IMG-LOGO

2024 දෙසැම්බර් මස 22 වන ඉරිදා


බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ 980 දක්වා ඉහළට

බ්‍රිතාන්‍යයේ පසුගිය පැය 24 තුළ කොරෝනා ආසාදිත මරණ 980 ක් සිදුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය මැට් හැන්කොක් පවසයි.

මෙය බ්‍රිතාන්‍යයේ එක් දිනක් තුළ සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව වේ.

ඒ අනුව එරට සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 8 958ක් දක්වා ඉහල ගොස් තිබේ.

පාස්කු නිවාඩු ලැබී තිබුණ ද උණුසුම් කාළගුණ තත්ත්වයක් පැවතිය ද මෙම අවදානම් තත්ත්වය හමුවේ නිවෙස් වලින් බැහැර නොයනැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා බ්‍රිතාන්‍යයන්ගෙන් ඉල්ලා ඇත.

මෙවර පාස්කු උත්සවය බ්‍රිතාන්‍යයන්ගේ අධිෂ්ඨානය සම්බන්ද තවත් පරීක්ෂාවක් වනු ඇතැයි ද ඔහු පැවසීය.

අගමැති බොරිස් ජොන්සන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බවද හැන්කොක් මහතා තහවුරු කළේය.

අගමැතිවරයා නොමැති වුවද වසංගතය පාලනය කිරීම සඳහා බ්‍රිතාන්‍ය රජය කාර්යක්ෂමව ක්‍රියාත්මක වන බවද අගමැතිවරයා විසින් විදේශ අමාත්‍යවරයා ලෙස පත්කරන ලද ඩොමිනික් රාබ් විශිෂ්ඨ ලෙස කටයුතු කරමින් සිටින බවද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පලකර සිටියේ ඩවුනින් වීදියේ පැවලි ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

බ්‍රිතාන්‍යයේ මේ වනවිට කොරෝනා වයිරස ආසාදිතයින් 73 758ක් වාර්තා වී ඇති අතර 344 දෙනකු සුව වී තිබේ.

(රෝයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (0)

බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ 980 දක්වා ඉහළට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙමටගොඩ ගුවන් පාලම යට බිළිදියකගේ සිරුරක්
2024 දෙසැම්බර් මස 22 121 0

දෙමටගොඩ ගුවන් පාලම යට බිලිඳියක් දමා ගොස් තිබියදී සොයාගත් බව පොලිසිය කියයි .


කොල්ලකෑමේ යෙදුණ නාවික සෙබළා පොලිස් දැලේ
2024 දෙසැම්බර් මස 22 114 0

කොල්ල කන ලද යතුරු පැදියකට ව්‍යාජ ලියා පදිංචි අංක තහඩු සවිකරගෙන කොල්ලකෑම් ගණනාවක් සිදුකළ හිටපු නාවික සෙබලෙකු ඇතුළු දෙදෙනෙකු රුපියල් කෝටියක ට අධික රන


මාලිගාකන්ද උසාවිය අසළ වෙඩි තැබීමේ සිද්ධියට 5ක් අත්අඩංගුවට
2024 දෙසැම්බර් මස 22 322 0

මාලිගාකන්ද උසාවිය අසලදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු, පැදිකරු ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය සහ


හාලිඇල වැවක කාන්තා මළ සිරුරක්
2024 දෙසැම්බර් මස 22 278 0

හාලිඇල ගලඋඩ බූලුගහමඩවැවේ පාවෙමින් තිබූ කාන්තා මළසිරුරක් අද (22) සොයා ගත් බව කන්දේගෙදර පොලිසිය පවසයි .


තැනින් තැනට අදත් වැසි
2024 දෙසැම්බර් මස 22 76 0

බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මහනුවර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැස


කොළඹට ආ පාවෙන රෝහල
2024 දෙසැම්බර් මස 22 1016 0

මහ සයුරේ රෝහල යන නමින් ද හැඳින්වෙන චීනයේ ’පීස් ආර්ක්’ හමුදා රෝහල් නෞකාව, මේ වනවිට කොළඹ වරායට සේන්දු වී ඇත. නෞකාව කොළඹ වරායට සේන්දු වූයේ සිය ලෝක චාරිකාව අ


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 39 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 30 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site