IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


බ්‍රිතාන්‍යයට එන සංචාරකයන්ට දින 14ක නිරෝධායන කාලසීමාවක්

කොරෝනා වයිරස වසංගතයේ දෙවන රැල්ලක් ඇතිවීම වැළැක්වීම සඳහා විදේශයන්ගෙන් පැමිණෙන්නන් දින 14ක නිරෝධායන කාලසීමාවකට යටත් කිරීමට තීරණය කර ඇතැයි බ්‍රිතාන්‍ය රජය පවසයි.

ජුනි මස මුල සිට මෙම සැළැස්ම ක්‍රියාත්මක කිරීමට ගුවන් සමාගම් වෙත උපදෙස් දී ඇති බවත් සංචාරකයන් ස්වයං හුදකලාවීමේ ස්ථානයේ ලිපිනය ගුවන් සමාගම් වෙත දැනුම් දිය යුතු බවත් මේ සම්බන්දව වාර්තා කරන ටයිම්ස් පුවත්පත පවසයි.

බලධාරීන් විසින් මේ ක්‍රියාව අධීක්ෂණය කරන බවත් නීති කඩකරන බව පෙනී ගියහොත් දඩ හෝ පිටුවහල් කිරීමකට මුහුණ දීමට සිදුවන බවත් එහි සඳහන් වේ.

"මෙම පියවර බ්‍රිතාන්‍ය ජනතාව ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇත. එය වයිරස සම්ප්‍රේෂණය අඩු කිරීමට උපකාරී වනු ඇත." යනුවෙන් රජයේ මූලාශ්‍ර උපුටා දක්වමින් ටයිම්ස් පුවත්පත පවසයි.

කෙසේ වුවද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලය හෝ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය මේ සම්බන්දව කිසිදු අදහසක් දක්වා නොමැත.

බ්‍රිතාන්‍ය ගුවන් සමාගම් මෙම තීරණය සම්බන්දව අප්‍රසාදය පලකර ඇති අතර එමගින් ගුවන් සේවා කර්මාන්තය බිඳවැටෙනු ඇතැයි පවසා තිබේ.

ගුවන්තොටුපල ක්‍රියාකරුවන් පවසා ඇත්තේ එම නිරෝධායන නීතිය හේතුවෙන් ගුවන් සේවා කර්මාන්තයට හානි සිදුවන බවයි. අගුලු දැමීම් ඉවත් කළ ද මිනිසුන් ගමන් බිමන් යෑමෙන් වැළකී සිටිනු ඇතැයි ඔවුහු පවසති.

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ එය ගුවන් සේවා කර්මාන්තයට පමණක් නොව ආර්ථිකයට ද විනාශකාරී බලපෑම් ඇති කරන බවයි.

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මේ වනවිට බ්‍රිතාන්‍යයේ මරණ 31 241ක් සිදුවී ඇති අතර ආසාදියන් 211 364ක් තහවුරු කරගෙන තිබේ.


(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
 



අදහස් (6)

බ්‍රිතාන්‍යයට එන සංචාරකයන්ට දින 14ක නිරෝධායන කාලසීමාවක්

lanka Saturday, 09 May 2020 05:04 PM

එහෙට එන අයට 14 නම් එහෙන් එන අයට දින 28 ක් වත් නිරෝදායනය කල යුතුයි . මොකද කොරෝනා පාලනය අසාර්ථකම රටක් තමයි බ්‍රිතාන්‍ය. එහෙන් එන කාට තියෙනවද දන්නේ නැහැ ඕක...

:       4       77

siri Saturday, 09 May 2020 05:05 PM

තිස් දෙදාහක් මියගොස් ලක්ෂ දෙකකටත් වැඩිය ලෙඩ වෙනකල් ඉඳල දැන් තමයි නිරෝධායනය කරන්න කල්පනා කරන්නේ. එංගලන්තයේ කාටවත් මේ ලෙඩේ පැතිරෙන එක නවත්වන්න හරි හමන් අවශ්‍ය තාවයක් නැතුවා වගෙයි පෙනෙන්නේ. එකක ඇඳන් 4000 ක් තියෙන ඉස්පිරිතාල 6ක් සති දෙකෙන් හැදුවා. මාස දෙකක් ගිහින් දැන් ඒවායේ වැඩට හෙදියෝ නැහැ කියල තප්පු ලනවා. ලක්ෂ දෙකක් ලෙඩ්ඩු ඉන්න රටේ මේ නවීන රෝහල් වලට තවම ලෙඩ්ඩු 50 ක්වත් ඇතුල් කරගෙන නැහැ.

