කොරෝනා වයිරසය හේතුවෙන් බ්‍රිතාන්‍යයෙන් මරණ 335ක් වාර්තා වීමත් සමග අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා, රට සම්පූර්ණයෙන් ම හුදකලා කිරීමේ ක්‍රියාදාමයක් ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව අත්‍යාවශ්‍ය ඖෂධ හා ආහාර මිලදී ගැනීමට හැර කිසිවෙකුට නිවෙස්වලින් බැහැරවීමට නොහැකි වන අතර දෙදෙනෙකු වැඩි පිරිසකට එකට රැස්වීම ද තහනම් කර ඇත.
අගමැති බොරිස් ජොන්සන් මහතා ප්‍රකාශ කළේ මූලික අවශ්‍යතා සඳහා වෙළෙඳ සැළකට යාම පවා නිතර නිතර නොකරන ලෙසයි. එමෙන්ම අත්‍යාවශ්‍යම නම් පමණක් තමාගේ පවුලේ එක් අයකු සමග කෙටි එළිමහන් ව්‍යායාමයක යෙදීමට ඉඩ ලබාදෙන බවත් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට අවසර ඇති බවත් හෙතෙම සඳහන් කළේය. නිවසේ සිට තම රාජකාරී කළ යුතු බව සඳහන් කළ අගමැතිවරයා කියා සිටියේ එම කාර්යය නිවසේ සිට නිම කිරීමට නොහැකි අවස්ථාවක දී පමණක් නිවසෙන් බැහැර විය හැකි බවයි.
වසංගතය මර්ධනය කිරීමේ කටයුතු සඳහා විශ්‍රාමලත් වෛද්‍යවරු 7,500ක් නැවත සේවයේ යෙදවීමට නියමිතය.
''මෙවැනි ක්‍රියාමාර්ග ඉතිහාසයේ කිසිම දිනක අරගෙන නැහැ. මේ රෝගය අප මර්ධනය කළ යුතුයි. නමුත් අපි ඒ සඳහා ගන්නා පියවර හේතුවෙන් සිදුවන හානිය විශාලයි. මිනිසුන්ගේ එදිනෙදා ජීවිත අඩාලවන අතර, ඔවුන්ගේ ව්‍යාපාර සහ රැකියා පවා අවදානමට ලක්වනවා. " යැයි අගමැතිවරයා කීවේය.
'' මා ඉතා සරළව මෙය කියන්නම්. අප සියලු දෙනාට බොහෝ දේ කිරීමට කාලය පැමිණ තිබේ. ඔබ නිවසේ ම සිටිය යුතුයි." යැයි හෙතෙම අවසාන වශයෙන් පැවසීය.
මේ අනුව බ්‍රිතාන්‍යයේ නිවෙස්වලට කොටුවී සිටින ප්‍රමාණය ලක්ෂ 664ක පමණ බව සඳහන් වේ.
(බීබීසී ඇසුරිණි - 085)
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
බ්‍රිතාන්‍යයට ඇතුළුවීම-පිටවීම තනහම්
de silva Tuesday, 24 March 2020 05:51 AM
මහා නාහෙට අහන්නේ නැති පණ්ඩිත මනුස්සයෙක් ජතිවාදය අවුස්සවමින් එංගලන්තේ යුරෝපා සංගමෙන් ඉවත් කරගන්න විශාල සටනක් දුන්නා... ඕක කරන්න දැන්ද මතක් වුනේ? යුරෝපයේ අනෙකුත් රටවල් ඔය පියවර ගත්තේ දැනට සතියකට කලින් , යුරෝපයේ ඔස්ට්‍රියා, ජර්මනි එක්ක සන්සන්දනය කරනකොට එංගලන්තේ සෞඛ්‍ය සේවය තිබෙන්නේ ඉතා පහත මට්ටමක, ජර්මනියේ ලෙඩ්ඩු 25000 කට අසන්න සංඛ්‍යාවක් ඉඳල මැරිලා තිබෙන්නේ 97 කි , එංගලන්තේ 6000 කට අසන්න ප්‍රමාණයක් ඉඳලත් මරණ 335 සිදුවී ඇත , මේ ගොල්ල එක්ක බලනකොට ලංකාවේ අපි කොරෝන මර්ධනය අතින් ඉදිරියෙන් සිටිනවා.