවති.

සිකුරාදා දේව මෙහෙයවලට තවමත් ඇතැම් පිරිස් සහභාගී වනු බංග්ලාදේශ බලධාරීහු තවදුරටත් ප්‍රකාශ කළහ.

 

 

 

රොයිටර්ස්/අල්ජසීරා

 

 

 

055



අදහස් (9)

බංගලාදේශයේ ගම්මාන 7 ක් සම්පූර්ණයෙන් වසා දමයි

Deavasiri Monday, 20 April 2020 12:33 PM

ඔවුන් දෙවියන් ආසන්නයටම ගොස් සිටියි...

:       0       0

chandima Monday, 20 April 2020 04:18 PM

තම්බිලගේත් අවසානේ වගේ? පව්.

:       1134       689

Hafeel Monday, 20 April 2020 11:41 PM

මේ වගේ අදහස් පලකරන්න ඇයි ඉඩ දෙන්නේ? බුදු දහම මේවාද උගන්නල තියන්නේ?

:       0       106

IshanSaturday, 25 April 2020 07:00 AM

තම්බිල කෙසේ වෙතත් හෙළයන්ගේ තරම පේනව දාල තියෙන කමෙන්ට් එකෙන්ම. කතා කරන්න දන්නැති ජාතියක් දැක්කමයි...

:       0       0

jayath Tuesday, 21 April 2020 02:08 AM

කියන දේ නාහන එකා ඉහල ගියත් එකයි, පහල ගියත් එකයි කියලා කියනවානේ, තහනම නොතකා යනවනම් යන්න අරින්න තියෙන්නේ එතකොට මැරිලා හරි ඉවරයක් වේවි නෙව. මොලේ කලඳක් වත් නැති බව මේකෙන්ම පේනවා හොඳ වෙලාවට ඔය නරි නාටක දැන් මෙහෙ වානා නැත්නම් දැක්ක නෙව කොරෝන ලෙඩ්ඩු පුච්චනවට දමපු පාට්

:       0       0

tgl Tuesday, 21 April 2020 12:08 PM

මිනිස්සු මෙච්චර මෝඩද? මම හිතුවේ දකුණු ඉන්දියාවේ අය විතරයි කියල.

:       0       0

saman Tuesday, 21 April 2020 03:46 PM

මේ රටේ ජනගහනය මිලියන 160. සියයට 1 ක් මැරුනොත් ඕනනම් ලක්ෂ 16 ක් මැරෙයි. ඒ වගේද ආගම ? කොච්චර වටිනවද ?

:       0       1

Lebbe Thursday, 23 April 2020 02:10 AM

ඇහැට නොපෙනෙන නිකන් ඉන්න දෙයියෝ කෝප කර ගන්න එපා. කොරෝන හැදිලා මැරුණත් කමක් නැහැ.

:       0       0

sampath Friday, 24 April 2020 04:58 PM

බංගලිදේශය කියන්නේ බොන්න වතුරවත් නැති රටක් ඉතා නොදියුණු මට්ටමේ මුඩුක්කු සහිත පරිසරයක් දැක අගනුවර පවා තිබෙන්නේ ඒ වගේම හරිම අහිංසක මිනිස්සු ලංකාවට සමාන නෑකම් කියන ජාතියක් ගොඩක් සිංහල වචන පාවිච්චි කරනවා. ඔවුන් අන්තවාදීන් නොවෙ... කිසිවිටක නමුත් සමාජීය වශයෙන් ඉතා පහල මට්ටමක් තියෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 117 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 1181 0

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


සහල් සැකසීමේ සංකීර්ණ දෙකක් නිෂ්කාර්ය වෙලා
2025 පෙබරවාරි මස 05 332 0

දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ


ග්‍රෑන්ඩ්පාස්-කොටහේන වෙඩි තැබීමට අයෙක් මාට්ටු
2025 පෙබරවාරි මස 05 172 0

ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්


අද කාලගුණය
2025 පෙබරවාරි මස 05 105 0

ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 788 1

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 86 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 736 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site