:       2       174

vidya Saturday, 09 May 2020 06:22 PM

අද පැවැත්වූ ඇහැරෙන්න කියන සාකච්චාවෙදී ආරක්ෂා සහිතව සඳුදා සිට පොදු සහ පුද්ගලික වාහන වල ගමන් කිරීමෙ ක්‍රියාවලිය පිලිබදව කරුණු රාශියක් සාකච්චා කළා. එය ඉතාම වැදගත් සාකච්චාවක්... බොහොමයක් පිටරැටියන් ලංකාවට එනවිට විශේෂයෙන්ම පුරාන බෞද්ද නටබුන් නැරඹීමට යනවා. බොහෝ සිද්දස්ථාන වල සහ සීගිරියේ පවා පිරිසදු වතුර සහ පිරිසිදු වැසිකිලි පහසුකම් නැති කම... මෙය ඉතාම වැදගත් කරුණක්... මොන ක්‍රම වේද කතා කලත් පිරිසිදු කම පිලිබදව අවධානය නොදෙව්වොත් සංචාරකයන් එම ප්‍රශ්නයක් වෙන්න පුළුවනි. එමෙන්ම පොදු ස්ථාන වල තිබෙන වැසිකිලි පහසුකම් නිතරම පිරිසිදු කිරීම වග කීමකින් යුතුව කල යුතු දෙයක් . මේ දිනවල බොහෝ අයට ආහාර වේල සොයා ගන්න බැරිව ඉන්න අවස්ථාවක මහජනයා මත සෑම වගකීමක්ම පැවරුවොත් එම කර්තව්‍ය ඉටු නොවෙනු ඇත .

:       0       115

rasika Saturday, 09 May 2020 10:12 PM

දැන් ලංකාවෙන් එංගලන්තයට යන අය එහෙ එයාර්පෝර්ට් එකෙදී කලබල කරයිද දන්නේ නැහැ... නිරෝධායනයට යන්න බැහැ කියලා... එහෙම නැතිනම් හෝටල් වලට යන්න ඕනෙ කියලා..., එහෙම වුණොත් එංගලන්තයේ තියෙන හිල්ටන් හෝටලේ හිස් කරලා දෙයි නේද? ලංකාවෙන් යන අයට... අපි බලමු මොකද වෙන්නේ කියලා...

:       0       0

Prabha Saturday, 09 May 2020 10:47 PM

මේ වෙලාවේ එංගලන්තයේ සංචාරයේ යනවා නම් ඉතින් ඔලුවේ අමාරුවක් තියෙන කෙනෙක් වෙන්න ඕනෙ..

:       0       0

de silva berlin Sunday, 10 May 2020 05:58 AM

දැන් තිබෙන්නේ අවුරුදු 20 -30 කට කලින් තිබුණු එංගලන්තය නොවේ.. පිරිහුණු සෞඛ්‍ය සේවයක් සහිත ණය බරින් පීඩිත වුණු, පිරිහුණු ආර්ථිකයක් සහිත එංගලන්තයක්, යුරෝපා සංගමෙන් ඉවත්වුණු පසුව තත්වය තවත් දරුණු වෙලා. පිස්සු කතාකරනවා..., මේ වෙලාවේ එංගලන්තෙට ගිහින් මැරෙන්න කැමති සංචාරකයා කවුද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

තරුණයාට දස වද දුන් පොලිස් ලොක්කෝ 3ක් ගෙදර
2025 පෙබරවාරි මස 05 25 0

අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක


දිමුත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
2025 පෙබරවාරි මස 05 45 0

ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක, ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිලවශයෙන් අද (5) නිවේදනය කළේය.


විටමින් පෙත්ත සිසුන් 18 රෝහලට යවයි
2025 පෙබරවාරි මස 05 105 0

පාසලෙන් ලබා දුන්නේ යැයි කියන විටමින් පෙති පානය කිරීමෙන් පසු ආසාත්මික තාවයක් හේතුවෙන් සිසුන් 18 දෙනකු ප්‍රතිකාර ලබාදිම සදහා අනුරාධපුර පයිරිමඩුව ප්‍රා


රටේ හැමෝම නීතියට යටයි
2025 පෙබරවාරි මස 05 377 0

ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් නොවෙයි මේ රටේ කිසිවකුටත් නීතියට උඩින් යා නොහැකි බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.


මන්ත්‍රීවරුන්ට වාහන දෙන හැටි නලින්ද කියයි
2025 පෙබරවාරි මස 05 562 2

ජාජබ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දෙන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


විපක්ෂයේ හැමෝම සජිත්ගේ නිවෙසට
2025 පෙබරවාරි මස 05 645 3

පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 771 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 740 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site